(කේ බුද්ධික කුමාරසිරි)
‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්සේරු කිරීම නම් එම නිවාසද නැවත තක්සේරු කර නියමිත කුලිය අය කිරීම කල යුතුයි‘ යැයි පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුවේ ප්‍රධාන ලේකම් නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද (30) දින පැවසීය
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා :-
පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසික කුලී මුදල් වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් දෙදහසක් (රු.2000.00 ) පමණයි. රජය විසින් ලබාදී ඇති නිල නිවාස නැවත තක්සේරු කිරීමේ ක්‍රමවේදයකට ගමන් කරන්නේ නම් , එම නිවාසද නැවත තක්සේරු කර නියමිත මාසික කුලිය අයකිරීමට කටයුතු කළ යුතුයි.
වත්මන් රජය බලයට පත්වීමට පෙර , ජනතා නියෝජිතයින්ට ලබාදෙන සියළු වරදාන වරප්‍රසාද අහිමි කළ යුතු බව පැවසුවත් මේ වන විට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාසිකව රුපියල් ලක්ෂ 06 කට වැඩි වරප්‍රසාද භුක්ති විදිනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි නවයහාමාරක (9.5 ක) ප්‍රමාණයක් ලබාගන්නවා
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාදිවෙල මන්ත්‍රී නිවාසවල කුලිය යළි තක්සේරුවට යයි
යෝගා Thursday, 30 January 2025 11:38 AM
මේවා විතරක් නෙමෙයි, රජයේ සියලු නිල නිවාස නැවත තක්සේරු කර ඒ අනුව කුලිය අය කළ යුතුයි. නැතුව තමන්ට පලිගන්න අවශ්‍ය, නැත්නම් තමන්ට ඔවුන් කෙරේ දරාගන්න බැරි ඊර්ෂ්‍යාවක් තියෙන අයගේ නිල නිවාස වලට විතරක් අලුත් නීති ගේන්න බෑ. පුලුවන් නම් එහෙම කරන්න, උසාවියෙන් විසඳා ගන්න පුලුවන්.
වික්‍රම විදුර Thursday, 30 January 2025 11:46 AM
ඔව් මහත්මයා ඉස්සර හිටපු අයගෙනුත් අයකගන්න ඔන කියලාම කියන්න.. උන්ට පිනට මුන්ට මිලට ඕන නෑනේ... උබල ඒවා වල ඉදලා අපිවත් රටත් හොරා කාලා විනාස කොරලනේ ගියේ රටේ මිනිස්සුන්ට කැදත් නැති වෙන්න. පලයං මහත්තයෝ යන්න..
බකල ජයා Thursday, 30 January 2025 11:55 AM
හොඳ යෝජනාවක්. තවත් විදිහකට, එහෙම නැත්නම් යථාර්ථවාදීව බලනවා නම් කලින් රජයේ මන්ත්‍රී කෙනෙක්ගේ දීමනාවත් කියන්න. එතකොට රට ටිකක් හරි හොඳ පැත්තකට ගිහින් තියෙනවද කියලා වැටහීමක් එයි.
Nuran Thursday, 30 January 2025 02:08 PM
හිටපු ජනාධිපතිලගේ වියදම් ඇස්තුමෙන්තුත් ගේන්න ඕනේ රනිල් මහින්ද රු බිලියන ගාණක් මහජන මුදල් පාවිච්චි කරලා ඇති.
Shan Thursday, 30 January 2025 02:18 PM
මෙයට අවුරුදු 3කට විතර කලින් උබ කොහේද හිටියේ. එක මන්ත්‍රී කෙනෙකුට විතරක් වියදම් කළා ඔයිට වැඩිය.
දිමුත් Friday, 31 January 2025 09:39 AM
නිල නිවාස දීලා තියෙන්නේ ජනතා නියෝජනය සඳහා තමයි. නැත්නම් කොහොමද ඈත පළාතක මන්ත්‍රී කෙනෙක් රැස්වීම්වලට පාර්ලිමේන්තු එන්නේ...?