IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මැති සබේ පිරිසක් රට පෝලිමේ:තව පිරිසක් නුවරඑළි යන්න වෙන් කරති

(සුජිත් හේවාජුලිගේ )

මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින මැති ඇමැතිවරුන් පිරිසට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද ඇතුළත් වෙති.

ඇමරිකාව එංගලන්තය ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන දූ දරුවන් දැක බලා ගැනීම සඳහා තමන් නිවාඩු කාලයේදී ඒ රටවලට යෑමට බලාපොරොත්තුවන් සිටින බව මන්ත්‍රීවරු කීපදෙනෙක් ලංකාදීපයට පැවසූහ.

මේ අතර නිවාඩුව ගත කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් නුවරඑළියට යෑමට එහි සෙන්පති නිවෙස (General house's) වෙන් කරවා ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෙන්පති නිවෙස යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති ලැගුම්හලයි.

එම ලැගුම්හල මේ මස 31 වෙනිදා දක්වා වෙන්කරවාගැනීම අවසන්වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

අයවැය විවාදය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව කතානායකවරයා විසින් ජනවාරි මස 11 වැනිදා දක්වා කල් තබනු ලැබීය.අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරුණු අතර එහි කටයුතු මේ අනුව යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 18 වැනිදාය.

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන්වීම නිසා මන්ත්‍රීවරුන්ට ලැබී ඇති නිවාඩු කාලය මාසයකට වැඩිය.

 



අදහස් (16)

මැති සබේ පිරිසක් රට පෝලිමේ:තව පිරිසක් නුවරඑළි යන්න වෙන් කරති

Prasheen Wednesday, 15 December 2021 08:07 AM

මොන රජයක් යටතේවත් මේ වරප්‍රසාද අහෝසි කරන්නේ නෑ.

:       0       3

Nalin Wednesday, 15 December 2021 08:19 AM

ඒ අයටත් නිදහසක් ඕනේ. දැන් මට දොස් කියන්න එපා...

:       2       2

යෝගා Wednesday, 15 December 2021 08:43 AM

ඔය රට යන අය වියදමට යහමින් ඩොලර් එහෙම අරන් යනවා ඇති නේද

:       0       2

Bamunuarachchi Wednesday, 15 December 2021 08:46 AM

ඩොලර් පොටෝ කොපි ගහගෙන වෙන්න ඇති යන්නේ .

:       0       3

Bandara Wednesday, 15 December 2021 08:56 AM

රට තිබ්බත් එකයි, නැතත් එකයි, අපි සැමදා ජොලියෙ ඉන්නවා, තමා මොවුන්ගේ ජීවන පාඨය. කොහොමත්ම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දුප්පත්ම මන්ත්‍රීවරයත් අඩුම පරම්පරා පහකට හයකටවත් හම්බ කරලා ඉවරයි. රට බංකොලොත් වෙන්න යන්නේ වගේ මාතෘකා මොවුන්ට නිකන් කිසිම බරපතළ කමක් නැති විහිළු වචන.

:       0       2

mohomed agarapatana Wednesday, 15 December 2021 09:07 AM

මුන්ට මේකට ඩොලර් තියනවද .අත්‍යවශ්‍ය ආහාර ගන්න ඩොලර් නෑ .මෙහෙමත් ආණ්ඩුවක්

:       0       2

Hafeel Wednesday, 15 December 2021 10:22 AM

මේ මෛත්‍රීලා තමයි කියන්නේ ඔවුන්ගේ වැටුප් ලෝන් එකට කපනවයි කියල. තවත් කොටසක් කියනවා ඔවුන්ට ගමන් බිමන් යන්න වාහන නැහැ ,කියල තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලන්නව. එහමනම් මෙයාලාට මෙහම විනෝද වෙන්න කොහෙන්ද සල්ලි?

:       0       10

සංහිද Wednesday, 15 December 2021 10:30 AM

ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන දූ දරුවන් දැක බලා ගැනීම සඳහා තමන් නිවාඩු කාලයේදී ඒ රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව මන්ත්‍රීවරු කීපදෙනෙක් ලංකාදීපයට පැවසූහ. මෙන්න මේක හොදට හිතට ගනිල්ල.ඔය එකෙක් වත් මේ රටට ආදරේ නෑ. මොකද උන්ගෙ පරම්පරාවම ඉන්නෙ පිට රට.උන්ට මේ රට තිබුණත් එකයි.නැතත් එකයි. උන්ගෙ පරම්පරාවම පිටරට සැප විදිනව. ලංකාවේ මිනිස්සු එදා වේල හොයාගන්න බැරුව දුක් විදිනව....

