IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


මැතිසබේ විනය ආරක්ෂා කරන්න නව නීති පද්ධතියක්

(අංජුල මහීක වීරරත්න)

පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

පසුගිය දින 52 තුළ පාර්ලිමේන්තුවේ ඇති වූ අවාසනාවන්ත සිද්ධි පිලිබඳව  අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මතුවන එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම පිණිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත තීරණයට එළැඹ ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවැසීය.

විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ විනය රැකීමට ගත යුතු නීති ප‍්‍රතිපාදන රජයේ අනුමැතිය සහිත යෝජනාවක් ලෙස ගෙන ඒමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ විනය රැකීමට ගත යුතු උපරිම ක‍්‍රියාමාර්ග පිලිබඳව  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් සමඟද පෞද්ගලිකව සාකච්ඡා කර ඇත.

බි‍්‍රතානය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය සහිත රටවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විනය ආරක්ෂා කිරීමට නීතියෙන් ගෙන ඇති පියවර ගැන අධ්‍යයනය කොට වාර්තාවක් දෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් ලබා දී ඇති අතර රටට ආදර්ශයක් වන ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමත් ඒ වෙනුවෙන් ගත යුතු පියවර පිලිබඳවත් අග‍්‍රාමාත්‍යවරයා ඉදිරි දිනක පාර්ලිමේන්තුවේදි විශේෂ ප‍්‍රකාශයනක් කිරීමට නියමිතව ඇතැයි අග‍්‍රාමාතය කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු ලංකාදිපයට පැවැසීය.



අදහස් (0)

මැතිසබේ විනය ආරක්ෂා කරන්න නව නීති පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමෙරිකාව හෙල්ලෙයි
2025 අප්‍රේල් මස 15 813 0

රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.


සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි
2025 අප්‍රේල් මස 15 518 0

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය


අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි
2025 අප්‍රේල් මස 15 877 0

අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුද


’’නඩු තීන්දු අපිට දෙන්න’’ මැකොගෙන් ඉල්ලීමක්
2025 අප්‍රේල් මස 15 407 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එම පෙත්සම් වල හා නඩු තීන


කෞතුක වස්තු නඩත්තුවට දුන් මුදලින් පුටු මේස අරන්
2025 අප්‍රේල් මස 15 383 0

පුරාවිද්‍යාත්මක ස්ථානවල නඩත්තුව සඳහා 2023 වසරේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වෙන්කරනු ලැබූ ලක්ෂ හැට දෙකකට අධික මුදලින් ලක්ෂ 39ක් වැය කර කාර්යාල උපකර


සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක්
2025 අප්‍රේල් මස 15 592 0

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 128 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 281 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 902 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site