IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම මේ සතියේ ජනපතිට

(සුජිත් හේවාජුලිගේ )

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන්  මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත්  වාහනයක් නොමැති   නැගෙනහිර පළාතේ  මන්ත්‍රීවරයකු  බොහෝ අවස්ථාවල  කොළඹට පැමිණෙන්නේ  ගිලන් රථයක නැගී   බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රීවරයා රෝහල්  බලධාරීන්ට  කතාකර කොළඹට එන ගිලන් රථයක නැගී  පැමිණෙන බව පැවසූ කතානායකවරයා තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවද ප්‍රකාශ කළේය.

මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක්  ලබා දෙන ලෙසටවූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ බාර දෙන බවද  ඔහු සඳහන් කළේය.

තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක්  සංදේශයක් බාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.

එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී ඇත.

 

 



අදහස් (19)

මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම මේ සතියේ ජනපතිට

අරවින්ද මොනරවිල Tuesday, 28 May 2024 11:16 AM

ගිලන් රථයක බැරිනම් අවමංගල රථයක නැගලා ගියත් කමක් නැහැ, රටේ මහජනතාවගේ බදු මුදල් නාස්ති නොකර. ඔය පාර්ලිමේන්තුව තියෙන්නේ තව මාස පහයි, ඒ පහට ගන්න තියෙන ඔක්කොම සැප ගන්න, ලබා ගන්න පුළුවන් ඔක්කොම වරදාන වරප්‍රසාද බූක්ති විදින්නයි කට්ටිය සූදානම් වෙන්නේ.

:       0       11

dinesh Tuesday, 28 May 2024 11:20 AM

හරි හොඳයි. අපිත් පාවිච්චි කරන්නේ අවුරුදු 17කට වඩා පරණ වාහනයක්. අපිටත් ටිකක් සැප වාහනයක් ගන්න ඕන . ඉතින් ඇයි රජය වාහන ආනයන තහනම ඉවත් කිරීමට වෙනස් ක්‍රමයක් සිතන්නේ? දැන් වාහන මිල ජෙට් යානයක් මෙන් ඉහල ගොස් ඇති බැවින් නියාමකයින්ට මහජනතාවට යහපත් දෙයක් කිරීමට සිතා බැලිය යුතුය.

:       0       5

ranjith Tuesday, 28 May 2024 11:23 AM

මැතිවරණයක් අභියස මේවගේ ඉල්ලීම් කරන අයට චන්දෙ දෙන්න වටිනවද ?

:       0       6

පුරවැසියා. Tuesday, 28 May 2024 11:25 AM

මිනිස්සුන්ට දෙවේලක් වත් හරියට කන්න නැහැ ඒ අස්සේ මෙයාලට වාහන මිනිස්සු නම් වෙන්න බැහැ මේගොල්ලෝ

:       1       19

sk Tuesday, 28 May 2024 11:26 AM

කොහොම හරි අරන් දෙන්න

:       2       8

රංජිත් Tuesday, 28 May 2024 11:42 AM

පාර්ලිමේන්තුව විසුරුවන්න ලන්වෙලා තියෙද්දී වාහන ගෙන්වන්න ඉල්ලන්නේ ඊලග ඡන්දෙට වාහන විකුණලා සල්ලි ගන්න.... නැත්තං විසුරුවන්න ලන්වෙලා තියෙද්දී මොකටද වාහන???

:       0       20

Rata Perata Tuesday, 28 May 2024 11:57 AM

නිදහසෙන් පස්සේ පත්වුන අජූතම කතානායක .මුන් තවම තනතුරු වල ඉන්නවා නේද කියලා හිතාගන්නවත් බෑ

:       1       5

සුපුන් චාමර Tuesday, 28 May 2024 12:26 PM

ඉතින් අවුලක් නෑනේ. කෝච්චි තියෙන්නේ මිනිස්සුන්ට යන්න තමයි. ඇයි එයාට කෝච්චියේ එන්න බැරි ලැජ්ජද. මෙයාලගේ තියෙන සියලු වරප්‍රසාද අයින් කරපු දවසක ඇත්තටම රටට වැඩ කරන්න ඕන මිනිස්සු දේශපාලනේට එයි

