(සුජිත් හේවාජුලිගේ )
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වන හෙයින් නම්බුකාර ලෙස ඉල්ලා අස්වන්නැයි රණවක මහතා ඉල්ලීමක් කළේය.
එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ටද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව හෙතෙම කීවේය.
ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් දැන් තීරණයක් ගතයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැති සබේ දහයකට මන්ත්‍රී ධුර අහිමි වෙයි!
dvithva puravasiya Sunday, 23 October 2022 12:11 PM
කණගාටුයි එහෙම ඉවර කරන්න බැහැ මහත්මයා. ඡන්දෙට ඉස්සරවෙලා තීරණය කරන්න තිබුණා මහජන ඡන්දයෙන් පත් කරනකොට ඔය නීති තිබුණේ නැහැ. ජනතාව ඡන්දය දුන්න පත් කර ජනමත විචාරණයකින් තොරව ඔවුන් ඉවත් කරන්න බැහැ. කරපු මෝඩකම් ඇතුන් ලවා අද්දවන්න බැහැ. ද්විත්ව පුවවැසියත් උපන් රටේ පුරවැසියෙක්. එය අහෝසි කරන්න අධිකරණය මැදිහත් නොවනු ඇත.
සෙනෙවිරත්න Sunday, 23 October 2022 04:26 PM
වැරැදියි, ඡන්දෙ එනකොට ඔය නීතිය තිබුණා. විස්ස සම්මත කලේ පස්සේ, ඡන්දෙන් පස්සේ අයින් කරපු නීතිය නැවත බල ගැන්වීමක්, ද්විත්ව පුරවැසිකම තියෙන අය තම රටවලට යන්න, කපුටා එන්න එපා...!
GamunuSunday, 23 October 2022 09:30 PM
ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් සමග මන්ත්‍රී පාඨලී චම්පික රණවක 2005 සිට පාර්ලිමේන්තුව තුලත් පිටටත් කට යුතු කල කෙනෙකි. හදිසියේ නින්දෙන් අවදිවුවකු සේ කතාකිරීම පිලිබදව පිළිකුල් සහගතය සහ නින්ද සහගතවේ. ඔහු පාර්ලිමේන්තුවේ සිටි කාලය තුල ද්විත්ව පුරවැසිභාවයහිමි කිසිදු පුද්ගලයකු පාර්ලිමේන්තුවේ සිටිනම් ඉවත්වන ලෙස කියා සිටියේ නැත සහ එයට විරුද්දව පර්ලිම්න්ටුවේ ප්‍රකාශයක් නොකළ කෙනෙකි. කෙස් එවෙතත් අවස්ත්වාදී දුෂිත දේශපාලනය ලංකාවෙන් ඉවත් කලයුතුවේ. දෙවනුව බොහෝ පිරිසක් ලංකාවෙන් පිටව වෙනත් රටවල "ද්විත්ව පුරවැසිභාවය ලබා තිබෙනුයේ ශ්‍රී ලංකාව කෙරෙහි හෝ ඔවුන් උපන් රට කෙරෙහි අකමැත්තකින් නොව ඔබල වැනි අවස්ථාවදී දුෂිත දේශපාලකයන් විසින් දසක ගණනාවක් ශ්‍රී ලංකාව විනාශ කිරීමේ ප්‍රතිපල නිසා සහ රටේ පුරවැසියන් හට ඔබල වැනි දේශපාලකයන් යටතේ අනාගතයක් නොපෙනෙන නිසාවෙනි".
