IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මැතිසබයට එළු මස් නවතී

(සුජිත් හේවාජුලිගේ )

මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට  එක් කෙරුණු  එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්  ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

අධික මිල ගණන් හේතුවෙන් එළු මස් සැපයීම මෙසේ නතර කළ බව පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ එළු මස් ව්‍යංජනය බොහෝ මන්ත්‍රීවරුන් අතර ජනප්‍රිය වූ ආහාරයක්විය.

මේ අතර  පාර්ලිමේන්තු දිවා ආහාර වේලට ඇතුළත් කෙරුණු ආහාර වර්ග ප්‍රමාණයද (Items ) අධික මිල ගණන් හේතුවෙන් අඩු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වාර්ෂිකව වැය කරෙන මුදල රුපියල් කෝටි 12 කට ආසන්නය. එසේම පාර්ලිමේන්තුව දිනක් රැස් කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ බොහෝ වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන්  එහි  කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තා වෙයි.



අදහස් (18)

මැතිසබයට එළු මස් නවතී

රෝහිත සමරකෝන් Saturday, 22 April 2023 11:14 AM

මම ජීවත් වෙන්නේ ප්‍රංශයේ.. මෙහේ පාර්ලිමේන්තුවේ වත් දවසක වියදම මෙච්චර නැහැ. ඇයි මේ තරම් වියදම් කරන්නේ...? රුපියල් කෝටියක් කියන්නේ යුරෝ 30,000ක් විතර.. එච්චර මුදලක් දවසකට පාර්ලිමේන්තුවේ නිකමුන්ට වියදම් කරොත් මෙහේ මිනිස්සු පාර්ලිමේන්තුව ගිනි තියයි.

:       1       49

සුනෙත් හේමන්ත Saturday, 22 April 2023 11:17 AM

පාර්ලිමෙන්තුවේ ඉන්නේ හිඟන්නෝ නෙමෙයි, ඔය මුදල්වලින් අසරණ මිනිස්සුන්ට කෑමදෙන්න. ඒක ලොකු පිනක්. රට කොහේ දියුණු වෙන්නද හැමදේම පිනට අරගන්න බූරුවෝ ඉන්නකන්... රට වැසියෝ අන්ත දුක් විඳිනවා... මොවුන්ට රජ සැප...

:       0       41

ravin Saturday, 22 April 2023 12:58 PM

ඔතන ඉන්න කට්ටිය පොදු ජනයාගේ රීරි මාංශය උරාගෙන කන ආකාරයට දෙන්න ඕනේ බලුමස්... එළු මස් නොවේ....

:       1       31

රෝහිත Saturday, 22 April 2023 01:08 PM

සතපහක වැඩක් මහ ජනතාවට නොකරන පාර්ලිමේන්තුවේ ඉන්න නිකමුන්ට දවසකට ඇයි මේ කෝටියක්..? මං ජීවත් වෙන්නේ ප්‍රංශයේ... රුපියල් කෝටියක් කියන්නේ මෙහේ යුරෝවලින් 30,000 ක් වගේ මුදලක්..මේ වගේ ගානක් දවසකට මෙහේ පාර්ලිමේන්තුවට කවදාවත් වියදම් කරන්නෙ නෑ...එහෙම කරොත් මිනිස්සු ගිනි තියයි පාර්ලිමේන්තුව...

:       1       20

Ruhunu Saturday, 22 April 2023 02:16 PM

දෙන්න ඕනේ රිලා මස්...

:       1       26

Kumara Saturday, 22 April 2023 02:25 PM

මොවුන්ට බලුමස් තමයි හොඳ...!

:       1       25

කසුන් Saturday, 22 April 2023 02:32 PM

මේ අමන මරි මෝඩ කපටි මැරයින්ගේ සභාව රැස්වෙන දවසට නැවුම් පළතුරු හෙලිකොප්ටරයක් යොදවා කෙලින්ම පිටරටින් ගෙන්වන බව මම අසා තිබෙනවා. කොහොම වියදමක් ඇද්ද?

:       2       21

පුරවැසියෙක්... Saturday, 22 April 2023 02:55 PM

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි..., රට පත්ව ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කිරීම වෙනුවෙන් දිනකට රුපියල් කෝටියක් වැයවීම සම්බන්ධයෙන් සොයාබලන්න. මෙය අඩකින් අඩුකිරීමට ඔබතුමන්ට හැකි බව අපි දන්නෙමු. රට වෙනුවෙන් සෘජු තීරණ ගතහැකි කශේරුකාවක් ඇත්තේ ඔබතුමන්ට පමණක් බව, රටේ ජනතාවට ඒත්තු ගොස් ඇත...

