IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් නිවාස 5640කට හානි

(ඩයනා උදයංගනී)

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 5,640 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මින් නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, රත්නපුර, කෑගල්ල, යාපනය, මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, හම්බන්තොට, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වූ අතර, ඉන් පවුල් 1,113කට අයත් 21,644 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මෙම සුළිකුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, තද සුළං, වැසි හා රාත්‍රියේ අධික ශීතලක් ද පැවතිණි.

ගස් කඩාවැටීම් ආදියෙන් මරණ තුනක් සිදුව ඇති අතර, 19 දෙනකු තුවාල ලබා ඇතැයි ද කොඩිප්පිලි මහතා කීවේය.

මින් වැඩිම බලපෑමක් එල්ලවූයේ ඌව පළාතට වන අතර, එම පළාතේ නිවාස 2,806කට හානි සිදුව පවුල් 2,874 කට අයත් පුද්ගලයන් 10,042 දෙනකු පීඩාවට පත්ව සිටිති.

 



අදහස් (0)

‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් නිවාස 5640කට හානි

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 20 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 96 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 731 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 170 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 385 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 104 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site