IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව පසුගිය 24 වැනිදා විසුරුවා හැරි හෙයින් එදින දක්වා ගණනය කර මන්ත්‍රී දීමනාව ගෙවීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යවී අැතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇත.

සාමාන්‍යයෙන් මන්ත්‍රී දීමනාව මීට පෙර සෑම මසකම 27 වැනිදා වනවිට ගෙවා අවසන් කර තිබිණ.

 



අදහස් (10)

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා

Nandalal DE SILVA - France Wednesday, 02 October 2024 02:22 AM

දැන් ඉතින් එම දොළ පිදේණියත් ඉවරයිනේ... හොරාකන්න පුළුවන්... අන්තිමට බත් පතටත් කෙළියා...! මෙහෙම කුම්භාණ්ඩයෝ දියවන්නාවේ ඔබන්න ඕනෑ...!

:       0       16

Perera Wednesday, 02 October 2024 03:12 AM

රටයි, රටේ ජනතාවයි පරිසමාප්තයෙන්ම හූරාගෙන කන්න පහළ වුණු අපතයින්... මොවුන්ව නැවත පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වගබලාගත යුතුයි.

:       2       18

ravin Wednesday, 02 October 2024 04:08 AM

කොහොමද අහේනිය? දිමනා දවස් තුන හතරක් පරක්කු වුණොත් සද්දෙ...! කාපු බීපු එව්වාටත් සල්ලි ගෙවන්න බෑනේ... ඉස්සර නම් කඩවල පූරුවක් ප්‍රදර්ශනය වුණ ණයට දීමෙන් මුදලත්, බදුත් නැතිවේය කියා...

:       0       11

සෙනෙවිරත්න Wednesday, 02 October 2024 06:27 AM

මාර ආයතන, ගමේ කඩේ මුදලාලිත්, මාසෙන් මාසෙට බිල පියවාගෙනයි පඩියක් ගන්න කෙනෙකුට ණයට දෙන්නේ. මෙතැන වෙස්සන්තර භූමිකාව, දැන් 225 ම බැනුම් අහපල්ලා

:       0       15

Marikkar Wednesday, 02 October 2024 06:48 AM

මහජන මුදලින් ඔවුන්ට දුන් ආහාර වේල සඳහා මුදල් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ නම් කරුණාකර හෙළි කරන්න.

:       1       18

maalaka Wednesday, 02 October 2024 09:00 AM

සැබෑ හිඟන්නෝ ඉන්නේ පාර්ලිමේන්තුවේද ?

:       0       24

Jayasekara Wednesday, 02 October 2024 09:37 AM

කලන්තේ දාලා වැටෙයි සෙට් එකම . මුන් තමා රට බංකොලොත් කරලා තියෙන්නේ

:       0       23

පිටරටවැසියා Wednesday, 02 October 2024 09:52 AM

ඇයි මේ තක්කඩින්ට දෙන්නං කාසි වලට කෑම-බීම දෙන්නෙ? රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට මොනවද රජයෙන් එහෙම දීල තියෙන්නෙ? පාර්ලිමේන්තු නිලධාරීන් සම්පුර්ණයෙන්ම වගකිවයුතුයි...කෝ.. මේ...පක්ෂ, පාට කරේ තියන් ඉන්න සහයට ඩැනීලා කට්ටිය?

:       0       23

Asanga thiththagalla gamage Wednesday, 02 October 2024 10:20 AM

මුන්ගේ සියලුම දීමනා නවත්තන්න ඕනා. සමහර දරුවෝ කන්න නතිව දුක් විදිනවා මුන්ට රජ සැප

:       0       22

manjula Wednesday, 02 October 2024 11:34 AM

වැල් පාලමේ ගියපු හැටි...

:       3       14

ඔබේ අදහස් එවන්න

දියත

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 31 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 28 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 339 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1531 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 1958 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1354 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 22 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 22 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site