(ලක්මි කුඩලිගම)
මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
මතුගම කළුතර මාර්ගයේ වැල්කන්දල හංදියේදී යතුරු පැදියක් බස් රථයයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ මතුගම අළුත්ගම මාර්ගයේ අළුත්ගම සිට මතුගම දෙසට ධාවණය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් බදුගම හන්දිය අසල නවතා තිබු ලොරි රථයක පටවා තිබු ලී කොටයක ත්‍රිරෝද රථය ගැටීමෙන් බව පොලිසිය කියයි.
යතුරු පැදි අනතුරෙන් මියගොස් ඇත්තේ පැදිකරු වන වැල්කන්දල හංදිය, පාන්තිය, මතුගම යන ලිපිනයේ පදිංචි පල්ලිගොඩ විතානගේ ශාන්ත කමල් (අවු.58) යන අය වන අතර ත්‍රී රෝද රථ ලොරි රථ අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවූ ගලබඩයා ගෙදරවත්ත ඕවිටිගල මතුගම පදිංචි ළමා හේවගේ සුගත්(අවු 49) යන අයවලුන්ය
මෙම අනතුරුවලින් බරපතල තුවාල ලබා දෙදෙනා වෑත්තෑව දිසා රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරු සම්බන්ධයෙන් බස් රථය පැදවු රියදුරු සහ ලොරි රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.
මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශය අනතුරු පිළිබඳව පරික්ෂණ පවත්වයි.
මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ නිල රථය ලෙස බස් රථයක් භාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි පවස
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ අනුදැනුම මත අපරාධයක් සිදු කිරීම සඳහා මෝටර් රථයක් තුළ ටී 56 ගිනි අවියක් සඟවාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකා
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට සැක කරන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව පන්නිපිටිය ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇතැයි
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු රාජ්‍ය නාලිකාවලට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් වරදකරු කරමින් රුස
මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගො
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට