(කේ බුද්ධික කුමාරසිරි)
ජපන් රටට රැකියා යවන බවට පවසා පුද්ගලයින් 250 කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වංචා කල බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවක් සහ එම සැකකාරියට අනුබල දුන් හිටපු පොලිස් නිළධාරියෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ලක්ෂ්මී සූරියගේ මහත්මිය නියෝග කලාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන ශර්මිලා ජයරත්න නමැති 51 හැවිරිදි කාන්තාවක සහ රැකියාවෙන් නෙරපා සිටි පොලිස් කොස්තාපල්වරයකු වන ලක්ෂාන් පුෂ්පකුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි
මෙම සැකකරුවන් දෙදෙනා මීගමුව හලාවත මාර්ගය ආසන්නයේ කුලී නිවසක සැගව සිටියදී මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය අත් අඩංගුවට ගෙන ඇත
අත් අඩංගුවට ගත් සැකකාරිය සදහා මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 36 ක් සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 11ක් නිකුත් කර ඇති බවද මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් ව සිටි නීතිඥ චමිල දේවප්‍රිය මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විශේෂ වංචා විමර්ශන ඒකකය ගම්පහ සහ පෑළියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකක සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචාව විමර්ශන ඒකකය මගින් කාළයක සිට මෙම සැකකාරිය අත් අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කල ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට පලා යාම නිසා අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබී ඇති බව ද මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ වංචා වැටලීම් ඒකකයට පමණක් මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැමිණිලි 180 ක් ලැබී ඇතැයි ද කරුණු අනාවරණය කරන ලදී
මේ පිළිබදව විමර්ශන කටයුතු කරමින් සිටි මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක සාලිය ප්‍රසන්න සුමතිපාල මහතාට ලද තොරතුරක් මත මීගමුව හලාවත මාර්ගයේ කුලී නිවසක පදිංචිව සිටියදී අත්අඩංගුවට ගත් බවද එම ඒකකය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලදී
මෙම සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් එම නිවසට පැමිණිලිකරුවන් සොයා පැමිණීම නිසාවෙන් එම නිවස අතහැර අනුරාධපුර පුත්තලම කුරුණෑගල ආදිය ප්‍රදේශවල කුලී පදනම්වත් ලබාගත් නිවසට පදිංචිව සිට ඇතැයිද සැකකරුවන් භාවිතා කරන මෝටර් රථ කාලයෙන් කාලෙට මාරු කර පරිහරණය කර ඇතැයි ද අනාවරණය වී ඇති බවත් ඒ නිසාවෙන් සැකකාරිය පිළිබදව විශ්වාසය නොමැති බැවින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිඥ චමිල දේවප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී
එසේම මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැමිණිලි තිබෙන අධිකරණය වලට ඉදිරිපත් කිරීම සදහා අවසර ලබා දීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ චමිල දේවප්‍රිය මහතා පෙනී සිටින ලදී
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුදල් වංචාවකට හිටපු කොස්තාපල් සහ කතක් රිමාන්ඩ්