(නිමල කොඩිතුවක්කු)
අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී යහපාලන රජයේ අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැලසුම් කළ දිනට මධ්‍යම අධිවේගී මාර්ගයේ අවසන් කළ නොහැකි වූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පමා වූ සමාඟම පිළිබඳව අනිද්දා (2) දිනයේ තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ සහ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමට සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එම මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම එම සමාගමට අවවාද කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කියා සිටියේය.
එම සමාගමට ඉදිකිරීම් කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි නම් මේ වන විට ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරේ සිටින අනෙකුත් කොන්ත්‍රාත් සමාගම් වලට ඔවුන්ගේ කොටසේ ඉදිකිරීම් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබා දී ඔවුන් ඉවත් විය යුතු බවද හෙතෙම කීය.
එමෙන්ම කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අවට නව නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අධිවේගී මාර්ගය දෙපස පැළ සිටවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ව්‍යාපෘති අධ්යක්ෂ ඩබ්.කේ.කොඩිතුවක්කු , මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ව්‍යාපෘති අධ්යක්ෂ කෙහෙල්ඇල්ල , ඉදිකිරීම් බාර කොන්ත්‍රාත් සමාගම්වල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මධ්‍යම අධිවේගයේ පමාව යහපාලන අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගම නිසයි
shanthi Sunday, 28 February 2021 01:54 PM
ඔය අරක්කු ජොනී කියලා තියෙන යහපාලන ඇමතිගේ නම දන්නා කෙනෙක් පලකරන්න.
පුස්ඇල්ලMonday, 01 March 2021 06:51 AM
ඇල්ලක් වගේ නමක් තියෙන කෙනෙක් කියලා තමයි ආරංචිය තියෙන්නේ... හැබැයි හරියටම කියන්න නම් දන්නේ නැහැ ඒ ආරංචිය ඇත්තද කියලා... ?
siri Sunday, 28 February 2021 02:24 PM
සමහර දේවල්වලට මුන්නැහේලා තරම් ඒ ගොල්ලෝ දක්ෂ නැහැ වගේ...
Raveendra Sunday, 28 February 2021 03:04 PM
ජෝන් මල්ලි, ඔයත් දැන් ඇමතියෙක්නේ... මීට පෙරත් ඇමතියෙක්නේ... ඉතින් ඔය වැඩේට ඍජුවම සම්බන්ධ ඒ හිටපු ඇමතිගේ නම කියන්නකෝ තටම තටමා ඉන්නේ නැතිව..
Shammi Perera Sunday, 28 February 2021 03:17 PM
හා..., අපි මොනවා හරි කරන්නම්....
banda Sunday, 28 February 2021 03:19 PM
හැම කෙනාටම යහපාලනේ ගැන කියවන්නේ නැතිව දැන් වැඩ කරන්න.
saliya Sunday, 28 February 2021 06:45 PM
වැඩ කරපු මිනිස්සුන්ටත් පඩි නොදි පොලු තියන අම්පා ඇමති. මොහුගැන වහාම සොයාබලා දඬුවම් දෙන්න.
Perera Sunday, 28 February 2021 06:51 PM
මේ අය ඒ ගොල්ලන්ට ඇඟිල්ල දික් කරනවා. ඒ අය මොවුන්ට ඇඟිල්ල දික් කරනවා. ඔය ඔක්කොම හොරු බව දැන දැන රටේ බුද්ධිමත් ජනතාව ආයෙ ආයේ... ඒ අයටම ඡන්දෙත් දෙනවා. ලංකාවට ජයවේවා..!!!
Ano Sunday, 28 February 2021 09:15 PM
නම කියන්න බැරි ඇයි?
සිරි Monday, 01 March 2021 01:46 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව?
sarath perth Monday, 01 March 2021 02:01 AM
ගල් පැලෙන බොරු කියන්න එපා... යහපාලන ඇමතිවරුන්ට දොස් කියනවා එහෙම නොවෙයි. තමුන්ගේ නොහැකියාව... හා එහෙනම් කියන්න කවුද ඇමති?
Sadis Monday, 01 March 2021 03:22 AM
මෙයාලට මොනවා වුණත් යහපාලනේ. වැඩ බැරි එකාලාට පොළවත් ඇදලුනේ...
Senarath Monday, 01 March 2021 06:41 AM
ඇමැතිතුමා, ඒ කොන්ත්‍රාත් සමාගමට සල්ලිත් දීලා වැඩේ කරන්නේ නැතිව වැඩ ප්‍රමාද නම්... කොන්තරාත්තුව අවලංගු කරලා වෙන සමාගමකට දෙන්න පුළුවන්.. ඒ වගේම සිදුවූ අලාභය, ඔවුන්ගෙන් පියවා ගැනීමට නීතිමය පියවර ගන්නත් පුළුවන්. ජනතාවගේ සල්ලි වලින් ඒ සමාගමට රෝලේ යන්න දෙන්න බැහැ. ඉක්මණින් පියවර ගන්න. ජනතාවට අධිවේග තිබේ නම් කොපමණ කාලයක් ඉතුරු වෙනවද? ඒ වගේම පාරේ වාහන තදබදයත් අඩුවෙනවනේ...
senaMonday, 01 March 2021 09:01 AM
මෙතන තියෙන්නේ මෝඩ ජනතාවට පොඩි විනෝදයක් සැපයීම. කොන්තරාත් එකක් කියන්නේ සංකීර්ණ නීතිමය ලියවිල්ලක්.. ඒක හිතෙන හිතෙන විදිහට කෑන්සල් කරන්න බැහැ.
sharm warn Monday, 01 March 2021 09:17 AM
අනේ මෙයා හරි බබානේ.. පව් ඉතින්..
wicky Monday, 01 March 2021 03:59 PM
බොහොම සාධාරණ මනුස්සයෙක් වගේ කතා කරන්නේ. හැමෝටම දොස් කියන එක තමයි කරන්නේ. මෙයා එජාපයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඒ ඉනිමගට පයින් ගසා වාසි පැත්තට හුරේ දාන පොරක්..