(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා වෙනම දින දෙකක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැන්වීය.
මේ අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම මින් ඉදිරියට පෙරවරු 11.00 ට අවසන් කරන බවද හෙතෙම පැවසීය.
එම නිසා පාර්ලිමේන්තු මන්ත්රීතුවරුන් අවශ්‍ය නොවන පැහැදිලි කිරීම් හා වැඩි විස්තර කිරීම් නොමැතිව සෘජුව ප්රශ්නය ඇසීමට කටයුතු කළ යුතු බවත් ඇමතිවරුන් ඒවාට කෙටියෙන් පිළිතුරු ලබාදීමට ක්‍රියා කළ යුතු බවත් කතානායකවරයා කීවේය.
පෙරවරු 11.00 න් පසුව ඉතිරි වන ප්රශ්නවල පිළිතුරු සභාගත කිරීමටත්, ඒවාට පිළිතුරු ලබාදීමට කාලය ඉල්ලා තිබේ නම්, එම ප්‍රශ්න ඉදිරි දිනයකදී න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය.
තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ අසනු ලබන ප්‍රශ්න සඳහා ඒවා අසනු ලබන පක්ෂ නායකයාට මිනිත්තු පහක්ද, ඒවාට පිළිතුරු ලබා දෙන්නේ නම් අදාළ අමාත්‍යවරයාට මිනිත්තු පහක්ද වශයෙන් ලබාදීමටත් මින් ඉදිරියට කටයුතු කරන බව පැවසූ කතානායකවරයා ප්‍රශ්න ඇසීමේ අවස්ථාව වඩා ඵලදායී අන්දමින් සිදු කිරීමට සහයෝගය ලබා දෙන ලෙසද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න වෙනම දින දෙකක්
Sri Lanka Friday, 06 August 2021 12:59 PM
පළමුව රටේ ප්‍රශ්න විසඳලා ආදර්ශයක් දෙන්න. හැම ආණ්ඩුවක්ම කළේ තමන්ගේ පහසුකම් ගැන විතරයි... ජනතාව හිඟා නොකා හිඟාකනවා.
Sanath DubaiFriday, 06 August 2021 03:57 PM
අපේ සර් එන දවසට කාටවත් ප්‍රශ්න අහන්න දෙන්න එපා. බලන්න පෙරේදා සර් එනකොට අනුර දිසානායක අහපු ප්‍රශ්න... සර් කොයිතරම් අපහසුතාවයකට පත් වුණාද?
පප්ප Friday, 06 August 2021 01:19 PM
පළමු ප්‍රශ්නේ තමයි අපට මාලිගා වගේ වාහන ලැබෙන්නෙ කවදාද? කියන එක...
RaveendraFriday, 06 August 2021 01:43 PM
දෙවන පැනය... පට්ටියට ලාබාල අම්බරුවන් වුණත් අපට දවසක් දෙකක් හෝ කෙටි කාලයක් පට්ටියේ ලගින්න මහජන ශාපය නැමැති වාසනාව ලැබුණත් ජීවිත කාලයටම විශ්‍රාම වැටුප් ලැබෙනවද?