:       18       15

PereraSunday, 23 April 2023 01:16 AM

ලංකාවේ බහුතර මෝඩ පුරවැසියන්ට දිව්‍යෙලා්කෙන් පහල වුණ දායාදේ නේ රනිල්. තව ටික දවසකින් රනිල් ලංකාව දිව්‍ය ලෝකයක් කරයි නේද??

:       3       1

දිලන්ත Saturday, 22 April 2023 04:51 PM

පාර්ලිමේන්තුව පැවැත්වීමට දිනකට කෝටියක් ඉක්මවා වියදම් කරන්නේ ජනතාවගේ මුදල් නේද? ඇත්තටම රටේ මිනිස්සු කෑම කන්නේ කොහොමද කියලා දන්නේ ලිප විතරක් වෙන්න පුළුවන්... ඇත්තටම පාර්ලිමේන්තුවේ කෑම මෙතරම් සුඛෝපභෝගි නොවී සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් නැත්නම් අන්ත දුප්පත් පවුල්වල අය මෙන්ම දරුවන්ට ලැබෙන ආහාර වේලක් (රටේ ජීවනාලිය වන ගොවීන්ගේ, කම්කරුවන්ගේ) රස බලන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලුවන් හා දහසක් ඉක්මවා සිටින නිලධාරින්ට අදහසක් පහළ වේවා...!

:       1       6

දාස Saturday, 22 April 2023 05:49 PM

මේ අයට කන්න දෙන්න ඕනෙ තණකොළ...

:       1       12

don Saturday, 22 April 2023 06:27 PM

කට්ටියගේ සයිස් එක දැක්කාම හිතාගන්න පුළුවන්... කොහොම කෑමක් කනවා ඇතිද කියලා... මේ රටේ සාමාන්‍ය ජනතාව ලෙවකාලා මොවුන්ට රජබොජුන් දන්සැලක් දෙනවා.

:       1       15

Bamunuarachchi Saturday, 22 April 2023 07:20 PM

ජනතාව බඩගින්නේ තියලා මේ හාල්පාරුවෝ එළුමස් කනවාද? මොවුන්ට කවන්න ඕනේ මිනීමස්...

:       1       10

සකල බුජංSaturday, 22 April 2023 10:03 PM

කවන්න අවශ්‍ය නැහැ උන් කන්නෙ රට කෑමට අතුරු පස ලෙසට මිනීමස් තමයි මොකද නැත්නම් පඩංගුවකින් වැසුණු මැණිකක් වගේ රටක මිනිස්සුන්ට ජීවත්වෙන්න මෙතරම් දුක් විදින්න තියෙන අවශ්‍යතාව මොකක්ද?

:       1       2

එලූමස් බදින හරක්....දීපියව් පූන්නක්කු Sunday, 23 April 2023 04:24 AM

එලූමස් බදින හරක්....දීපියව් පූන්නක්කු. එකත් හොද වැඩියි. කවපියව් අසූචි.

:       1       2

Rata Perata Sunday, 23 April 2023 12:20 PM

මම නම් හිතන්නේ ඔතන ඉන්න අම්බරුවෝ එකඑක කැන්ටිමට ගත්තානම් රටට සෙතක්. සමහර අය සතියකට ඇතිවෙන තරම් විශාලයි කොහොමත්...

:       1       3

Mohan Perera Sunday, 23 April 2023 11:14 PM

අසරණ රටවැසියා දරුවන් හාමතේ ඉඳිද්දී ඒ අසරණයින්ගේ බදු මුදලින් රසමසවුළු බුදින මේ කාලකන්නින්ට ලේ බඩ ගොස් මකබෑ වේවා...

:       0       1

Bunny Preena Monday, 24 April 2023 09:23 AM

කිසිම ලැජ්ජාවක් සහ හිරිකිතයක් තියෙනවා නම් මොවුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙලා මෙම ආහාරවේල නිදහස් කරන්නට කටයුතු කරන්න ඕනේ... එහෙම දෙයක් සිදුවන වැදගත් පවුල්වලින් පැවත එන අය පාර්ලිමේන්තුවට එන්න ඕනේ. එහෙම අය දැනට එතන නැහැ. කෙනෙක් දෙන්නෙක් හැරෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 185 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 787 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 836 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 708 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1489 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 586 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 95 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site