:       2       17

BamunuarachchiWednesday, 15 December 2021 11:12 AM

මොකක්ද මේ ගොන් කතාව රටට ආදරේනම් ළමයි පීටරට යවන්න එපා, මිනිස්සු පිටරට යන්න එපා. ලංකාවටම වෙලා ඉඳපන්. ඕක කියනවකො ජේවීපී ලොක්කට එයාගේ පුතා ඉන්නේ ස්විට්සර්ලන්තේ. එයා පඩියත් පක්ෂෙට දෙනවා හැබැයි සැපට ඉන්නවා. තාප්පවල පාප්ප ගාන ජෙප්පන්ට පුළුවන්නේ අහන්න සහෝදර මචං බොට කොහෙන්ද සල්ලි ලැබෙන්නේ ඔහොම ඉන්න කියලා. අපි පාප්ප ගාලා පක්ෂේට සල්ලි හොයනවා සහෝදර මචංගේ ළමයි පිටරට ඉන්නවා. හැබැයි ප්‍රබාකරන්ගේ ළමයි බිරිඳ යුද්දෙට බැඳුනා. අන්න නියම ජාති හිතයිෂීන්.

:       23       1

fairoosWednesday, 15 December 2021 12:44 PM

බමුණා ලැජ්ජා නැද්ද? වහල් කමින් කවද්ද මිදෙන්නේ?

:       0       5

BamunuarachchiWednesday, 15 December 2021 05:19 PM

හලෝ පොයින්ට් එකට කතා කරනවා... සිංහල වචන දෙක තුනක් ලියන්න පුළුවන් වුණාට මාතෘකාවට අදාළ නැති ගොන්කතා කියන්න එපා. ගොන්කම ඔහෙට උරුමයි කියලා මම දන්නවා...

:       4       1

BamunuarachchiWednesday, 15 December 2021 05:20 PM

මම වහල් කමින් මිදෙන්නේ අන්තිම හම්බයත් රටින් ගියදාට...

:       4       1

විජයගේ පරපුරWednesday, 15 December 2021 07:53 PM

ජාතිවාදය යනු ලංකාවේ දේශපාලකයින්ට මාකට් කළ හැකි හොඳම දෙයකි. එය තිබෙන තාක්කල් ඔවුන්ට තම පවුල්වලට හම්බ කිරීම උදෙසා කරන හොරකම් වසා ගත හැක. එහෙත් ඔවුන් හදවතින්ම විදේශවල ජීවත්වන අතර විදෙස් රටවල ශ්‍රී ලාංකිකයන් රැකියා කිරීම නවතින දවසට මොවුන්ගේ ගැහිලි මෙතරම් අපූරුවට කළ නොහැකිවී අද මෙන් ඩොලර් හිඟයක් ඇතිවනු ඇත.

:       0       0

සංහිදWednesday, 15 December 2021 10:05 PM

ඇමතිවරු ඇමරිකාව,එංගලන්තය නෙමෙයි අඟහරු ලෝකෙ ගිහිල්ලා තමන්ගෙ පරම්පරාවෙ අයට ඉගැන්නුවත් පරම්පරාවම පදිංචි කලත් අභ්‍යාවකාශය තරණය කලත් අපිට කමක් නෑ බමුණු. ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් නොකර. අනික තුන්වේල කාලා සැපවත් ජීවිතයක් ගත කරන්න හදලා දීලා. හාල් කිලෝ එක 110 යි නම්, එළවළු 250g 120 පැනලා නම් අනිත් ඒව ගැන කියන්න දෙයක් නෑ. මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 15 December 2021 11:44 AM

ඒ අය සැණකෙළි. 69 ලක්ශය, වහල්ලූ සහ අපි අද හෙට පුපුරා යාමට නියමිත ගෑස් සිලින්ඩරෙන් උයාගන්න දෙයක් නැතුව පස් කමින් සිටිනවා.

:       1       4

Ravi Wednesday, 15 December 2021 11:48 AM

පුදුම සැපක් ඒ අයට

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 396 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 9 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 200 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 680 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 887 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 494 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site