IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගැන ඇමැතිවරුන්ගෙන් ජනපතිට පැමිණිලි

 

(අංජුල මහික වීරරත්න)

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ප්‍රතික්ෂේප වන ලෙස නිර්දේශ ලබාදෙන බවට ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට නිර්දේශ සඳහා යැවූ පසු  සාකච්ඡා කළ කරුණු අමතක කොට නිර්දේශ ලබාදීමෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතික්ෂේප වන බවද අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සමග සඳහන් කර ඇත.

එසේම ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ කිහිපයකට අදාලව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයකට ද මෙලෙස වැරදි නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ජනපති මේ ගැන සොයා බැලීමේදි හෙළිදරව් වී තිබේ. 

මුදල් අමාත්‍යංශය යටතේ දෙපාර්තමේන්තු 13 ක් පමණ පවතින අතර අදාල අමාත්‍යවරුන් ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාල දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සාකච්ඡා කොට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබයි.

ඇමති මණ්ඩල අනුමැතියට පෙර ඒවාට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම වෙනුවෙන් අදාල දෙපාර්තමේන්තුවට ගිය පසු ඔවුන් කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වන ලෙස හිතා මතාම නිර්දේශ ඉදිරිපත් කරන බව මෙම ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැමිණිලි කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කාර්ය භාරය පාර්ලිමේන්තුවේ දී  ප්‍රසිද්ධියේ විවේචනය කළ බවත් ඉදිරියේදී  මහාභාණ්ඩාගාරය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන්  රජය අපහසුතාවයට පත් කිරීමට කරව මෙම ක්‍රියාවලිය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට තීන්දු කර ඇතැයි අමාත්‍යවරු ජනපති සමග පැවැසූහ.

ලංකා ගමනාගමන මණ්ඩලයට සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් මහාභාණ්ඩාගාරය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතත් තවමත් එය සකස් කර නොමැති වීම ගැන ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අමාත්‍යවරු පැමිණිලි කළහ.

ජනාධිපති යටතේ ඇති අමාත්‍යාංශ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවලට වැරදි නිර්දේශ ඉදිරිපත් කිරිම ගැන මෙන්ම ඇමතිවරු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා එවැනි දෑ සිදුනොවීමට අවශ්‍ය පියවර ගනන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට හා ජ්‍යෙෂ්ඨ සහකාර ලෙකම් මධුසංක දිසානායක මහතා වෙත ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය .

මෙම දෙපාර්තමේන්තු වල සිටින නිලධාරීන් බහුතරයක් අවුරුදු 20 ක් 30 ක් එකම ස්ථානයක රැදී සිටිමින් මේවායෙන් ලැබෙන වරප්‍රසාද භුක්ති විදිනවා විනා රටට අවශ්‍ය දේ ඉටු නොකරන බවටද  ඇමතිවරුන් ජනාධිපති දැනුම්වත් කොට ඇත.



අදහස් (3)

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගැන ඇමැතිවරුන්ගෙන් ජනපතිට පැමිණිලි

Lalla Saturday, 17 February 2024 10:08 AM

ලංකා විශ්ව විද්‍යාලවල කලා උපාධිය ගත්තු රාජ්‍ය පරිපාලන සේවයේ බහුතරය කිසිම දේකට තර්කානුකූලව මුහුණ දීමට හෝ කටයුතු තේරුම්ගෙන වැඩ කරන්න පුළුවන් අය නොවේ. සංවර්ධන නිලධාරීන්ට දෙවෙනි නෑ. ඇමැතිලා නොමග යැවීම නොව ඒ වාර්තා සකස් කරන විදිහ නොදන්න කම නේද? ඕක අතීතයේ පටන්ම අපේ පරිපාලන සේවයේ දුර්වලකමක්... කොතරම් නව නිශ්පාදන පේටන්ට් ඔවුන්ට බැරිකම නිසා ප්‍රතික්ෂේප කරලා තියෙනවාද?

:       5       23

Mo77 Saturday, 17 February 2024 12:49 PM

මහා භාණ්ඩාගාරයේ මූදල් අමාත්‍යාංශය, මහ බැංකුවේ ඉන්න නිලධාරීන්ගෙන් බහුතරයක් විදේශ පුරවැසියෝ එහෙම නැත්නම් විදේශවල ස්ථිර පදිංචිකරුවෝ... එහෙම නැත්නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ විදේශ රටවල් වල ස්ථිර පදිංචිකරුවෝ. මොවුන්ට ලංකාව ගැන හැඟීමක් නෑ. මොවුන් කරන්නේ ලංකාවෙන් සල්ලි හොයලා පිටරටට පටවන එකයි..

:       1       8

ravin Saturday, 17 February 2024 01:21 PM

දේශපාලුවන් ගැන දන්න ඕනම කෙනෙක් ඔය යවන කියන ලියකියවිලිවල තාර බර ගැන හොඳින් දන්නවා. උදාහරණ ඉමිනෝග්ලොබින් සිද්ධිය ඒවා අනුමත කරලා මුළු රටේම සාපයට ගොදුරු වෙනවට කැමැති කවුද?

:       4       4

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 591 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1150 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1712 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1147 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site