(අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා ලංකාදීපයට පැවසීය.
අදාළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 7500 ක මුදලක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය කෙරුණු බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
අදාළ මුදල් අනුමත වූ සැණින් මාර්ගයේ වැඩ අරඹන ලෙසට කොන්ත්‍රාත්කරුට දැනුම් දෙන බව අමාත්‍යංශ ලේකම්වරයා කීය.
මධ්‍යම අධිවෙිගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ සියයට 36 ක් මේ වන විට අවසන්ව පවතී. එම මාර්ග කොටසේ දුර කිලෝමීටර් 37කි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිරි වූ පසුව කුරුණෑගල සිට මත්තලට සහ කටුනායකටත් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් පහසුව සැලසේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන්හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් උත්සවය සභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ දේශනයක් ක
ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැ
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමි
මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.
පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මධ්‍යම අධිවේගයේ වැඩ ඉක්මනින් පටන් ගන්න යයි