IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මාධ්‍යයට එන අයට පුහුණුවක් දෙන්න වරලත් මාධ්‍යවේදී ආයතනයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාධ්‍ය වෘත්තීයට පිවිසෙන අය සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට වරලත් මාධ්‍යවේදී ආයතනයක්  පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ලබන මැයි මාසය වන විට එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාධ්‍යවේදීන්ට වෘත්තීය පුහුණුවක් ලබන ආයතනයක් නොමැති වීම  ඓතිහාසික වරදක් හෙයින්  ඒ වරද නිවැරදි කරන්නට කටයුතු කරන බවද අලහප්පෙරුම මහතා කීය.

"මාධ්‍ය වෘත්තීයට කියන්නේ හතරවන ආණ්ඩුව කියලයි.නමුත් වෘත්තීය භාවය සහිත මාධ්‍යවේදියා නිර්මාණය කරන්නට අප සමත් වී නැහැ.ලබන මැයි මාසය වන විට වරලත් අධ්‍යාපන ආයතනයේ කටයුතු අරඹන්නට හැකිවෙිවි.

කර්තෘවරුන්ගේ සංසදය ආදියත් මෙහෙයුම් කමිටුව ලෙස තබාගෙන මේ කටයුතු කරන්නට අප බලාපොරොත්තු වනවා.මාධ්‍යවේදී රක්ෂණයක් ගැන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පවසා තිබෙනවා.අප ඒ වෙනුවෙන් ද උත්සාහ කරනවා.සෑම පාසලකම මාධ්‍ය සමාජයක් අරඹන්නට කටයුතු කරනවා.ලබන වසරේ සිට ජනාධිපති මාධ්‍යවේදී සම්මාන උළෙල අැරඹීමට ද කටයුතු කර තිබෙනවා"

මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාදැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා:-(පොපෙ) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

මාධ්‍යයට එන අයට පුහුණුවක් දෙන්න වරලත් මාධ්‍යවේදී ආයතනයක්

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 November 2021 05:01 PM

සත්‍ය වශයෙන්ම, මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙසේ මෙවන් දේ සිදුකිරීමට කටයුතු කිරීම ප්‍රශංසා කළයුතු කාර්යයක්. ෆෝත් ස්ටේට් හෙවත් සිව්වැනි ආණ්ඩුවේ කටයුතු කරන ඇත්තන් මනා විනයකින් හා ශික්ෂණයකින් හෙබි අගනා පිරිසක් වීම යුගයේ අවශ්‍යතාවක්. ඒත්, රජයක් ලෙස මේ මාර්ගයෙන් පටු අරමුණු ඉටුකර ගැනීමට වෙර දරන්නේ නැතිව, මධ්‍යස්ථ විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

:       2       2

swene Monday, 08 November 2021 05:32 PM

මාධ්‍ය කරු විසින් ස්වාධින සහ තුලනාත්මක බව රකිමින් කටයුතු කල බව අත්‍යවශ්‍ය කියලත් උගන්වන්න සහ ඒ සඳහා රජයෙන්ද උදව් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 1 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක



රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 42 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 204 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 672 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 131 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site