ලසන්ත Sunday, 23 October 2022 01:08 PM
ද්විත්ව පුරවැසියන් කියන්නේ මේ රට එපාවෙලා වෙනත් රටක සරණාගතයෙක් ලෙසට හෝ නැත්නම් වෙනත් ක්‍රමයකින් වෙන රටක පුරවැසියකු වෙච්චි කෙනෙක්. එපා වෙච්චි එකා ආයෙමත් එන්නේ හොඳකට නොවෙයි කියලා (සම)හරක් අයට තේරුම් ගැනීමට අබමල් රේණුවක තරම් මොළයක් නැහැ. මෙතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද 2020 මැතිවරණ අවස්ථාව වනවිටත් දෙබිඩ්ඩන්ට ඡන්දය ඉල්ලන්න බැරි තත්වයක් තිබුණා කියලා හිතෙනවා. එහෙම නම් නාම යෝජනා දෙනවිට විරෝධතා නොදුන් අයත් නාමයෝජනා බාරගත් අයත් අනියමින් වරදක් කළා කියලා කියන්න පුළුවන්... කොහොම වුණත් ඔය කියන කට්ටියම වහාම ඉවත්විය යුත්තේ ඔවුන් මැතිවරණය සඳහා කූඨලේඛන ඉදිරිපත් කිරීම නිසායි.
විජේ Sunday, 23 October 2022 04:22 PM
කොහොමද ලසන්තගේ ටිකිරි මොලේ..?
ද්විත්ව පුරවැසියාSunday, 23 October 2022 05:50 PM
නොදන්න දේවල් කියවන්න එපා. සරණාගත සහ වෙනත් ක්‍රමවලින් හෝ වෙන රටක පුරවැසිභාවය ගත්තා කියලා උපන් රටට තියෙන බැඳීම නැතිවෙනවාද? ද්විත්ව පුරවැසියන් බොහොම දෙනෙකුට ලංකාවේ දේපල නිවාස තියෙනවා. ඒවා එහෙම තියන් ඉන්නේ කවදාහරි ලංකාවට එන්න, උපන් රටේ මැරෙන්න මිසක් වෙන දේකට නෙවෙයි. පාර්ලිමේන්තුවට පත්වීමට සහ රජයේ උසස් තනතුරු නොදීමට නීති තියෙන එක වෙනම දෙයක්. අනික හැම රටක්ම පුරවැසිභාවය දෙනකොට එම රටට පක්ෂපාතියි කියලා දිවුරුම් ගන්නේ නැහැ. ළිං මැඩියෙක් වුණු පළියට ප්‍රසිද්ධ කරන්න එපා.
තවත් ද්විත්ව පුරවැසියෙක්Sunday, 23 October 2022 07:15 PM
ලසන්ත, මමත් ඔය කියන ද්විත්ව පුරවැසියන් ගොඩට අයිතියි. පාර්ලිමේන්තු යන්න බැරිකම වෙනත් දෙයක්. නමුත් අපි අපේ රට එපා කියලා ගිය අය නෙවෙයි. ගිය රටවලදී අපේ දක්ෂකම් නිසා ඒ රටවල පුරවැසි භාවය ලැබුණු අය. අපිට ලංකාව එපා නම් අපි එතැනදී ද්විත්ව පුරවැසිභාවය තියාගන්න බලන්නේ නෑ. හොඳට ඩොලර් පවුම් හම්බ කරන්න පුළුවන්.. ඒ රටේ පාස්පෝට් එක අරගෙන ලංකාවේ පාස්පෝට් එක ඒ රටට බාරදෙනවා. එහෙම නොකර අපේ ලංකාවට ලක්ෂ ගණනක් සල්ලි ගෙවලා ද්විත්ව පුරවැසි භාවය ලබාගත්තේ ලංකාව ඕනෑනිසා. අතේ ලොකු සල්ලියක් නැතුව මේ පිට රටකට ආපු අපි ලංකාවට හැම අවුරුද්දේම ඩොලර් ගේනවා. කොවිඩ් වෙලාවෙත් රටට ආදායම් ගන්න විශේෂ බැංකු ගිණුම් දාපු වෙලාවේ මේ රටේ බැංකුවල තිබුණු ඩොලර් ලක්ෂ 1.5 ලංකාවට එව්වේ ලංකාව අපිට ඕනෑ නිසා. අදත් ඒ සල්ලි ලංකාවේ බැංකුවේ. මේ රටේ ඉඳන් මම තවත් හම්බ කරලා එවනවා. ඒ සල්ලි වලින් කොවීඩ් සහ ලංකාවේ දේශපාලන ප්‍රශ්න නිසා ආර්ථික තත්ත්වය කඩා වැටුණු පවුල් ගාණකට උදව් කරනවා. ද්විත්ව පුරවැසි භාවය අපිට වටින්නේ ඒකයි. ඕනෑ වෙලාවට අපේ මවුපියන් බලාගෙන ලංකාවේ ඉන්න ඒ නිසා අපිටත් අයිතියක් තියෙනවා. අපි ලංකාව කන්නේ නෑ....!
