IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගීත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු කෙරිණි.

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

ජනාධිපති කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති නිල හමුවෙන් පසු නායකයෝ මෙම අවස්ථාවට එක් වූහ.

ඉන්දියාවේ එන්ටීපීසී (NTPC) ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සම හවුල්කාරීත්වයෙන් සංස්ථාගත කළ ත්‍රිකුණාමල විදුලිබල සමාගමෙන් ඉදිකිරීමට නියමිත සාම්පූර් සූර්ය විදුලි බලාගාරය දිගුකාලීන බලශක්ති උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම (LTGEP) අනුව ස්ථාපිත කිරීමට නියමිත ඊසානදිග පුනර්ජනනීය බලශක්ති කලාපයේ කොටසකි. 

සාම්පූර් සූර්ය විදුලි  බලාගාර ව්‍යාපෘතිය අදියර දෙකකින් සැලසුම් කර ඇති අතර දෙවන අදියර 2027දී ආරම්භ කිරීමට නියමිතය. අක්කර 500ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති අතර මෙහි පළමු අදියර යටතේ  මෙරට ජාතික විදුලිබල සැපයුමට එක් කරන විදුලිබල ධාරිතාව මෙගාවොට් 50ක් වේ. N-type TOPCon solar cells යන නවීනතම තාක්ෂණය සහිතව ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින්, බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමත්, මෙරට බලශක්ති පද්ධතිය තවදුරටත් ෆොසිල ඉන්ධන මත යැපීම වෙනුවට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු කර වීමත් අපේක්ෂා කරයි. ඒ අනුව, සාම්පූර් සූර්ය විදුලි  බලාගාර ව්‍යාපෘතිය තුළින් වායුගෝලයට වාර්ෂිකව විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ටොන් ලක්ෂ 02කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

පසු අස්වනු හානිය 40%කින් පමණ අවම කර ගැනීම, කෘෂි නිෂ්පාදන මිලෙහි උච්චාවචනය පාලනය කිරීම, පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සැපයීම  සහ කෘෂිකාර්මික තිරසාරභාවය වැඩිදියුණු කිරීම ආදී අරමුණු සහිතව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක් සහිතව ඉදි කළ  දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාරය) අද මෙලෙස  විවෘත කෙරිණි.

විවිධ භෝග සඳහා ප්‍රශස්ත ගබඩා ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම ගබඩාවේ කුටි හයක්  ස්ථාපිත කර ඇති අතර,  එම සෑම කුටියක්ම විවිධ දේශගුණික තත්ත්වයන් අනුකරණය කරමින් ඉදි කර තිබේ. මෙරට ඉදිකළ  මෙවන් ආකාරයේ පළමු ගබඩා සංකීර්ණය වන මෙහි සමස්ත වියදම රුපියල් මිලියන 524කි. ඉන් රුපියල් මිලියන 300ක් ඉන්දීය රජයේ ප්‍රදානයක් වන අතර ශ්‍රී  ලංකා රජයෙන් මේ සඳහා  රුපියල් මිලියන 224ක් වැය කර තිබේ. 

ආගමික ස්ථාන 5000ක හෙවිලි මත  සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යනු දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා  සියලුම ආගම් නියෝජනය වන පරිදි තෝරා ගත්  ආගමික ස්ථාන 5000ක් සඳහා සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියකි. ඉන්දීය රජය මේ සඳහා ඩොලර් මිලියන 17ක් ආයෝජනය කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයන්හි වහල මත 5 kW ධාරිතාවකින් යුත් සූර්ය පැනල පද්ධති 5,000ක් ස්ථාපනය කෙරේ. මෙමගින් මෙරට බලශක්ති ජාලයට මෙගාවොට් 25ක සූර්යබල ධාරිතාවක් එකතු කිරීමට අපේක්ෂිතය. 



අදහස් (22)

මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි

බටලන්දේ ප්‍රේමවතී Saturday, 05 April 2025 05:12 PM

මේ ආණ්ඩුව සාම්පූර් කරපු එක හොඳට ගියා. නැත්තම් හයිවේ එකෙන් ගැහුවා වගේ ඉර එලියෙනුත් හොරකම් කරනවා.

