(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සහ ඔහුගේ දියණියට කොවිඩ් ආසාදනය වී ඇත.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මොහු කොවිඩ් ආසාදනයවූ පාර්ලිමේන්තුවේ 25 වැනි මන්ත්‍රීවරයාය.
සැකකටයුතු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම නිසා තමාත් දියණියත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු වූ අවස්ථාවේදී කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
බිරිඳට සහ අනෙක් දියණියට කොවිඩ් ආසාදනය වී නැතැයිද හෙතෙම සඳහන් කළේය.
තමාත් දියණියත් නිවෙසේ වෙනම හුදෙකලා ස්ථානයක නිරෝධායනයට යොමුවූ බව පැවසූ නවරත්න මහතා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරි සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසුවේය.
තමාට දැනට ඇත්තේ සුළු රෝග ලක්ෂණ කිහිපයක් පමණක් බවද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වන ලෙස තමා සමඟ පසුගිය දිනවල සමීපව කටයුතු කළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද අසංක නවරත්න මහතා ප්‍රකාශ කළේය.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රී අසංක නවරත්න - ඔහුගේ දියණියට කොවිඩ්
කල්පනා Monday, 30 August 2021 01:39 PM
කුරුණෑගල ඉන්නවා නම් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මැතිතුමා හදුන්වා දුන්න තෙරිපැහැ ආරියවංශ මැතිතුමාගේ බෙහෙත් පාවිච්චි කරලා බලන්න
ගමයා Monday, 30 August 2021 05:51 PM
මෙතුමාට උද්ඝෝෂන කරපු දිහාවෙ ගිහින්ද හැදුනේ? කොහොම වුනත් මේ වගේ දන්නැති අයවත් දැනගන්න ලැබුනා. ඉක්මන් සුව!