IMG-LOGO

2024 දෙසැම්බර් මස 25 වන බදාදා


මත් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු  විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.  

නුගේගොඩ කොට්ඨාස අපරාධ  විමර්ශන ඒකකයේ ස්ථාපිතව ඇති යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාට සැකකරු මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලද රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකොට සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය ද සමඟ ඊයේ(24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් වූ සැකකරුට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වරෙන්තු කරුවකු ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලද පුද්ගලයෙක් බවත් කප්පම් ගැනීම් හා පහරදීම් මෙන්ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙම සැකකරු සොයමින් සිටි පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.

ඩුබායි රාජ්‍යයේ සිට හඳයා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානතම බෙදුම් කරු ලෙස අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයා සේවය ලබාදී ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

මත් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

නව දුම්රිය සාමාන්‍යාධිකාරී හෙට වැඩ භාරගනී
2024 දෙසැම්බර් මස 25 269 0

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස හෙට (26) වැඩ භාරගනී.


බණ්ඩාරවෙල රිය අනතුරෙන් තුනක් රෝහලට
2024 දෙසැම්බර් මස 25 46 0

බණ්ඩාරවල නගරයේ දී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (25) නත්තල් දා සවස සිදුවූ රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබ


දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක්
2024 දෙසැම්බර් මස 25 1106 0

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට බව දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


සෞඛ්‍යයේ ඉදිරි කටයුතු කෙරෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට නොවේ
2024 දෙසැම්බර් මස 25 915 0

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍


කටුනායක අධිවේගයේ හොරකම් මඩින්න එස්.ටී.එෆ්
2024 දෙසැම්බර් මස 25 990 0

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් හොරකම් නැවත්වීම සඳහා පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේ


‘හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත්කිරීම ගැන අධිකරණයට යනවා‘
2024 දෙසැම්බර් මස 25 2530 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ව


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 77 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 97 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 63 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site