:       119       66

Susum Saturday, 05 April 2025 06:12 PM

ඈ ප්‍රේමවතියෝ. එතකොට මේ දැන් කරන්නේ ලංකාව, ඉන්දියාවට විකුණන එකක් නොවෙයිද?...

:       62       115

තරිඳු Saturday, 05 April 2025 05:18 PM

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5000 දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරීම 98% ක්ම පහුගිය ආණ්ඩුව විසින් අවසන් කරපු වැඩක්. මේක 2018 යහපාලන ආණ්ඩුව යටතේ හර්ෂ ද සිල්වා ඇමතිවරයා විසින් ආරම්භ කරපු වැඩක්. මාලිමා ආණ්ඩුවට මේ වැඩේට උප්පැන්න දෙන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. මොකද මේක ආරම්භ කරන්න යද්දී ජවිපෙ විරුද්ධ වුණා.

:       56       105

TironSaturday, 05 April 2025 11:51 PM

බොරු කියන්න එපා. JVP විරුද්ධ වෙච්චි තැන පෙන්නන්න.

:       20       7

කෞෂිSunday, 06 April 2025 09:57 AM

තරිඳු, ඔය ප්‍රතිශතය හොයාගත්තු මූලාශ්‍රය සත්‍ය නම් අපිට ඩබල් චෙක් කරන්න පුළුවන්නම් මම අද ඉඳලා මෙතැන කමෙන්ට් කරන එක නවත්තනවා.

:       22       13

තාරානාත්Sunday, 06 April 2025 10:58 AM

ඒක පටන්ගත්තේ හර්ෂ... ඒකට කෙලෙව්වේ ගෝඨා පාලනය... ජෙප්පෝ ඕකට විරුද්ධ වුණේ නෑ. නිකම් බොරු නොකියා ඉඳින් කොල්ලෝ...!

:       26       13

යෝගා Saturday, 05 April 2025 05:45 PM

වැඩ තුනම පහුගිය ආණ්ඩු ආරම්භ කරපු සහ වැඩ අවසන් කරපු ව්‍යාපෘති. ලැජ්ජා නැති කයිතන් ඒවා තමන් කරපු වැඩ වගේ රඟනවා. කුහකයා අඩුගානේ ඕවා අරඹපු අයට ස්තුති කරන්නේවත් නෑ. එයා හිතන්නේ මෝදිලා ඕවා දන්නේ නෑ කියලා වෙන්නැති. ලෝකෙටම විහිලුවක් වෙලා.

:       61       106

ලූට මූස්Sunday, 06 April 2025 09:06 AM

කවුරු කෙසේ වෙතත්, යෝගා ගුණරත්න නම් ලෝක විහිළුවක් වෙලා...!

:       21       13

Suneth Sunday, 06 April 2025 07:35 PM

යෝගා, වැඩ තුනම පහුගිය ආණ්ඩුවලින් නම් ඉවර කරගන්න බැරිවුනේ ඉතුරු සල්ලි හොරාකාලා හින්දා නේද.?

:       14       7

ගුණරත්න Saturday, 05 April 2025 05:51 PM

ස්තුතියි මෝදි අගමැතිතුමනි. නමුත් ඔය කල්ලිය විශ්වාස කරන්න එපා, ඔවුන් අවුරුදු කීපයකට කලින් ඉන්දියානු ව්‍යාප්තවාදයක් දේශනා කරමින් අසරණ අහිංසක මිනිස්සු 60,000ක් මැරුවා. එහෙව් කල්ලියක් දැන් ඉන්දියාව පිළිගන්නවා කියන්න පුළුවන්ද?

:       68       112

ටයරසෑපුත්‍ර Sunday, 06 April 2025 08:07 PM

60000 කතාව අර මැණික් මල්ල ගෙනත් දුන්නු එක්කෙනාද? නැත්නම් කැළණි ගඟෙන් සද්දෙත් එක්ක නයා අල්ලපු එක්කෙනාද කිව්වේ...?

