(ඩී.ජී.සුගතපාල)
අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රෙද්ශයේදී ඉකුත් (14) සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදවන ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජමේන්තු කඳවුරට ඇතුලුවිම නිසා එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබලුන්ට නිකුත්කර තිබු ටී.56 ගිනි අවි 36 ක් අද(18) දින පොලිස් බාරයට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචිව සිටි එනාදු තරිඳු ධනුෂ්ක සිල්වා නමැති පුද්ගලයා එදින සවස තම සොහොයුරිගේ කුඩා දරුවන් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණි. පසුව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවිමත් සමග යතුරුපැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවෝ දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
මේ අතර ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරු පැදිය කරන්දෙණිය පොලිස් වසමේ ඇරැව්වල යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදි 15 වන දින සවස පොලිසිය විසින් සොයාගන්නා ලදි.
පසුව වැඩිදුරටත් නිල සුනඛයින් යොදවා පරික්ෂණ කිරිමේදි නිල සුනඛයා හමුදා කඳවුර තුලට ඇතුලුවිම නිසා එදින රාජකාරියේ සිටි සෙබලුන්ට නිකුත්කර තිබු ටි.56 ගිනි අවි 36ක් මෙසේ පොලිස් බාරයට ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම ගිනි අවි රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.
අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මීද්දරමුල්ලේ වෙඩිතැබීම: පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි
ලුම්බිණි Wednesday, 19 April 2023 05:31 AM
සන්නද්ධ බුද්ධි බළකාය හරියටම රාජකාරි කරන බවක් පේනවා.
උඩුගම්පොල Wednesday, 19 April 2023 01:10 PM
බුද්ධි බලකාය වුණාට බුද්ධිමත්ව වැඩේ කරලා නෑ. පුහුණුව මදි.
පිටිගල මිලානෝ Wednesday, 19 April 2023 01:25 PM
පාතාලේ අමරසිංහලාත් මේ වැඩේ කළා. කෑම්ප් අස්සේ ඉන්න සෙබලුන්ට කොන්ත්‍රාත් එක බාරදෙනවා. රෑට හොරෙන් ඇවිල්ලා ගහලා යනවා.