තවත් එකෙක් Monday, 24 October 2022 05:45 AM
තමුන්ලා කෑවෙ නැතත් තමුන් නොදන්නවා වුනත් කාපු අයගැන ජනතාව දන්නවා ඒක තමයි එහෙම කරන්නෙ එක මකුනෙක් කෑවම ඔක්කොම මරනවා කියලා අහල නැත්නම් රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නැහැ කියලා අහල ඇතිනේද එහෙමත් නැත්නම් ගිනි පෙනෙල්ලෙන් බැටකාපු එකා කණාමැදිරියටත් බයයි කියලා අහලවත් ඇතිනේද?
MoThursday, 27 October 2022 03:36 AM
An excellent reply and explanation.
විපරමා Sunday, 23 October 2022 02:22 PM
ආයේ මොන එහෙකටද ද්විත්ව පුරවැසියෝ. ලන්කාවේ උගත්,බුද්දිමත් විෂය දැනුම ඇති අය නැතුවටද ?
janamathaSunday, 23 October 2022 03:35 PM
පිටරටක ජීවත් වෙනකොට වියදම් ඉතා අධිකය... ආදායමක් ලබන්න උගත්කමකුත් නැහැ. ඉතින් සල්ලි හොයන්න හොඳම ක්‍රමය තමයි දේශපාලනය මේ අයට හොඳ ජීවිතයක්... ගත කරන්න මුදල් සොයාගන්න අවස්ථාව දීම ජනතාවගේ යුතුකමක්... ඔහොම යමු...
විජේ Sunday, 23 October 2022 04:20 PM
එතකොට රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙලා තියෙන්නේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ගිය නිසා? අනේ.. මෙහෙමත් හරක්...!
ganegoda Sunday, 23 October 2022 04:50 PM
නාමල් රාජපක්ෂට විදෙස් පුරවැසිභාවයන් කීයක් තියෙනවද? හරි පිළිතුර ඉදිරිපත් කරන්නාට ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනමනු ලැබේ... !
Rohana Sunday, 23 October 2022 05:39 PM
කකුල් දෙක රටවල් දෙකක තියාගෙන සිටින කෙනෙකු රටට වැඩක් කරයි කියල හිතන්න අමාරුයි. මෙරට පුරවැසියන් සඳහා පමණක් දේශපාලන හා රජයේ තනතුරු ලබාදිය යුතුයි.
සමන්Sunday, 23 October 2022 07:17 PM
එහෙනම් ද්විත්ව පුරවැසියන්ට කියන්නත් එපා.. ලංකාවට සල්ලි එවන්න කියලා. හොයන්නේ, බලන්නේ නැතුව කතාකරන්න එපා...!