:       0       14

End Game Tuesday, 28 May 2024 12:40 PM

තව මාස කීපයට මොන වාහනද ?අනේ මුන් කරන සේවාව .හැඳි ගෑවිලාම යන්න ඕනේ සක්කිලි

:       0       4

Dharmatileke Tuesday, 28 May 2024 12:41 PM

මන්ත්‍රීලාගේ වාහන වල අසරණ මිනිසුන් නංවාගත යුතුයි

:       0       3

රංබොඩ Tuesday, 28 May 2024 12:57 PM

මැතිවරණයක් ළඟ. දැන් මේ තක්කඩි කොටු පණින කාලේ. ජනවරමක් නැති ජනාධිපතිවරයා මේවා දීලා මේ තක්කඩි ටික තමන්ගේ මල්ලට ඔබා ගන්නවා. අන්න එහෙමයි ඊළඟ පාර ඡන්දය දිනන්න සැළසුම් කරන්නෙ

:       2       11

සෑම් Tuesday, 28 May 2024 01:06 PM

ඕකුන්ට පොදු ප්‍රවාහන සේවාවල පාර්ලිමේන්තුවට එන්න බැරි නම් ගෙවල් වල හිටපල්ලා. මොකද ඇවිල්ලා රටට වැඩක් තියනවද? මුන්ට පාර්ලිමේන්තුවෙන් කන්න දෙන සල්ලිත් අපි ගෙවන්න ඒපයා.

:       0       11

H.D.Jayasiri Tuesday, 28 May 2024 01:23 PM

ඇයි පොදු ප්‍රවාහනය භාවිතා කළහම මොකද වෙන්නේ.

:       0       2

Kazi Shajahan Tuesday, 28 May 2024 01:55 PM

තොපිලට වාහන හිඟා කෑම ,අපිට කෑම හිඟා කෑම ,දැන් මුන් හදන්නේ යන ගොනා කොරහත් බිඳගෙන යන්න වගේ වැඩක්.මොකද තව ටික දවසකින් හැමෝම ගෙදරනේ

:       0       3

Lakmal Tuesday, 28 May 2024 03:26 PM

මෙහෙමනේ වැඩේ විවාහයක් කරගත් මිනිහෙක් තමන්ගෙ බිරිඳ හා දරුවො නඩත්තු කරන්න ඕන විවාහක බිරිඳ අත් හැර දික්කසාද වුණත් වන්දියක් ගෙවීමට සිදුවෙනවා ඉතින් ඔය වාහන ඉල්ලන්නෙ අපේ අවශ්‍යතාව සදහා අපි පත්කර ගත්තු බිරින්දෑලා තමයි ඉතින් අපිට උන්දැලා නඩත්තු කරන්න වෙනවා දැන් අපි උන්ට කන්න අදින්න දෙනවා කොළඹින් නවාතැන් දෙනවා ඉතින් උන්ට අපිව මතක්වෙලා අපිව බලන්න උජාරුවට එන්න හොද වාහනයක් නැතුව කොහොමෙයි මහත්තයෝ අනේ ඕකත් දීලා දාලා අමතක නොකර ගාස්තුව ණය පොතේ ලියන්න හොදේ දැන්නම් වේලක් හැර වේලක් කන්න වත් ක්‍රමයක් නැහැ ඒත් ඉතින් මොනවා කරන්නද ඔය අතරේ අපිට යන්න වුනොත් ණය ශේෂය අපි යන තැනකට එවන්න අමතක කරන්නත් එපා ඕං

:       0       4

Lalla Tuesday, 28 May 2024 03:53 PM

ඉතාම ධනවත් රටවල පවා මන්ත්‍රීල අගමැතිලා වුණත් මහජන ප්‍රවාහන සේවය භාවිත කරනවා.ඇයි අපේ මන්ත්‍රීලට බැරි බස් හෝ දුම්රිය භාවිතය? ඕනනම් සැප බස් ගාස්තුව දෙන්න..

:       0       4

Chinthaka HerathTuesday, 28 May 2024 04:37 PM

අපේ රටත් දියුණු කරන්න එහෙම කරන්නෙ. 2048 වෙනකන් ඉවසලා ඉමු අපි.

:       0       0

Janadipathi Tuesday, 28 May 2024 04:07 PM

හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම BUS/COACH පාස් එක බැගින් දීමට යෝජනා කරනවා

:       0       0

විජිත් Tuesday, 28 May 2024 05:59 PM

පොදු ප්‍රවාහන සේවයෙන් තනියම ආවොත්නම් මන්ත්‍රීව මිනිස්සු සම්බෝල හදනවා ෂුවර්. මොවුන් කරලා තියෙන සක්කිලි වැඩවලට කොහොමද තනියම පාරේ බැහැලා යන්නේ? සේක්කෝ, බට්ටෝ, ටොයියෝ 15ක් විතර වටකර ගෙන එනවා වෙන්න ඇති...!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2571 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 436 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1750 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5112 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3418 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3774 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site