IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි

(මොහොමඩ් ආසික් සහ ගාමිණි බණ්ඩාර ඉලන්ගන්තිලක)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.

දැඩි අව් රශ්මිය වනාන්තර මත පතිත වීම නිසා එම වනාන්තරවල ඇති ශාඛ වර්ග අව් රශ්මියෙන් පිලිස්සී කර වී ගොස් ඇති අතර ඕනෑම මොහොතක ගිනි ගැනීමේ අනදානම් තත්වයක පවතී.

මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි ස්වභාවික වනාන්තර රැසක මේ තත්වය දකින්නට ලැබෙයි. මහනුවර මාතලේ දිස්ත්‍රික්ක මායිම් වන නකල්ස් කඳුවැටියේ ඇතැම් ප්‍රදේශ හන්තාන කඳුවැටිය, මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන හෝටන්තැන්න ඇතුළු වනාන්තර මෙලෙස දැඩි අවදානම් තත්වයේ පවතී. හෝටන්තැන්න අධි සංවේදී පරිසර කලාපයේ පරිසර පද්ධතිය දැඩි ලෙස අව් රශ්මියෙන් පිලිස්සී ඇති අයුරුයි මේ.

පසුගිය දිනවල රක්ෂිත වනාන්තර රැසක ගිනි ගැනීම් සිදුව තිබූ බව වාර්ති වී තිබිණ.

මෙම තත්වය හමුවේ ඕනෑම මොහොතක මෙවන් වනාන්තර ගිනි ඇවිලීමේ අවදානමක් පවතින බැවින් මේ නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිසිය, වන සංරක්ෂන, වන ජීවි අංශවල නිලධාරින් මෙන්ම පරිසරවේදීන්ද ජනතාවගෙන් ඉල්ලා සිටිති.



අදහස් (4)

මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි

පච Sunday, 23 February 2025 01:38 PM

තව ටික දවසකින් පොළවත් පැලෙයි කිව්ව බොරු වලට.

:       17       19

දොන් සේතන්, Sunday, 23 February 2025 03:06 PM

මේ ඉඩම් වල ගස් ටිකක් හිටවන්න විදේශ ආධාර ඕනෑද? ආපහු කතා කරලා රට සුද්දටම දෙන එක තමයි කරන්න වෙන්නේ...

:       3       10

Tharindu Sunday, 23 February 2025 04:06 PM

සංචාරකයින් ඇතුල් කරගැනීම වහාම නතරකිරීම තමයි හොඳම දේ කියලයි මගේ නම් අදහස.. මොකද කුමන හෝ අවාසනාවකට කුමන හෝ ගිනිගැනීමකට ලක්වූවහොත් පරිසර හානිය මෙන්ම අපහසු කාල කිහිපයක්ම පසුකර සංචාරක කර්මාන්තයට දැඩි කැලැලක් මෙන්ම අලාභ හානියක් සිදුවනු ඇත.. මන්ද ලැව්ගිනි නිවීම ඉතා අපහසුයි.

:       0       9

Padmini Sunday, 23 February 2025 05:17 PM

දේවෝ වස්සතු කාලේන ගාථාව මතක්වුණා.. අමතරව රුවන්වැලි මහසෑයේ මලුවේ අතීත රජකෙනෙක් සත්‍යක්‍රියා කළා... කියලා අහලා තියෙනවා...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site