IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මැදිරිගිරියට දින 16කට පසුව ලැබුණු ඉන්ධන සෞඛ්‍යට පමණයි

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 16 පසු පැමිණි ඉන්ධන තොගය සෞඛය අංශයේ සේවකයන්ට පමණක් ලබා දීමට කටයුතු කිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

දින ගණනාවක් පෝලිම්හි රැදී සිටි කිසිදු පුද්ගලයකුට  ඉන්ධන ලබා නොදීමට පිරවුම්හල් සේවකයන් කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති විය.

මැදිරිගිරිය බලප්‍රදේශයේ කිසිදු රාජ්‍ය සේවකයකුටද ඉන්ධන නිකුත් නෙකිරිණි.

මෙම ඉන්ධන පිරවුම්හලට පසුගිය ජූනි මස 30වන දින  අවසාන වශයෙන් ඉන්ධන ලැබී අතර අද ඉන්ධන ලීටර 6600 ලැබීමත් සමග සෞඛ්‍ය අංශය විසින් දිස්ත්‍රික් ලේකම්වයාගේ අනුමැතියෙන් මෙම ඉන්ධන තොගයෙන් ලීටර 2000 පමණ ප්‍රමාණයක් මැදිරිගිරිය මූලික රෝහල් කාර්යය මණ්ඩලයටද අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන ලීටර 500 ද ඉතිරි ඉන්ධන 4100 ප්‍රමාණය  අත්තනකඩවල, ඇලහැර, බකමූණ ආදී රෝහල් අදහා වෙන් කරන ලෙසට ඒම ලිපියේ සදහන් කර තිබූ බව ඉන්ධ පිරවුම්හල් කළමණාකරු සමන් කුමාර මහතා ලංකාදීපයට කීය.

ඒ් අනුව මැදිරිගිරිය මූලික රෝහලේ කාර්යය මණ්ඩලයේ යතුරුපැදියෙන් සහ ත්‍රීරෝදරථයෙන් සේවයට වාර්ථා කරන සේවකයකු සදහා රුපියල් 2500 ඉන්ධන තොගයක්ද මෝටර් රථයකින් පැමිණෙන අයකු සදහා රුපියල් 7000 වශයෙන් ඉන්ධන  නිකුත් කරනු ලැබීය.

පොලිම්හි රැදී සිටි පිරිස කියා සිටියේ රෝහලේ වැඩ කටයුතු සදහා පැමිණීමට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරීම අනිවාර්යය වුවද රෝගියකු රෝහල වෙත රැගෙන ඒ්මට ඉන්ධන නොමැති වුවහොත් ඔහු නිවසේදීම මිය යාමට පවා සිදු වන බවයි.

ඒ් හේතුවෙන් සියළු පුද්ගලයන්ට ඉන්ධන ලබා දීම සිදු කරන ලෙස ඔවුන් බලකර සිටියහ.

අප මේ පිළීබදව විමසීමට පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා සම්න්ධ කර ගැනීමට උත්සහ දැරුවද ඒ් සියළු අවස්ථාවන් අසාර්ථක විය.

 



අදහස් (1)

මැදිරිගිරියට දින 16කට පසුව ලැබුණු ඉන්ධන සෞඛ්‍යට පමණයි

SL Saturday, 16 July 2022 08:51 PM

රාජ්‍ය සේවකයින්ගේ තියෙන කුහකකමේ උපරිමය තියෙන්නේ මේ අයට. දැන් සෞඛ්‍ය සේවයේ ඉන්න අයට වාහන වලම එන්න ඕනේද? පොදු ප්‍රවාහනය අකැපද? අඩුම ගානේ බාගේ බාගේ වත් බෙදාගනිල්ලා කාලකන්නි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 192 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1210 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 539 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 321 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2927 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2106 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site