IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මෝදිගෙන් ජනපතිට ලිපියක්

(අංජුල මහික වීරරත්න)

යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ.

සෑම වසරකම ජුනි 21 වන දින සමරනු ලබන ජාත්‍යන්තර යෝගා දිනය ගෝලීය සංස්කෘතික දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් ලෙස ආරම්භ වූ මෙම යෝගා සැමරුම මේ දශකයේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇතැයි ද නරේන්ද්‍ර මෝදි මහතා ජනපතිට එවූ ලිපියේ සඳහන් කර තිබේ.

පුරාණ ඉන්දියානු උරුමයක් වන යෝගා අද ලෝකයේ සියලුම සංස්කෘතීන් සහ සියලුම මහාද්වීප විසින් වැළඳගෙන තිබෙන්නේ යැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලාංකික ජනතාව අතර යෝග ප්‍රවර්ධනය කිරීම මෙන්ම මෙම වසරේද ජාත්‍යන්තර යෝගා දින සැමරුම් සාර්ථක කර ගැනීම සඳහා ගෞරවනීය සහයෝගය දිගටම බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (6)

මෝදිගෙන් ජනපතිට ලිපියක්

chandima Friday, 21 June 2024 07:31 AM

ආයෙත් බලය ගන්න උදව් ඉල්ලලා පස්සෙන් එනකොට වැඩිකල් යන්න නැ. හොද වේලාවට මෝදි උන්නේ.

:       0       0

චන්දිම Friday, 21 June 2024 07:54 AM

ඔවු ඔවු අපිත් කැමතියි එයා හුස්ම ගන්නේ නැත්නම්. අපිත් කියන්නේ එයාට හුස්ම ගන්න නැතුව දිගටම ඉන්න කියලා. කොහෙද අපිට හොරෙන් එයා හැමතිස්සෙම හුස්ම ගන්නවනේ.

:       1       0

යෝගා Friday, 21 June 2024 09:25 AM

හරි මචං, අපි පොසොන් අමතක කරලා යෝග ව්‍යාායාම කරන්නම්කෝ

:       2       3

ඇන්ඩ්රු සෙබඩවිල Friday, 21 June 2024 10:37 AM

තව පෝය දෙක තුනකින් මෝදී මහත්තයට ලියුම් ලියන්න වෙන්නේ අපේ නායක සහෝදරයා අනුර කුමාර ජනාධිපතිතුමාට. එතුමා ඇතුළු එම පක්ෂයේ දැන් ඉන්දියානු විරෝධයක් නෑ. ඉතා ඉහල ආදරයක් තියෙන්නේ. අදානි මහත්තයට එක්ක මුකුළු කළ හැටි දැක්කනේ අපේ එන් පී පී කට්ටිය. අනුර ජනාධිතුමා අපේ රට දියුණු කරන ශීග්‍ර විලාසය ඉන්දියානුවන් දැක්කම මෝඩිටයි රාහුල් ගාන්ධිටයි දෙන්නටම වෙනවා අපේ අනුර සහෝදරයාගේ ප්‍රතිපත්ති අනුගමන කරන්න. එසේ නොවුනොත් ඉන්දියානු ජනතාව ඉන්දියාවේ අගමැති තනතුරට අපේ අනුර සහෝදරය ඕන කියල අරගලයක් දියත් කරන්නත් පුළුවන්.

:       2       4

රංබොඩ Friday, 21 June 2024 10:54 AM

එයාට කියන්න අපිට පොසොන් කියලා .

:       1       4

B Amarasinghe Friday, 21 June 2024 06:29 PM

අපේ එක්කෙනා එහෙ ගිහිල්ලා සතියය්ක් වගේ තාම දෙකක් නෑ මගෙ හිතේ. ඊට පස්සේ එහෙ විදේශඇමති එනවා. ඊට පස්සෙ ලියුමක් එවනවා. අපි එහෙ ප්‍රාන්තයක් වගේ

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 16 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 89 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 187 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 664 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 522 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 351 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site