ප්‍රියන්ත Monday, 24 October 2022 05:52 AM
සමන් විදේශීය රැකියා කරන සියල්ලෝම ද්විත්ව පුරවැසියන් නොවෙයි ඒ වගේම පිට රටක දේපළ තිබුනා කියලා ද්විත්ව පුරවැසියන් වෙන්නෙ නැහැ
සමන්Monday, 24 October 2022 04:14 PM
ප්‍රියන්තට මේ කියන්නේ. 2020 covid නිසා රටේ ආදායම අඩුවෙන වෙලාවේ විශේෂ බැංකු ගිණුම් ක්‍රමවේදයක් ඇති කරා විදෙස් මුදල් ලංකාවට ගෙන්නගෙන වෙනම ගිණුම් ආරම්භ කරන්න. ඒ වෙලාවේ ද්විත්ව පුරවැසියන්ට පවා වෙනම ආමන්ත්‍රණය කරා ලංකාවට සල්ලි එවන්න කියලා. අන්න ඒකයි මම කියන්නේ ද්විත්ව පුරවැසියන් ලංකාවට එපා නම් ඔවුන්ගෙන් මුදල් ඉල්ලන්නත් එපා කියලා. මමත් ද්විත්ව පුරවැසියෙක්. එය ලබාගන්න ලක්ෂ ගණනක් ලංකාවට ගෙවපු කෙනෙක්. ඒ නිසා ද්විත්ව පුරවැසියෙක් කියන්නේ කවුද කියලා දන්නවා. ඒ වගේම us ඩොලර් ලක්ෂ එකහමාරක් විතර ලංකාවට සල්ලි ඕන කිව්වම එවලා දැන් ලංකාවේ බැංකු ගිණුමක තියෙන්නේ. ඒ මම මගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි. ලංකාවේ ඉගෙන ගෙන ලංකාවේ ශිෂ්‍යතවයක් අරගෙන පැනපු එකෙකුත් නෙවෙයි. බැසිල් මොනවා කරාද නැද්ද මම දන්නේ නෑ වගේම සරත් ෆොන්සේකා දුවගේ මාර්ගයෙන් ඇමරිකාවේ green කාඩ් ගත්තේ ඇයි කියන්නත් මම දන්නේ නෑ. හැබැයි අපි වැඩි දෙනෙක් ඔයාලා නොදන්නා විදිහට ලංකාවට උදවු කරන බව විතරක් මතක් කරන්න කැමතියි.
sampath Sunday, 23 October 2022 06:03 PM
ද්විත්ව පුරවැසියන්ට බයවෙන්න ඕනේ නෑ... ඔය තරමටම මේක කුහකකමක්.. එක්කෙනෙක් දෙන්නෙක් නිසා සමස්ත ද්විත්ව පුරවැසියන්ටම චෝදනා කිරීම වැරැදියි. එයාලා අපේ රටේ පුරවැසිකම තියන් ඉන්නේ මෙහෙටත් ආදරේ නිසා වෙන්න පුළුවන්. ලංකාවේ තනි පුරවැසි භාවය තියන් රට කන කීදාහක් ඉන්නවද?
fairoos Sunday, 23 October 2022 06:18 PM
වෙන්න ඕනෑම වැඩක්... කපුටා ගෝන්...!
duminda Sunday, 23 October 2022 06:41 PM
දැන් බලනකොට මේ රට විනාශ කරලා තියෙන්නේ ඩුවල් සිටිසන්ලා...
Gamunu Sunday, 23 October 2022 09:31 PM
අර්බුදය ද්විත්ව පුරවැසිභාවයන නොව ලංකාවේ ප්ර්ලිමෙන්ටුවේ සිටිනා පක්ෂ මාරුකරමින් ඔවුන්ගේ වරප්ප්‍රසාද වෙනුවෙන් අවස්ථාවාදී දේශපාලනායක යෙදෙනාවූ දේශපාලකයන් නිසා මේවනවිට රට අර්බුද ගණනාවකට මුහුණ දෙමින් සිටි. නමුත් ද්විත්ව පුරවැසිභාවය ඇතිව හෝ නොමැතිව ලංකාවේ ඉපදුනු පුරවැසියන් විසින් ලංකාවේ දේශපාලනය උඩුකුරු යටිකුරු කිරීමට මේවනවිට බොහෝ පිරිසක් සුදානම්ව සිටි.
චන්දිම ෆොන්සේකා Sunday, 23 October 2022 09:58 PM
මම නම් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයෙත් වරක් සංශෝදනය කල යුතු වෙනවා. ඒ අනුව යම් ප්‍රමාණවත් උගත් කමක් සමග දක්ෂතාවයක් ඇති රටට විදේශ විනිමය යම් ප්‍රමාණයක් ගෙන ආ රටට යම් වැඩක් කල හැකි ද්විත්ව පුරවැසියන්ට මෙම නිතිය බල නොපාන බවට. එතකොට ඔය කපුටලා වගේ බොරුවට පුම්බගෙන හිටියට සාමාන්‍ය පෙළවත් නැති රටට ඩොලර් ගේනවා වෙනුවට තිබුණු ඩොලර් ටිකත් වච්චි කරන ගිය එවුන්ට එන්න බැරි විදියට විතරක් නිතිය හදන්න ඕනි. නැතිනම් නන්දලාල් ටත් යන්න වෙනවනේ නේද?
