IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මැති සබයේ විනය කැඩූවැයි මන්ත්‍රී නවයකට චෝදනා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )

විනය විරෝධීව හැසිරෙන ලදැයි කියන මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් මේ සතියේදී විශේෂ ප්‍රමුඛත්වය දක්වා විභාග කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇත.

මේ අනුව ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හෙට (28), අනිද්දා (29) සහ ලබන 30 වැනිදා එක දිගට රැස්වීමට නියමිතය.

මෙසේ විභාගයට ගැනෙන්නේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධ පැමිණිලිල්ල , චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, විපක්ෂ නායකවරයා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායක සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සහ නීති විරෝධීව රත්රන් ගෙන ඒමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලය.

අයවැය අවසන්වීමට පෙර මෙම සියලු සිද්ධීන් විමර්ශන කර අවසන් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇත.

මෙම පැමිණිලි හය විමර්ශන කර ඉතා කඩිනමින්ම නිර්දේශ කතානායකවරයාට ඉදිරිපත් කිරීමට ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව බලාපොරොත්තු වෙයි.

කතානායකවරයා විසින් එම නිර්දේශ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

 



අදහස් (2)

මැති සබයේ විනය කැඩූවැයි මන්ත්‍රී නවයකට චෝදනා

සෙනෙවිරත්න Sunday, 26 November 2023 09:55 PM

මේ අපි වෙනුවෙන් කතාකරලා, ඒක නිසා සමාව දෙන්න...!

:       0       0

ගමේ එකාලා Sunday, 26 November 2023 11:35 PM

ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති මරු මිනිහා. දූෂිත පවුල් පාලනේ අය රටම හොරාකාළා විනාශ කරන කම් බලාගෙන හිටියා...!

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1157 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1385 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 880 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 387 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1242 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39488 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site