(ඩයනා උදයංගනී)
මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක් බවත්, එවැන්නත් සිදුව තිබීම ගැන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස තමාත්, රජයත් කණගාටුව පළ කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම සිදුවීම ආණ්ඩුවක් ලෙස ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා එය නොවිය යුත්තක් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.
මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අග්‍රාමාත්‍යවරයාද තමාට පැවසූ බව කී ඇමතිවරයා මාධ්‍ය ආයතන වෙත කිසි විටෙකත් රහස් පොලිස් නිලධාරීන් එවන්නේ නැති බව විෂය භාර ඇමති සරත් වීරසේකර මහතාත් ඉතා වගකීමෙන් පැවසූ බව කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(28) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
සුදුලූණු වංචාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට හා රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා එය වාර්තා කළ මාධ්‍යවේදීන් සහ එම පුවත්පත්වල කර්තෘවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම සම්බන්ධයෙන් මෙහිදී එම මාධ්‍යවේදියා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
එයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.
“පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් රහස් පොලීසිය වෙත කැඳවා තිබූ නිවේදන අයිලන්ඩ් හා ලංකාදීප පුවත්පත් ආයතනවලින් මටත් යොමුකර තිබුණා. මේ ගැන අප බරපතල ලෙස කණගාටු වෙනවා. ආණ්ඩුවක් ලෙස මෙය ප්‍රතික්ෂේප කරනවා. මෙය නොවිය යුතු දෙයක් බව ඉතා වගකීමෙන් කියනවා. මේ සම්බන්ධයෙන් මා අගමැතිතුමාගෙන් විමසූ විට එතුමා ඉතා පැහැදිලිව පැවසුවේ මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළයුතු බවයි. රහස් පොලිස් නිලධාරීන් කිසි ලෙසකත් මාධ්‍ය ආයතන වෙත එවන්නේ නැති බව විෂය භාර ඇමති සරත් වීරසේකර මහතාත් ඉතා වගකීමෙන් පැවසුවා.
ලංකාදීප පුවත්පතේ පළවූ කතුවැකියක් සම්බන්ධයෙන් එහි කතුවරයාට පවා ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. ද අයිලන්ඩ් පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා ඇතුළු හයදෙනෙක් පමණ මේ කැඳවූ අය අතර සිටියා.
හිටපු නිලධාරියෙක් සුදුලූණු වංචාව සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සහ රාජ්‍ය ඇමතිවරයාට ඇඟිල්ල දිගු කළ විට බන්දුල ඇමතිවරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් කළා. එතුමා මේ සම්බන්ධයෙන් ආයතන වශයෙන් කිසිවෙක් නම් කර තිබුණේත් නැහැ. බන්දුල ගුණවර්ධන මහතා වංචනික තක්කඩි දේශපාලනඥයකු නොවන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා එතුමා ගොස් පැමිණිල්ලක් කිරීම යුක්ති සහගතයි. මෙහි වෙත තැනක පැටලිල්ලක් වී තිබෙනවා.
මේ සිදුවී තිබෙන්නේ ශිලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. ආණ්ඩුවක ගොරෝසු දරදඬු ඒකාධිපති නීතිවලට එරෙහිව පෑන අතට ගත් මාධ්‍යවේදියකු වී සිට ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස සිටින මොහොතක මා කිසිසේත්ම මෙයට එකඟ නැහැ. මෙය බැහැර කිරීම ගැන අගමැතිතුමාට හා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ස්තුතිය පළ කරනවා. ලංකාදීප කර්තෘවරයා ඇතුළු මාධ්‍යවේදීන්ට මා කණගාටුව පළ කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක්’’
විපරමා Tuesday, 28 September 2021 02:37 PM
ලංකාවේ එවැන්නක් නැති එකනේ හැම දේකටම මුල... බල්ලෝභී, දූෂිත පාලකයින් තමයි මේවාට වගකියන්න ඕනේ.
සඳුන් Tuesday, 28 September 2021 02:58 PM
ආණ්ඩුවත් දැනුවත් නැතිව ඔය රහස් පොලීසිය කියාගෙන ඇවිත් තියෙන්නෙ පිටසක්වලින් ආපු කට්ටියක් වෙන්න බැරිද ?
fairoos Tuesday, 28 September 2021 03:22 PM
අනේ තොත්ත බබා .කියනකොට එහෙමයි කරන්නේ වෙන එකක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 September 2021 05:23 PM
කව්රු ඇත්ත කියනවද කියා අප දන්නේ නැහැ. ඒත් මෙහි සම්පූර්ණ වගකීම පොලිස් ඇමැතිවරයා බාරගත යුතුමයි. එතුමා දන්නේ නැතිනම් වෙන කව්ද මේ නියෝග දෙන්නේ...? මාධ්‍ය ආයතනවලට රහස් පොලිස් නිලධාරීන් යවන බව අඩුම තරමේ ජනමාධ්‍ය ඇමැතිවරයා හෝ නොදැන සිටීම විහිළුවක්. හදිසි නීතිය හා 2/3 බලය යොදා රජය මාධ්‍ය බියගැන්වීමට උත්සාහ කිරීමක් ලෙසයි මෙය හැඳින්විය හැකි වන්නේ... පොලිස් ඇමැති හෝ ජනමාධ්‍ය ඇමති හෝ මේ බව නොදන්නේ නම්, මෙය ඊට වඩා බලවත් හස්තයක මෙහෙයවීමෙන් සිදුවූ දෙයක්... මන්දයත්, රටේ රහස් පොලීසිය මාධ්‍ය ආයතනයකට එවීම සුළුපටු දෙයක් නොවනවා වගේම, ඒ දේ සිදුකළ හැකි වනුයේද සුළුපටු කෙනෙකු හට නොවේ. සත්‍යය එයයි.
මාර්ටින් Tuesday, 28 September 2021 06:05 PM
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
බලගල Tuesday, 28 September 2021 07:33 PM
ඇත්තෙන්ම මාධ්‍යවේදීන් CIDයට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක්... එවන් සමාජයක විය යුතු දේ මාධ්‍ය ඇමතිතුමා අමාත්‍ය ධුර දරන ලද ආණ්ඩුවලින් ඉතා හොඳින් කළා. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත්, රෝහණ කුමාර වැන්නන්ට ශීලාචාර ආකාරයට කරන ලද සැලකිලි සමහරුන්ට අමතක වෙලා. මේ වෙන්නේ පෙරහැරට කලින් කස කාරයින් එනවා වගේ වැඩක්...