(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාරක සභා හතරකට නව සාමාජිකයන් පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සාමාජික ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද නම් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා නම් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම හේතුවෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා නම් කරනු ලැබ සිටී .
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127(3) හි විධිවිධාන ප්‍රකාරව, 2021 අගෝස්තු 05 දින රැස්වූ තේරීම් කාරක සභාව මෙම නම්කිරීම් සිදු කළ බවද කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිසබයේ කාරක සභා හතරකට නව සාමාජිකයෝ
Lalith M Friday, 06 August 2021 01:44 PM
අතන, මෙතන රතනත් ඉන්නවා. කාරක සභාවට රත්නත්‍රයේ පිහිටම තමයි...
මැඩියා Friday, 06 August 2021 02:02 PM
කටිං බතල,... සංජීව එදිරිමාන්නත් ඉන්නවා කියහංකෝ. පොල්පිත්තක් දාපල්ලකෝ... ඊට වඩා හොඳයිනේ. මේ අයටනේ අපි ඡන්දෙ දුන්නේ අනේ අම්මපා...
Hafeel Friday, 06 August 2021 03:19 PM
ඒ කියන්නේ රතන හාමුදුරුවෝ දිගටම පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා කතානායක නොකියා කියනවා. රතන හාමුදුරුවෝ මාස හයෙන් ඉල්ලා අස්වනවා කියලා එම පක්ෂය තවමත් කියනවා. කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ කියලා ඒ ගොල්ලෝ තමයි දන්නේ... මේ තත්වය උඩ කොහොමද මේ ගොල්ලන් ජනතා ප්‍රශ්න විසඳන්නේ..?