(අංජුල මහික වීරරත්න)
අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට දුන් දීමනා මෙලෙස කප්පාදු කෙරෙනු ඇත.
මෙම වියදම් කප්පාදු කිරීමේ තීරණය මාර්තු විසි වැනි දා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාල විදෙස් ගතවීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා ගෙවූ දීමනාව අමෙරිකා ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම නිල දූත කාර්යන් හෝ වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කරමින් විදෙස් ගත වීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවූ දීමනාව ද අමෙරිකා ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබෙි.
සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් කළ සියළු දීමනාවන් 30% කින් අඩු කිරීමටද තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම රජයේ නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකා ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පියවර ගෙන ඇත.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැති ඇමති ලොක්කන්ට රට යනකොට දුන්න සල්ලි කපයි
Perera Thursday, 16 March 2023 05:01 AM
මාධ්ය්ටා ඔහොම කියලා හිතේ හැටියට දෙනවා ඇති.මුන්ව විශ්වාස කරන්න පුළුවන් එවුන්ද
Gampaha Daranagama Thursday, 16 March 2023 05:54 AM
මෙය කාලෝචිත පියවරකි. විදේශ ගමන්වල අවශ්‍යතාවය ගැනද තීරනය කිරීඑමට විද්වත් මන්ඩලයක් නම්කිරීම සුදුසුය. පුහුනුවක් ලබා එන අය මගින් අනෙක් අයට පුහුනුවක් ලබා දීම මගින්ද ප්‍රතිපල සාර්තක කර ගත හැකිවෙයි.
සක්‍රයා Thursday, 16 March 2023 07:44 AM
මැති ඇමැති ඇතුලු දේශපාලු හොරු හැත්තට උන් ලබන වැටුපට දිමනාවලට ආදායම් බදුත් ගහපල්ලා.
දුශ්මා Thursday, 16 March 2023 08:02 AM
සිංහලේ ගෑනු ටික වලං හෝදලා එවන ඩොලර් වලින් රට යන දේශපාලනේ...
JsThursday, 16 March 2023 12:05 PM
සිංහල ගැහැණු විතරක් නොවෙයි දෙමල මුස්ලිම් ගැහැණුත් මුදල් එවනවා. අනික ඔය මුදලුත් වැඩිපුර මුස්ලිම් රටවලින්.තවත් හිතේ කහට ..... .
දුශ්මාThursday, 16 March 2023 01:08 PM
අපොයි එහෙම හිතලා දාපු දෙයක් නෙමේ. අපි හැමෝම මිනිස්සු .
Rasika Thursday, 16 March 2023 08:05 AM
හොඳවැඩක් කියල කියන්නත් සමහරු අකමැතියි
දාස Thursday, 16 March 2023 10:19 AM
ඕව කටින් විතරයි, මිනිස්සු රවට්ටන්න , හොර තක්කඩි
fairoos Thursday, 16 March 2023 01:07 PM
ඕවා කෙරෙයි ඉතින් බලාගෙන ඉන්න