(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව නිර්දේශ කළේය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් මතු කෙරුණු කරුණු පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා (7) පස්වරුවේ රැස් විය.
විශේෂ විගණන වාර්තාවෙන් මතු කෙරුණු කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳවද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට
එකඟත්වයක් ඇතිවිය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය කෝප් රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණ. විශේෂයෙන් පාලක සභාවේ 209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳවද සාකච්ඡා කිරීමට එකඟත්වයක් ඇතිවිය.
අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කර ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අත්සන් කළ හත් දෙනා මෙම රැස්වීමේ අත්සන් නාමලේඛනයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බව පැවසීය.
එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට ඉහත නිර්දේශය කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මධ්‍යම සංස්කෘතික අරමුදලේ දූෂණ සොයන්න විශේෂ කමිටුවක්
PODDA Wednesday, 08 March 2023 04:41 PM
පුතාණෝට, වැඩේ දෙන්නද යන්නේ?
දාසWednesday, 08 March 2023 05:21 PM
පුතාණෝ වැරැදි ගොඩක් කරලා තියෙනවා කියලා විගණන වාර්ථාවේ දක්වලා තියෙනවා... හැබැයි ජජබ.. කාටහරි, මොකක්හරි සුලු චෝදනාවක් තිබුණා නම් අද උන්දැලා හිරේ...
Surain Wednesday, 08 March 2023 05:35 PM
කරගන්න දෙයක් නැති වුණාම මෙදාවත් ගහමු නේද න්‍යාය...?
nandana Wednesday, 08 March 2023 05:38 PM
හැමදාම දූෂණ, වංචා හොයන්න කමිටු දානවා පමණයි. මහබැංකු හොරකම ගැන වෝහාරික විමර්ෂණයට මොනතරම් වියදම් කළාද? කෝ සීනි බදු වංචාව ගැන ගත්තු තීරණ ජනතාව ගොනාට අන්දන එක තමයි මිනිස්සු බඩගින්නේ දුක් විඳිනවා හැමදාම...
siri Wednesday, 08 March 2023 05:58 PM
විගණකාධිපතිවරයා දූෂණ, වංචා සහ රජයේ දේපළ අවභාවිතා කිරීම සම්බන්ධ නොයෙක් ආයතන ගැන මෙතෙක් ලබාදී ඇති සියලු වාර්තා සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගන්න...