(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේ ඊයේ පුපුරා ගියේ නීතිඥ ප්‍රජාව සහ නීති ක්ෂේත්‍රය තුළ අලු යට ගිනි පුපුරක් සේ දැල්වෙමින් තිබූ දෙයක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
එක හුදකලා සිද්ධියක් හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රය ගැන සැකයක් ඇති කර නොගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ අමාත්‍යවරයා ඊයේ සිද්ධිය ගැන අධිකරණ ක්ෂේත්‍රයද හිත් රිදවීමක් ඇති කරගැනීමට අවශ්‍ය නැතැයි ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෙතන ගැටුමක් නැතැයිද ඔහු කීවේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර මෙතන ගැටුමක් නෑ.
එහෙම යෝජනාවක් නෑ. පාර්ලිමේන්තුව ඊයේ පක්ෂ භේදයෙන් තොරව තීරණයක් ගත්තා. මහජන මතයට එකඟ වෙන්න. ඊයේ පාර්ලිමේන්තුවේ පිළිඹිබු වුණේ මහජන මතය.
එක් අධිකරණයක් දුන් නියෝගයක් පිළිබඳව යම් මතයක් තිබෙනවා. මේක විධායකය හා අධිකරණය අතර ගැටුමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතුයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
අද මෙම යෝජනාව මහජන මතය ප්‍රබල ආකාරයට පෙන්නුම් කිරීමක්.
ඒ හුදකලා සිද්ධිය ගැන අධිකරණය ගැන මේ පාර්ලිමේන්තුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. නීති ක්ෂේත්‍රය තුළ නීතිඥ ප්‍රජාව තුළ මේක අළු යට ගිණි පුපුරක් සේ කතා වෙමින් තිබුණු කාරණයක්. ඒක තමයි ඊය පුපුරලා ගියේ. නමුත් ඒ කතාව සන්නිවේදනය වුණු ආකාරය අනුව
බොහෝ විනිසුරුවරුන් නීතිඥ අපහසුතාවයකට පත්වෙලා සිටිනවා.
මහජන මතයට ගරු කිරීමට ඕනෑම ආයතනයක අය බැඳී සිටිනවා.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක්
ravin Thursday, 09 November 2023 01:07 PM
මේ තියෙන්නේ ගින්දර ටිකක් නේද? විජේදාසගේ පුතා කමිටුවට පත් කළේ ඇයි?
Mahasen Thursday, 09 November 2023 01:51 PM
පාර් ලිමේනතුවෙ පුපුරලා ගිය හින්ද හොඳයි.
ගමේ එකාලා Thursday, 09 November 2023 03:11 PM
ඩීල්දාසගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
විජිත් Thursday, 09 November 2023 05:55 PM
අනාගතයේ එක සුන්දර දවසක... ,ඔය පාර්ලිමේන්තුව එහි අරක්ගෙන ඉන්න හොරු 225 යි රටේ ලොකුයි කියලා හිතාගෙන ඉන්න " නාකි "පිනා" ත් එක්කම පුපුරලා විනාශවෙලා ගිය දවසට තමයි මේ රටට සෙතක් වෙන්නේ.
Ragul Friday, 10 November 2023 02:10 AM
විජිත් කියන්නේ අනාගතයේ එක් සුන්දර දවසක 225ම පුපුරලා යෑම හොඳයි කියලා නේද? ඒ 225ට ජේවීපී එකේ තුන්දෙනත් ඇතුළුයි කියලා අමතකද?