(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමේදී තනි පාර්ශවයකින් ලංසු කැඳවා ඩොලර් 100ක වටිනාකමකට ලබාදීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් කර ඇතැයි විගණකාධිපතිවරයා තොරතුරු අනාවරණය කර ඇතැයි කෝප් කමිටුව පවසයි.
එහෙත් රක්ෂණ සංස්ථාව සතුව ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවද කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් එකට කැඳවා කරුණු විමසීමට කෝප් කමිටුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කාර්ය සාධනය පිළිබඳ විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 8 වැනිදා රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ ඒ රැස්වීමේදීය.
මේ අතර විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මාලදිවයින සහ සීෂෙල්ස් ශාඛා දෙක විධිමත් ආකාරයට වසා දැමීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට කෝප් කමිටුව තීරණය කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ සංස්ථාවේ මූල්‍ය නිලධාරියා පැවසූවේ එම ශාඛා දෙක දැනට ක්‍රියාත්මක නොවන හෙයින් ඒ වෙනුවෙන් මුදලක් වැය නොවන බවයි.
ඒ ශාඛා තිබූ මුදල් ලංකා බැංකු ශාඛාවල තැන්පත් කළ බවද ඔහු සඳහන් කළේය.
මේ අතර රක්ෂණ සංස්ථාවට අයත් ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කමිටුව රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට
උපදෙස් දුන්නේය.
කෝටි 79 කට වැඩි වටිනා මෙම දේපළ නැවත බාර දුන් නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය එය යළි ලබා ගෙන ඇතැයිද මෙහිදී තොරතුරු අනාවරණයවිය.
එම ඉඩම භාවිතා කළ කාලය සඳහා හිඟ කුලිය කොටස් වශයෙන් ගෙවීමටත් මෙම වසරේ සිට නව ගිවිසුමකට එළඹීමටත් ජනාධිපති කාර්යාලය එකඟවූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර සංස්ථාවේ කාර්ය මණ්ඩලය පිළිබඳවද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අවධානය යොමුවිය.
මෙහි දී රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරියා නිළධාරියා පැවසුවේ ස්ථිර කාර්ය මණ්ඩලයේ 2535 දෙනකු සහ කොන්ත්‍රාත් පදනම යටතේ දෙසිය තිස් දෙදෙනෙකු සේවය කරන බවයි.
සංස්ථාවේ මානව සම්පත සම්බන්ධයෙන් විගණනයක් පවත්වා වාර්තාවක් මාස හයකදී ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව සංස්ථාවේ සභාපතිවරයාට මෙහිදී දැනුම් දුන්නේය.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැදපෙරදිග රක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්
vernon Monday, 13 March 2023 09:06 AM
රජයේ ආයතනයක් තවත් රජයේ ආයතනයකින් දෙයක් මිලට ගත්තාම පාඩු වෙනවා කියනවා නම් ඒ පාඩුව අනෙක් රජයේ ආයතනයේ ලාභයක් වෙනවා නම් ඒක අන්තිමේදි රජයේම ගිණුම් දෙකක් අතර හුවමාරුවක් වෙනවා නම් මෙතන ඇත්තටම පාඩුවක් වෙන්නේ කොහොමද?