IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මන්ත්‍රීනි කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි

(රෝෂන් තුෂාර)

පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ  පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ අද (06) සඳහන් කළාය.

පුද්ගලික රූපවාහිනී නාලිකා සාකච්ඡාවේදී සිදු කළ ප්‍රකාශයෙන් සිදුවූ අගතියට රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් කෝකිලා ගුණවර්ධන මහත්මියට එරෙහිව පැවරූ වන්දි නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙසේ සමාව අයදීමේ ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුව සමථයකට පත් කළාය.

2021 සැප්තැම්බර් මස 07 දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකදී  සිදු කළ ප්‍රකාශයකට එරෙහිව 2023 වසරේදී මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ප්‍රකාශ කර සිටියේ රූපවාහිනි සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය. 

සමාව අයදීමට  අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් සඳහන් කළාය.  ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා දෙපාර්ශවය ඇතිකරගත් සමථය ප්‍රකාරව කටයුතු කරන ලෙස  නියෝග කළේය.

 



අදහස් (7)

මන්ත්‍රීනි කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි

Pradeep Kumara Tuesday, 06 August 2024 09:30 PM

10 000 නම් මොනාද, ඊට වැඩිය කොච්චර නම් හම්බ කරගන්න පුළුවන්ද?

:       0       0

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 09:45 PM

බැංකු හොරා කියපු එකක් හරි ඒකට සම්බන්ධයෙන් අර නිවාසය ලැබුන හැටි වගේ දෙයක් වෙන්න ඇති, දැන් බැංකු හොරකම් කරපු අයත් හොයෙන්න ආපුු අයත් එකට ඉන්න එකේ මොන අපහාස නඩුද? දැන් අපි එක ගෙදර අයනේ.අනේ මෙයාලට රැවටෙන ජනතාව, මේ පාරවත් මොළේ මෙහෙයවල තීරණයක් ගන්න,

:       0       1

ප්‍රියා Tuesday, 06 August 2024 11:06 PM

ඊළඟ නිවුස් එක පොහොට්ටුව හිටපු මහබැංකු ලොක්කා අර්ජුන්ගෙන් සමාව ඉල්ලයි.. දැන් සැපද..?

:       0       4

Kazi Shajahan Wednesday, 07 August 2024 09:04 AM

තවත් මෙයාලාට ඡන්දේ දීපල්ලා ගම්පහ සෙට් එක

:       0       13

fairoos Wednesday, 07 August 2024 11:35 AM

අපෝ මෙතුමාට අපහාස කරන්නේ කොහොමද ජනාධිපතිගේ ගෝලයෙක් නේ

:       0       16

Kamal Koyrala Wednesday, 07 August 2024 12:50 PM

මෙවැනි නඩු ඉවත් කරගන්න තම ඔය සියලු දෙනාම පැන්නේ සහයෝගය දෙන්න කියල

:       0       7

චතුර හලාවත Wednesday, 07 August 2024 03:04 PM

ඇඟේ තරමට මොලේ නෑ. ඒකේ තරමට කටට ⁣බ්රේක් නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1392 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1873 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 464 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3044 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2469 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1804 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34708 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site