(ගයාන් සූරියආරච්චි)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාර වෙනුවෙන් හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශවල මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද පොලිසිය ක්‍රියාත්මක කරන අතර පොලිස් නිලධාරීන් 1500 ක් පමණ රාජකාරී කරනු ලබන අතර යුද හමුදාව, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කීපයක් විශේෂ ආරක්ෂාව සපයනු ඇත.
එම කාලසීමාව තුළදී රථවාහන තදබදය හා රියැදුරන්ට සිදුවන අපහසුතාව අවම කර ගැනීම සදහා රියැදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් කටයුතු කරනු ඇත.
පසුදා (6) අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ අනුරාධපුර දුම්රියපොළ ආශ්‍රිත ප්‍රධාන මාර්ග පෙරවරු 7.30 ත් 10.30 ත් අතර කාලයේ වරින් වර මාර්ගය වසා තැබෙන බැවින් එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවකින් තොරව තම කටයුතු කරගැනීම සදහා විකල්ප මාර්ග වෙත රථවාහන නිලධාරීන් යොමු කරන බවද පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය වෙනුවෙන් පොලිසිය කරනු ලබන විශේෂ රථවාහන සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මොදි සංචාරයට වැසෙන මාර්ග මෙන්න
ගුණරත්න Saturday, 05 April 2025 08:00 PM
ඉස්සරත් ඉන්දියන් රාජ්‍ය නායකයෙක් එනවා කිව්වම රටේ පාරවල් වැහුනා, එත් පොලීසියෙන් වහපු පාරවල් නෙවෙයි, ජවිපෙ පාරවල් වහගෙන උද්ගෝෂණ කල නිසා තමයි එහෙම වුනේ.