SrilankikayekMonday, 24 October 2022 08:01 AM
ඒ අනුව යම් ප්‍රමාණවත් උගත් කමක් සමග දක්ෂතාවයක් ඇති රටට විදේශ විනිමය යම් ප්‍රමාණයක් ගෙන ආ රටට යම් වැඩක් කල හැකි ද්විත්ව...... මේවා පරික්ෂා කරන්නේ කව්ද. ඔන්න ඔතනයි ප්‍රශ්නේ. හොරට නීතී විභාගය පාස් කරගත්තු අයත් ඉන්න එකේ මේවා මොනවද. ඕනේම හොරෙක් කියයි මං මෙච්චර ඩොලර් ගෙනාව, මම නාසා එකේ ප්‍රධානියා මට ඕනේ ද්විත්ව කියලා. අපි නොදන්න ශ්‍රීලංකා politics.
චන්දිම ෆොන්සේකා Tuesday, 25 October 2022 05:15 PM
මම හිතන්නේ අනේවාසික බැංකු ගිණුමකට විදේශ සල්ලි එව්වනම් ඒ වාර්තා තියෙනවානේ තමන් රටට ගෙනා මුදල කොපමණද කියාලා. මොකද මෙතන එකම ප්‍රශ්නේ තියෙන්නේ එක කාලකන්නියෙක් නිසා විදේශයකට ගිහින් හොඳට ඉගෙන ගත්තු මනුස්සයෙක්ට වත් රටට අවංකව සේවයක් කරන්න එන්න බැරි වීමයි.
Bandara Sunday, 23 October 2022 11:57 PM
ලංකාවේ ඉන්න මිනිස්සු මෙච්චර මෝඩයි. තවමත් ඔවුන් කුලවාදය පිළිගන්නවා. එහෙව් රටක මේවා මොනවද? ද්විත්ව පුරවැසියන්ට බනින අය ඊර්ෂ්‍යාකාරයන්. ද්විත්ව පුරවැසියන් අමුතු සත්ව කොට්ටාශයක් නොවෙයි. ලංකාවේ කොහොමත් බෙහෙත් දෙන්නේ පයබරවායට පිටිකරටනෙ. ප්රශ්නය තියෙන්නේ වෙනකොහෙවත්. අල්ලගන්නේ ද්විත්ව පුරවැසි බවක්. මේ රට වැටුණේ දේශපාලුවන්ගේ සහ මිනිස්සුන්ගේ තකතීරු වැඩ නිසා. ඒකට ද්විත්ව පුරවැසි බව අල්ලා ගන්න එපා.
Demuni Uduwara Monday, 24 October 2022 04:34 AM
Legislature should not have dual citizenship holders !
උද්ධික Monday, 24 October 2022 08:03 AM
කවුද ඒ දහය? හරිම සලරයි.
Mo77 Monday, 24 October 2022 08:35 AM
ද්විත්ව පුරවැසියන් මේ දක්වා කරලා තියෙන්නේ ලංකාවෙන් රුපියල් ඩොලර් වලට පරිවර්තනය කරලා ඒ රටවල් වලට පෙන්වීමයි. මේකට රජයේ නිලධාරීනුත් සම්බන්ධයි. නන්දලාල් උන්නැහේ ඉදිරියෙන්ම ඉන්නවා.
