IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මැතිසබේ විසිරවීමෙන් කාරක සභා 50 ක් අහෝසියි

( +++ සුජිත් හේවාජූලිගේ)

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා පනහකට ආසන්න සංඛාවක් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමත් සමග අහෝසි වී ගිය බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ‘ලංකාදීප‘යට පැවසීය.


කෙසේ වෙතත් උසස් නිලතල වලට පුද්ගලයන් පත්කිරීම ඇතුළු කටයුතු සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසිරුවා හැරුණ ද අහෝසි වී නොයන බව ඔහු කීය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමගම කතානායක ධූරය ද අහෝසි වන නමුත් ඒ කටයුත්තට පමණක් සීමා වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැස්කරවීමට හිටපු කතානායකවරයාට බලය හිමිවන බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.

එසේම හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන අවස්ථාවක ඒ යෝජනාව අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස් කිරීමට ද හිටපු කතානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ව්‍යවස්ථාව යටතේ බලය හිමිවී ඇත.

පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමත් සමග මෙසේ අහෝසී වී ගොස් ඇත්තේ ආංශික අධීක්ෂණ කාරක සභා 16 ක් ද අමාත්‍යාංශයීය උපදේශක කාරක  සභා 29 ක් ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාව (කෝප්),  රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා), තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග  පිළිබඳ කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම්  පිළිබඳ කාරක සභාව, සම්බන්ධීකරණ පිළිබඳ කාරක සභාව, මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සබාව ඇතුළු කාරක සභා 50 කට ආසන්න සංඛ්‍යාවක්ය.

මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව පිහිටවනු ලැබීමෙන් පසුව මේ කාරක සභා සියල්ල නැවත පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

 
 



අදහස් (2)

මැතිසබේ විසිරවීමෙන් කාරක සභා 50 ක් අහෝසියි

Gamage Wednesday, 04 March 2020 07:07 AM

අනේ කෝප් සභාවත් විසුරුවනවද? අනේ දැන් කොහොමද දෙපැත්තේම මහා බැංකු හොරුන්ව අල්ලන්නේ... මේ දෙගොල්ලන්ටම සතුටු ඇති... මහජනතාවට තමයි හුලං... දැන් මොනවද කරන්නේ? ආයේ නම් ඔය කෝප් කමිටුවක් පත්කර ගන්නේ නැහැ... මොකද දෙපැත්තේම හොරු එකතුවෙලා හොරකම් කරාවි... හඳුන්නෙත්ති මහත්මයා අපට වීරයෙක්...

:       22       80

Chandima Fonseka Wednesday, 04 March 2020 10:59 AM

ඔක්කොටම වඩා අර අවුරුදු පහෙන් ගසා කන අසාධාරණ පෙන්ෂන් හැට ගානක් අහෝසි වෙච්චි එක නම් ජනතාවගේ බදු මුදල් වලට සිද්ධ වෙච්ච ලොකුම යහපතක්. ඒ හින්ද මම නම් ජනපතිගේ මේ වැඩේට නම් බොහොම සතුටුයි.

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
2025 අප්‍රේල් මස 25 91 0

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 388 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 200 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 569 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 690 4

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 554 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 770 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site