(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යුරෝපා කොමිසමේ සාමාජිකයන් ලංකාවේ සිටියදීම මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම බරපතළ තත්වයක් බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවැසීය.
මේ අතර සුදුලූනු වංචාව ගැන හෙළිකළ කිසිවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් කැඳවා නැතැයිද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා මෙසේ පැවසුවේ එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගය පිළිබඳ විවාදයේදීය.
මෙම මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූයේ සුදුලූනු වංචාව ගැන ලිවීම නිසා බවත් එසේ කටයුතු කිරීම තමා හෙළා දකින බවත් කිරිඇල්ල මහතා කීවේය.
යුරෝපා සංගමයේ නියෝජිතයන් පැමිණියේ ලංකාවේ තත්වය හොඳින් අවබෝධ කරගෙන බවත් මානව අයිතිවාසිකම් උල්ලංඝණයවීම ගැන, සිවිල් අයිතිවාසිකම් නැතිවීම ගැන ඒ අය මනා අවබෝධයකින් සිටි බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට විරුද්ධව සම්මත කෙරුණු මානව හිමිකම් කොමිසමේ යෝජනාවලියෙන් ඒ බව පැහැදිලිවන බවද ඔහු පැවසුවේය.
කුමන ප්‍රශ්න තිබුණත් ජී එස් පී ප්ලස් සහනය නැති නොකරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි බවත් ඔහු එසේ පැවසූ විට යුරෝපා සංගමය ඒ ගැන ඉහළින්ම ප්‍රතිචාර දැක්වූ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
යහපාලන රජය එදා ඉදිරිපත් කළ යෝජනා ගැන පුදුමයට පත්වූ බව එම නියෝජිතයන් පැවසුවේ යැයි පැවසූ කිරිඇල්ල මහතා දහනව වැනි සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ මේ ආණ්ඩුව බලයට පැමිණ ආපස්සට හරවන බව ඔවුන් ප්‍රකාශ කළේ යැයිද කීවේය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“මාධ්‍යවේදීන් සීඅයිඩියට කැඳවීම බරපතළ තත්වයක්’’
SUNIL MILANO Tuesday, 05 October 2021 03:46 PM
දැන් මුකුත් දන්නේ නැහැ
RaveendraTuesday, 05 October 2021 06:09 PM
ඔව් ඔව් මම මුකුත් දන්නෙම නැහැ.
චන්දන Tuesday, 05 October 2021 05:02 PM
ඔව් ඒකත් ඇත්ත.... සීඅයිඩී නෙවෙයි මෙයාලාට පුරුදු අරලියගහ මන්දිරයට කැඳවලනේ...