IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මැතිසබේ අනංගයන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට  සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන    හිංසනයන් සහ  අඩම්තේට්ටම් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ මේ ගැන  තමා  විමර්ශනයක් කඩිනමින්  පවත්වා සුදුසු පියවර ගන්නා බවයි.

සිද්ධිය සුළුකොට නොතකන බවද  ඇය වැඩිදුරටත්  ප්‍රකාශ කළාය.

තමන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් විවිධ හිංසන සහ අඩන්තේට්ටම් සිදුවන බවට  පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ තරුණියෝ පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි  කළහ.

තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ හිංසනයන් සිදුවන බවත් මෙවැනි  කටයුතුවලට  අවනත නොවන්නේ නම්   විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ  පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින  තරුණියෝ   විශේෂ දුරකථන අංකයක්(හොට් ලයින්)  හඳුන්වා දුනහොත්  මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු රහසිගතව පැවැසීමට සූදානම් බවද  සඳහන් කරති.

සමහර සේවිකාවන් තම රැකියා නැතිවේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා  බියවී සිටින බව වාර්තා වේ.

මේ අතර  විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ගෘහ පාලන අංශයේ තරුණියන්ට සිදුවන්නේ යැයි පැවසෙන අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.



අදහස් (4)

මැතිසබේ අනංගයන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

ජෝන් Tuesday, 01 August 2023 12:09 PM

අපිට මතකයි එක පාරක් කොකේන් ගහන මන්ත්‍රීලා හොයන්නත් පරීක්ෂණයක් තිබ්බනේ. එකෙක් ප්‍රසිද්ධියේම මුත්‍රා කලේ. ඒවාට මොකද වුනේ?

:       0       0

පැරකුම් Tuesday, 01 August 2023 12:20 PM

දියවන්නාවේ අපතයින්ගෙන් ලැබෙන ආදර්ශ නිසා වෙන්නැති ඕවා සිද්ද වෙන්නේ...

:       0       0

ravin Tuesday, 01 August 2023 03:27 PM

වැඩිපුරම කපුටාස් ගැවසෙන තැන්වල අනිකුත් කසලවලට කැමැති ගැවසීම ස්වභාවිකයි.

:       0       1

Lalla Wednesday, 02 August 2023 09:29 AM

රූමත් සේවිකාවන්....රාජ්‍ය අංශයේ... අහන්න සතුටුයි... අනංගයන්ගේ අනවශ්‍ය අංග ඡේදනය කරවන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 208 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 1079 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 189 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 1859 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


රත්මලානේ ගණිකා නිවසක් වටලයි
2024 ඔක්තෝබර් මස 15 514 0

රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව


හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට පැය 5ක් බාධා
2024 ඔක්තෝබර් මස 15 1029 0

කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1432 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site