IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මැතිසබය වටා වැලි කොට්ට

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

අධික වර්ෂාව සමඟ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස  ඉහළ යෑම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් වැසි තත්වය  ඉදිරි දිනවලද දිගින් දිගටම පැවතියහොත්  එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවත්  ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව  දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීම  පෙරේදා(15) සිට ආරම්භ කළේය.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළින් පිහිටි කමිටු කාමරවල පුටු මේස සියල්ලද ආරක්ෂක පියවරක් ලෙස එහි  පළමු මහලට රැගෙන යනු ලැබීය.

පාර්ලිමේන්තු  පරිශ්‍රයට ජලය පැමිණියහොත් මුලින්ම යට වන්නේ පහළින් පිහිටි කමිටු කාමර හෙයින් එහි ප්‍රධානීහු  මෙලෙස පියවර ගත්හ.

මේ අතර දියවන්නාවේ ජල මට්ටම පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමක් සහ  පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් නිරන්තර සෝදිසියෙන් පසුවෙති.

දියවන්නාවේ සෝදිසි කටයුතු සඳහා  අමතර යාත්‍රා කිහිපයක්ද යොදවනු ලැබ ඇත.

ඉහළ ප්‍රදේශවලට පතිතවන වැසි හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම මෙලෙස ඉහළ  යන බව වාරිමාර්ග ඉංජිනේරුවරු පවසති.



අදහස් (5)

මැතිසබය වටා වැලි කොට්ට

ravin Monday, 17 October 2022 12:58 PM

බැරිද ඔය වැලි කොට්ට ටික ඔකේ ඉන්න අයගේ කටවල් වලට අතුරලා තදින් බඳින්න.

:       0       4

පෙනුම Monday, 17 October 2022 01:07 PM

පෙනුමෙන්ම ඇඟේ බර වැඩි මැති ඇමතිලාට දියවන්නාවට එන්න එපා කියන්න ඒ අයගේම ආරක්‍ෂාව වෙනුවෙන්..! මොකද කරදරයක් උනොත් දුවන්න කකුල් දෙකට දරාගන්න බැරි ඇඟවල්නේ ඒ අයට තියෙන්නේ ... හා..ද..?

:       0       6

sharm warn Monday, 17 October 2022 01:11 PM

ඔය ඇතුලේ ඉන්න ඔක්කොම ගිලෙනවානම්...

:       0       4

chandima Monday, 17 October 2022 01:25 PM

අන්තිමේ දෙවියන් බැලුවා එහෙනම්... මිනිස්සු ගැන අනුකම්පා හිතෙන්න ඇති?

:       0       3

Rexi Monday, 17 October 2022 02:30 PM

ඇයි වැලි කොට්ට, ඕකෙ ඉන්න තරමක් ඉන්නේ පිටි කොට්ට වගේ කට්ටියනේ. ඉතින් එයාලව පාර්ලිමේන්තුව වටේ තියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 389 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1732 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1400 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1346 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 882 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 697 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25597 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site