IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මැති ඇමැති ආරක්ෂක ගිනි අවි යළි ගනී

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ  ආරක්ෂක ගිනි අවිය  ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම  බාර දෙන ලෙස  පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා  අංශය  එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  ලිඛිතව දන්වා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති සියලුම පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ම අහෝසි වී යන්නේය.

මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට දෙන දීමනා. ඉන්ධන පහසුකම් සහ  මුද්දර ගාස්තු මෙසේ අහිමි වන පහසුකම්ය.

කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුනට ඉඩ කඩ සලසා දී  ඇත. මහ මැතිවරණයෙන් යළි තේරී පත්නොවන මන්ත්‍රීවරුන් සියලු දෙනා ඡන්ද විමසීමෙන් පසු දිනම  එම නිල නිවාස යළි භාර දිය යුතුව ඇත.

 



අදහස් (8)

මැති ඇමැති ආරක්ෂක ගිනි අවි යළි ගනී

chandima Monday, 30 September 2024 12:22 AM

එව්වා භාර දුන්නාට ඒගොල්ලො ගාව ගල් කටස් ඇතිනෙ?

:       0       7

බකල ජයා Monday, 30 September 2024 08:55 AM

මිනිස්සුන්ට කරදර කලේ නැත්තං කාගෙන් ආරක්ෂා වෙන්නද? වැඩිම උනොත් කරපු ජරාවැඩ හින්දා, මිනිස්සු මූණට කෙල ගහයි. ඒකට ෆේස් මාස්ක් එකක් හොඳටම ඇති.

:       6       95

fairoos Monday, 30 September 2024 11:19 AM

බයියන්ට දැන් සැපද? ජයවේවා මාලිමාවට

:       3       20

m. saman perera Monday, 30 September 2024 11:54 AM

නියම වැඩේ, මිනිස්සුන්ට වැරැදි කරලා නැතිනම් බයවෙන්න ඕනෑ නැහැ. මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි කොල්ලුපිටියේ හවසට ඇවිදගෙන යනවා දැකලා තියෙනවා මම...

:       1       26

අරවින්ද මොනරවිල Monday, 30 September 2024 11:58 AM

පාතාලයෙන් බාගයක්ම නිරායුධ කෙරුවා හා සමානයි.

:       2       43

beau Monday, 30 September 2024 02:46 PM

බොහොම හොඳයි .මේ කඟවේනුන්ගේ අංග කපන එක කල යුතුය .මුන්ගේ හිතේ එවුන් තමයි නීතියට උඩින් ඉන්න දෙවිවරු කියලා .බිමට බස්සන කාලය හරි

:       2       29

m. saman perera Monday, 30 September 2024 04:37 PM

අපි මාලිමාවට දීපු චන්දය ගැන සතුටු වෙනවා .ජනාධිපතිතුමාට ජයවෙව්වා

:       2       19

Suda Monday, 30 September 2024 06:03 PM

ප්‍රංශ විප්ලවය කාලයේ මානසිකත්වයක අපේ බොහෝ දෙනෙක් ඉන්න බව මෙහි සහ වෙනත් තැන්වල දක්නට ලැබෙන කමෙන්ට් වලින් හිතෙන්නේ. හරි වැරැද්ද නිසි ලෙස සොයලා කටයුතු කරමු. ලාල් කාන්තට බෙදන හැන්ද අනික් අයටත් බෙදන්න යොදාගන්න. අලුත් පාලනයේ සහ ඊට සහයෝගය දෙන බොහෝ අයගෙන් දකින්න ලැබෙන දේ තමයි විරුද්ධවාදීන් උල තියන්න කතා කරාට තමන්ගේ අයගේ වැරදි දැන්ම තියා යට ගැහීම. එතකොට පාවෙන ඡන්ද දායකයන් වන අප වගේ අයට ඔබලාගේ පක්ෂය ගැන දෙපාරක් හිතන්න ඕනෑ. හරි දෙය කරලා පෙන්වන්න. කාටත් එකම හැන්දෙන් බෙදන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 293 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 225 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 79 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 523 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 716 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site