:       14       6

Janaka Sunday, 06 April 2025 12:05 AM

දඩාවතේ යන බල්ලන් අඩුවුණු එකත් එක්ක වැඩ හතරයි...

:       6       21

Mangala Sunday, 06 April 2025 12:06 AM

මතක අය කියන්න බලන්න සාධාරණ කොටාගේ වැඩ 3...

:       7       11

Kamal Sunday, 06 April 2025 06:09 AM

මේ ඔක්කෝටම ඩිමෙන්ෂියාව. තව හෙලුවැල්ලෙන් කඩේ යන අය ටිකක් ඉන්නවා. බද්‍රානි, කෞෂි, ෆයිරූස්, සෙනෙවිරත්න වගේ අයටත් එහෙමයි.

:       12       16

Neel Sunday, 06 April 2025 06:44 AM

සමහර වෙලාවට ඇටපිටින් ගහපුවාම ඔහොම කථා කියැවෙනවා.

:       11       0

මෝදි Sunday, 06 April 2025 08:21 AM

ඈ බං ගුණයෝ…, එතකොට මට විශ්වාස කරන්න කියන්නේ ඔබලාගේ රට බංකොලොත් කරපු අර මයිනා පවුලයි පාලම් සීයයිද?

:       12       12

ලව්සික් Sunday, 06 April 2025 08:24 AM

මෙන්න බොලේ යෝගාගේ රාජ පස්සවල් හෝදන ලොන්ඩරියට බෝම්බ ගහලා, ඩෝබිලා ටික එළියට පැනලා..!

:       7       12

Nishan Sunday, 06 April 2025 10:19 AM

හරියට දන්නේ නැත්නම් නොදා ඉන්න. මේ ඔක්කෝම වැඩ ගිය ආණ්ඩුවලින් පටන් ගත්තු වැඩ. සමහර ඒවාට මෙයාලාම විරුද්ද වුණා. මේ ආණ්ඩුව පටන් ගත්තු කිසිම අළුත් වැඩක් නෑ. කයිවාරුවයි අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන එකයි විතරයි මේ ආන්ඩුව මෙතුවක් කල් කළේ...

:       12       21

Nalin Sunday, 06 April 2025 03:06 PM

කෞෂි ඔයා කමෙන්ට් කරනවා කිව්වට වඩා ගොම දානවා කිව්වොත් නිවැරැදියි.

:       11       18

කෞෂිSunday, 06 April 2025 07:25 PM

එකම නමෙන් කමෙන්ට් කරන්න කොන්ද පණ මදිද? කරුණු නැතිව වැල්වටාරම්, ඕපාදූප කියවනකොට ඔහොම වෙනවා.

:       10       7

Gavin Sunday, 06 April 2025 03:53 PM

ලූට මූස්, කයිතන් තරම් නම් නොවේ...!

:       11       2

ලූට මූස්Sunday, 06 April 2025 04:35 PM

ලෝකයේ කව්ද විහිළුවක් වෙලා කිව්වේ? කරුණාකර දත්ත සපයන්න. යෝගා ඩබල නම් විහිලුවක් වෙලා තියෙන බව මෙහි පලවන කමෙන්ට්ස් වලින්ම පේනවා...!

:       14       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සවස් කාලයේදී තැනින් තැන වැසි
2025 අප්‍රේල් මස 07 30 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා
2025 අප්‍රේල් මස 07 351 0

ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ ක


මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති
2025 අප්‍රේල් මස 07 263 0

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.


වැලිකඩ ඕඅයිසී ඉවත් කරන්න කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි
2025 අප්‍රේල් මස 06 866 0

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ


නියෝජ්‍ය ඇමැතිගේ මාමා නීතිය අතර අරගෙන
2025 අප්‍රේල් මස 06 1830 0

ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල


හිතුමතේ පැනවූ තීරු බදු
2025 අප්‍රේල් මස 06 2455 1

ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 452 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 485 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 977 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site