IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මත් කුඩු සමග සරසවි සිසුවා මාට්ටු

(චමිල් රූපසිංහ)

හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අළෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.

සැකකරු මුරුතලාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අදාළ ව්‍යාපාරය සිදු කරගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

ගන්නෝරුව ප්‍රදේශයේ දී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයකු ලබාදුන් තොරතුරු මත පොලීසිය නිල සුනඛ ‘‘ලූකස්‘‘ ගේ ද සහය ඇතිව විශ්වවිද්‍යාල සිසුවා නවාතැන් ගෙන සිටි අදාළ නිවස වටලා තිබෙන අතර එහි තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්රෑම් 15 ක් පොලීසිය සොයා ගෙන ඇත.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සමඟ තවත් සිසුන් දෙදෙනකු අදාළ නිවසේ නවාතැන් ගෙන සිට ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් කමරයේ නොසිටි බව පොලීසිය පවසයි. ඔවුන් ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ද යන්න සෙවීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2014 කණ්ඩායමට අයත් බව ට තොරතුරු අනාවරණය වන අතර ඔහු විභාගවලට පෙනී නොසිටීම හේතුවෙන් මෙතෙක් උපාධිය ලබාගෙන නොමැති බව ද දැන ගන්නට තිබේ.

 



අදහස් (4)

මත් කුඩු සමග සරසවි සිසුවා මාට්ටු

Lal Friday, 22 December 2023 04:16 PM

උපාධිය කරලා නැත්තම් ජෙප්පෙක් හරි අරගල කාරයෙක් වෙයන්...!

:       19       20

Hafeez Friday, 22 December 2023 10:19 PM

කුඩු දාලා අල්ලන්න යන කේස් එකක් ද දන්නේ නෑ..

:       3       4

මෝඩ නින්ජා Saturday, 23 December 2023 03:14 AM

මේ ඔක්කොම අනුර සහොදරයා ජනාධිපති කරවන්න...!

:       2       5

රංබොඩ Saturday, 23 December 2023 09:49 AM

නිදහස් අධ්‍යාපනයෙන් පළ නෙළාගෙන අන්තිමට සියවි නසා ගත්තා වගේ. මේ වගේ නරක අය තමයි දේශපාලන බැල මෙහෙවර කරමින් විශ්ව විද්‍යාල ඇතුළ නරා වලක් බවට පත් කරන්නේ...!

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1284 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 255 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2201 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1226 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 661 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 444 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site