AndrasMonday, 24 October 2022 01:51 PM
මොකද්ද ඔය කියන අණ්ඩර දෙමළ...? සිංහලෙන් කියන්නකෝ තේරෙන්න. නන්දලාල් කියන්නේ සුපිරි පොරක්. මිනිහා නිසයි මේ විදිහට හරි ඇදගෙන යන්නේ. ඒ මහත්තයා රුපියල් කීයක් ඩොලර්වලට මාරු කෙරුවාද? දැන් කොයි ඒ ඩොලර්...?
janahitha Monday, 24 October 2022 09:06 AM
ඔය දෙක පුරවැසියන්ගේ අම්මා ඉන්නේ ලංකාවේ බව සියලු දෙනාට දන්වමි.ඇය ලංකාවේ ඉන්න අයගෙ දරුවන් කිසිවිටක ඇය අත හරින්නේ නැහැ.
Chinthaka Monday, 24 October 2022 10:38 AM
මෙතන ද්විත්ව පුරවැසියන් හැටියට රටට වින කරන අය වෙන්නේ හොර දේශපාලකයන් මිසක් අනිත් මේ රටේ මිනිස්සු නොවේ
Muthubanda Monday, 24 October 2022 01:55 PM
මං කියන්නේ පාර්ලිමේන්තුවට ද්විත්ව කාරයින්ට යන්න නොදෙන නීතියක් තිබුණා නම් ඇති. අනිත් අය මේ රට කාලා පැනලා යන්නේ නෑ.
පිටරැටියා Monday, 24 October 2022 03:31 PM
ද්විත්ව පුරවැසියෝ ලන්කාවේ පාර්ලිමේන්තුවට යන්නේ ලැබෙන වාසි ,වරප්‍රසාද හින්දා .මොළහතා ඇවිත් කරපුවා ලෝකෙම දන්නවා .රටම හොරාකාලා කාබාසීනියා කරලා තමුන්ගේ මඩිය පුලුවන් තරම් තරකරගෙන රටිනුත් පැන්නා. හැමදෙයක්ම තමුන්ගේ පැවැත්මට,වාසියට කරපු දේවල් .
CC Wednesday, 26 October 2022 09:08 AM
මේ රටට ආදරේ ජනතාවට ද්විත්ව පුරවැසිකම ගැටළුවක් නොවේ "තවත් ද්විත්ව පුරවැසියෙක්"නමින් අදහස් දැමූ මහත්මයා සෑබෑ ලෙසටම රටට ආදරේ ඇති බව පේනවා. එවැනි උතුම් මිනුසුන්ට ජාතියේ ප්‍රනාමය ගෞරවය නිබඳව ලැබිය යුතුයි.නමුත් ශ්‍රිලාංකිකයෝ සැවොම එකට එකතුවී ශ්‍රිලංකාව අපේ අනාගත පරපුර වෙනුවෙන් දියුණු කිරීමට අධිෂ්ටාන කර ගත යුතුය, ඒ සඳහා තමන්ගේ බඩ ගැන නොසිතා රට ගැන සිතන චින්තනයක් කුඩා කල සිට දරුවන්ට හුරු කලයුතුය. එමෙන්ම වංචාව හා දූෂණය කිසි කෙනෙකුට කල නොහැකි වන පරිදි නීති හා ඒවා ක්‍රියාත්මක කරන සුගම පද්ධතියක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා සියළුම ජනතාවගේ අනුග්‍රහයෙන් පාර්ලීමේන්තුව තුලින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුය. එමෙන්ම රටට ගැලපෙන ලෙස සංවර්ධන කටයුතු සිදුකිරීමට ජාතික සංවර්ධන ප්‍රමුඛතා පද්ධතියක් ඇති කල යුතු අතර එමගින් රටේ ජාතික ,පළාත් ප්‍රාදේශීය වශයෙන් සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන රටට හිතැති පරිදි දුරදක්නා නුවනින් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා ගත කර ආයෝජන කටයුතු සිදුකල යුතුය.මේතුළ නිසි පසු විපරම් හා ඇගැයීම් ක්‍රමවේද ක්‍රියාත්මක කල යුතු අතර දූෂණ පිටුදැකින පද්ධතිය සමග ඒකා බද්ධ විය යුතුය. රටට ජයවේවා!