(විනීතා එම් ගමගේ)
කොවිඞ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20,000 කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීම් ඇතුළු අර්බුදවලට මුහුණ දී සිටිතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
මේ වනවිට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත් සමහරුන්ට අඩ වැටුප් ලැබීම හෝ වැටුප් අඩු කිරීම් සිදුව ඇති බවත් තවත් බොහෝ දෙනෙකුට අතිකාල සේවා අහිමි වී ඇති බවත් වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යධිකාරි මංගල රන්දෙනිය මහතා පැවසීය.
මේ අතර අප්‍රේල් මැයි හා ජුනි මාස තුනේ දී විදේශ රැකියාවන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටි 30,000 කට ආසන්න පිරිසකට කොවිඩ් 19 රෝගය පැතිරයාම හේතුවෙන් එම රැකියා අහිමිවී යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
එකී රැකියා අවස්ථා යලි ලබා ගැනීම පිළිබඳව කාර්යංශය මැදිහත්ව කටයුතු කරමින් සිටින බව පැවසූ රන්දෙනිය මහතා රැකියා අහිමිවී හෝ වැටුප් අහිමිව මැදපෙරදිග සිටින පිරිස් පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවත් අවශ්‍ය පහසුකම් සළසාලීමට පියවර ගන්නා බවත් පැවසීය.
එසේ යම් ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයෙක් වේ නම් අදාල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටි රන්දෙනිය මහතා එහි නිලධාරින් අවශ්‍ය පියවර ගනු ඇතැයි ද කීය.
මේ අතර විදේශ රැකියාවන්හි යෙදී සිට නිවාඩුවට මව්රට පැමිණි අය ආපසු තම සේවා ස්ථානයට යාමට අවශ්‍ය නම් ඒ පිළිබඳ කාර්යංශයට වාර්තා කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කාර්යංශය විසින් කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැදපෙරදිග ලාංකිකයෝ 20,000 ක් රැකියා අහිමිවීම් අනතුරක
pathirana Sunday, 28 June 2020 10:43 AM
විදේශ සේවා එකට කරන්න පුළුවන් දෙයක් නැහැ. සිදු විය යුත්තේ ගුවන් ගමන් ඇතිකිරීමයි... එතකොට ඉන්න කට්ටිය ගෙදර ඒවි...
විජිත් Sunday, 28 June 2020 12:51 PM
ඔය සියල්ලටම කලින් කලයුතු දෙයක් තියෙනවා. මම අහලා තියෙන විදිහට ආණ්ඩුවේ විදේශ රැකියා කාර්යාංශයෙන්-" රක්ෂණයක් "ලෙස යම් කිසි මුදලක් ලබාගන්නවා රැකියාවට මැදපෙරදිග, කොරියාව වැනි රටවලට යන අයගෙන්. කවුරු මොන අයුරින් අර්ථ දැක්වූවත් රක්ෂණයක මූලික පරමාර්ථය පිහිටක් අවශ්‍ය විට පිහිටට ඒම. දුප්පත් මිනිස්සුන්ට දෙන කොන්ත්‍රාත්තුවේ ඔය රක්ෂණය ගැන කෙසේ ලියවිලා තිබෙනවාද කියලා උගත් විද්වත් නීතිවේදීන් ස්වාධීනව සොයාබැලිය යුතුයි. ඒවගේම මෙතෙක් අයකරගත් මුදල් පරිහරණය කර ඇති අාකාරය සොයා බැලීමට බාහිර විගණක සමාගමක (external auditor) සහාය ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු සලසා ගත යුතුයි. එවිට යම්කිසි දූෂණයක්, වංචාවක් සිදුවීද කියා සැක හැර දැනගත හැක.