IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මන්ත්‍රීවරුන්ගේ උපකරණවලට මුදල් ගෙවීමත් නවතියි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය කාලයේදී සිය කාර්යාලයීය  අවශ්‍යතා සඳහා මිලදී ගත් විවිධ උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම  මහ භාණ්ඩාගාරයෙන්  මුදල්  නිකුත් නොකිරීම නිසා මෙතෙක්    කළ නොහැකි වී ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර ඇතත්  මුදල් ගෙවීම මේ දක්වාම සිදුවී නැති බව  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම ජංගම දුරකතනයක්  පරිගණකයක්, ප්‍රින්ටරයක් සහ  ෆැක්ස් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් රජයෙන්  පිරිනමනු ලැබේ.

මන්ත්‍රීවරුන් විසින්  ඒ උපකරණ  මිලදීගෙන  ඊට අදාළ බිල්පත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ  පාර්ලිමේන්තු කටයුතු අංශයට යොමු  කරනු ලැබීමෙන් පසු  ඒ බිල්පත් පරීක්ෂා කර   ඊට  අදාළ මුදල් ගෙවීම  මේ දක්වාම සිදු කෙරිණ.

තමන් මිලදී ගත් භාණ්ඩ වෙනුවෙන් මුදල් ගෙවීම ප්‍රමාදවීම නිසා  මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

බොහෝ මන්ත්‍රීවරුන් මේ උපකරණ මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ  සිය කාර්යාලවල ප්‍රයෝජනය සඳහාය.



අදහස් (5)

මන්ත්‍රීවරුන්ගේ උපකරණවලට මුදල් ගෙවීමත් නවතියි

Pradeep Kumara Wednesday, 25 May 2022 04:47 PM

ඇමැතිවරුන් පත්වෙන වාරයක් ගානේ ඔය බඩු භාණ්ඩ මිලදී ගන්න ඕනෑද? කලින් අය භාවිතා කරපුවා පාවිච්චි කළොත් හෙන ගහනවද?

:       0       56

දාස Wednesday, 25 May 2022 05:11 PM

ඔය මන්ත්‍රිලාට ලැබෙන කොම්පියුටර් පවිච්චි කරන්නේ මන්ත්‍රිගේ දරුවෝ...

:       0       45

fairoos Wednesday, 25 May 2022 06:45 PM

අපිත් අපේ වාරිකේ ගෙවාගන්න බැරිව ඉන්නේ...!

:       0       30

Lalith M Thursday, 26 May 2022 07:14 AM

කී දෙනාද පාවිච්චිය දන්නේ...? හොයලා බලන්න. අනික ෆැක්ස් යල්පැනගිය තාක්ෂණය...! 

:       0       1

sharm warn Thursday, 26 May 2022 10:31 AM

මේ මන්ත්‍රීලා පරිගණක වලින් කරන වැඩ මොනවද? මුද්‍රණ යන්ත්‍රවලට කඩදාසි තියෙනවද? එක මන්ත්‍රී කෙනෙක් තමන්ගේ පරිගණකයෙන් සමීක්ෂණයක් කරලා රටට හොඳක් වෙන්න කරපු එක ව්‍යාපෘතියක්වත් තියෙනවද? තමන්ගේ සාක්කුවට කොමිස් වැටෙන්නේ නැතිව කරපු එකක්...?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 136 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 33 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 161 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4530 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4464 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2568 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26172 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18859 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site