(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
මේ අනුව පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 44ක් පමණි.
පනත් කෙටුම්පතට ඡන්දයක් අවශ්‍ය බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේය.
ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මෙයට අමතරව 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්ද ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතද , නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් ඡන්ද විමසීමකින් තොරව සම්මත වූයේය.
මෙම මුදල් පනත් සහ රෙගුලාසි පිළිබඳ විවාදය අද (7) උදේ 11.00ට පමණ ආරම්භ වූ අතර පස්වරු 4:30 දක්වා එය පැවැත්විණ.
මෙම මුදල් පනත් පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
විවාදයේ ආරම්භක කතාව කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සම්මත වේ
Wije Tuesday, 07 September 2021 08:00 PM
මොනවා ගෙනාවත් සමමත වෙනවා
BamunuarachchiThursday, 09 September 2021 11:52 AM
ඒකටයි හලෝ 2/3 බලයක් හදා ගත්තේ. නැතුව අපිට මේවා දුන්නේ නැතිනම් රජයෙන් අයින් වෙනවා කියලා සුළු ජාතීන්ට කේවල් කරන්න පුළුවන් රජයක් නොවෙයි මේක.
swene Wednesday, 08 September 2021 06:44 AM
සම්මත කරන්න තමයි ජනතාව මෙතරම් බලයක් දුන්නේ... දැන් ආනිසංශ විඳින්න පුළුවන්...!
Bamunuarachchi Thursday, 09 September 2021 11:53 AM
මේ රජය බලයට ආවේ නැතිනම් කොවිඩ් වසංගතේ එන්නේ නැද්ද?