(අංජුල මහික වීරරත්න)
කීර්තිමත් මාධ්‍යවේදියකු මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
1965 දී මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනය, ලංකාදීප ඇතුළු ප්‍රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කළේය.
ඔහු ලංකාදීප පුවත්පත පිහිටුවීමට ද සහාය වූවන් අතර ප්‍රමුඛයෙකි.
1995 වසරේදී ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට පත් වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා ලේක්හවුස් පුවත්පත් අන්තර්ජාලයට එක් කිරීමේ ව්‍යාපෘතිය අරැඹීය.
එම ආයතනය තාක්ෂණික ලෝකයට ගෙන යෑමේ ගෞරවය හිමි වන්නේ ද ලක්ෂ්මන් ජයවර්ධන මහතාටය. ඩී.ආර්.විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට පුස්තකාලය සංවර්ධනය කිරීමටද ජයවර්ධන මහතා ක්‍රියා කළේය.
මීට අමතරව ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති කිරීමටද ලක්ෂ්මන් ජයවර්ධන මහතාට හැකි විය.
අනගාරික ධර්මපාලතුමා පිළිබඳ විශිෂ්ඨ කෘතියක් රචනා කර ඇති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පුවත්පත් වලට ලිපි දහස් ගණනක් ලියා ඇත.
පසුව ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය.
ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු පෙබරවාරි 1 වැනිදා සවස 4ට මහරගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාධ්‍යයේ මිණි පහනක් නිවෙයි