IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර දී කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඉකුත් දෙවෙනි දින යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ තැකයඩි ක්‍රීඩාංගනයේ දි පොලිස් නිලධාරීන්ට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කිලිනොච්චියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මන්ත්‍රීවරයාට විදේශගත වීමේ තහනම් නියෝගයක් ද ඊයේ නිකුත් කෙරිණි



අදහස් (17)

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

නිරිපුතා Wednesday, 07 June 2023 09:27 AM

වැඩක් නෑ. නිකම් බොරුවට . මොවුන්ට හරි දඬුවමක් ලැබුන නම් මොවුන් හැදෙනවා. එහෙම නොවන වග දන්න නිසා රටේ නීති පද්ධතිය ට මොවුන් හිනා වෙන්නෙ කටෙන් නෙවෙයි.

:       7       28

ThushanWednesday, 07 June 2023 01:20 PM

හැරෙන තැපෑලෙන් හම්බවෙයි. සාමාන්‍ය මනුස්සයෙක් ඔයවගේ දේකට ඇරෙස්ට් කළොත් අතපයත් තලාගෙන සති දෙකක් විතර මහගෙදරත් ඉඳලා තමයි ඉන්න වෙන්නේ...

:       0       7

Bunny Preena Wednesday, 07 June 2023 09:40 AM

උද්දච්චකම ඔලුවට ගහපු දේශද්‍රෝහියෙක්

:       7       37

රවි Wednesday, 07 June 2023 09:45 AM

ජාතිවාදය වපුරන මෙයාගේ ගේ තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය අසල රැජින පාර (Queens Road) එකේ.

:       7       35

Samitha S. Aluthgamage Wednesday, 07 June 2023 10:02 AM

මොහුට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. දේශපාලන උණ රෝගයෙන් පෙළෙන මොවුන් ජාතිවාදී හෝ කුමන අයුතු වැඩක් කිරීමෙන් රටේ නොසන්සුන්තාව ඇති කරන්නට තමයි නිරතුරුවම වෙර දරන්නේ...!

:       7       30

jagath Wednesday, 07 June 2023 10:04 AM

රනිල් රාජපක්ෂලාගේ වැඩ ඕවා... මන්ත්‍රීවරු බාගන්න ගහන ගැට...

:       17       11

Namal Wednesday, 07 June 2023 10:32 AM

අරගලයට සල්ලි දුන්න අය

:       14       15

ravin Wednesday, 07 June 2023 10:32 AM

දේශපාලකයෝ මතු පරපුර නිසි අධ්‍යාපනය ලබනවට ඇති අකමැති බව ප්‍රසිද්ධියේ දක්වපු අවස්තාවක් .තම තමන්ගේ පටු අදහස් නිසා අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය ලියන ළමයින්ට බාධා පැමිණවීම

:       4       17

දාස Wednesday, 07 June 2023 10:53 AM

මම හිතුවා උතුරේ දේශපාලුවන් දකුණේ ඉන්න කාපාලුවන්ට වඩා ශිෂ්ඨ රැලක් කියලා, අර පොලිස් නිලධාරියාට කතාකරපු විදියෙන් මට තේරුණේ මොවුන් ඔක්කෝම එක වගේ කියලා. පොලිස් නිලධාරියාට ස්තුතිවන්ත වෙනවා තෙල් බහින්න දුන්නු කතාවට...

:       3       24

Perera Wednesday, 07 June 2023 10:59 AM

මෙතන තියෙන්නේ පොලිසිය කියන කතාව විතරයි. මට ආරංචි හැටියට මෙතැන තව කතන්දරයක් තියෙනවා පොලිසිය කියන්නේ නැති... අධිකරණය තීන්දු කරයි දෙපැත්තෙම කතාව අහලා...

:       14       9

Channa Wednesday, 07 June 2023 11:31 AM

මේ රටේ ඉහළම අපරාධය කරපු මේ මිනිහාට ඉහළම දඬුවම දෙන්න ඕනෑ. ඔහුට පුළුවන්ද සිවිල් පිටින් ඉන්න පොලිස් නිලධාරියකුගේ පොලිස් හැඳුනුම්පත ඉල්ලන්න...?

:       5       10

Samitha S. Aluthgamage Wednesday, 07 June 2023 12:06 PM

ඔන්න ගජේන්ද්‍රකුමාර්ගේ වරප්‍රසාද ගැන නොතකා ඔහු අත්අඩංගුවට ගත්තා කියා මේ රටේ විපක්ෂ නායකයා කියනවා ඇහුණා. පාර්ලිමේන්තු වරප්‍රසාද දඩමීමා කරගෙන පාර්ලිමේන්තුවෙන් පිටත හැසිරෙන්න හොඳ නැති බව මේ විපක්ෂ නායකයා නොදන්නා හැටි. අපි ජේ ආර් ට කැමති වුණත්, අකැමැති වුණත්, ඔහුගේ කාලයේ විජයපාල මෙන්ඩිස් කියනා ඇමැතිවරයා පොලිස් නිලධාරියෙකු හා ගැටුණු අවස්ථාවකදී ඔහු කීවේ, පොලිස් නිලධාරියා සිදුකොට ඇත්තේ ඔහුගේ රාජකාරිය බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාද පාර්ලිමේන්තුවෙන් පිටත යොදා නොගන්නා ලෙසත්ය...

:       1       7

fairoos Wednesday, 07 June 2023 02:07 PM

එහෙම දෙමළ කතාකරන පොලිස්කාරයෙක් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේ වගේ දේවල් වෙන්නේ භාෂාව දන්නේ නැතිකම නිසා...

:       4       1

sujeewarWednesday, 07 June 2023 04:38 PM

අවංක කෙනෙකුට මෙතැන භාෂා ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මන්ත්‍රීවරයා පොලිසිය අත් අඩංගුවට ගන්න යන වෙලාවේ කතාකරන සිංහල මුලින්ම බැරි වුනේ එතැන ජාති හා භාෂා ප්‍රශ්නයක් ඇතිකරන්න හිතාගෙනම තමයි. කොළඹදී සිංහල පුළුවන්. මාධ්‍යයට මුහුණ දෙනකොටත් සිංහල පුළුවන්. උතුරේදි නැගෙනහිරදී සිංහල බෑ.. ඒක මාරම භාෂා ප්‍රශ්ණයක් තමයි. සිංහල ජනතාවත් එක්ක සහයෝගයෙන් ඉන්න දෙමළ මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනේ.. මේ වගේ ජාති බේද භාෂා බේද, ඇතිකරන අයගේ කෙරුවාව ගැන...

:       0       3

Bamunuarachchi Friday, 09 June 2023 01:34 PM

අපි දෙමළ ඉගෙනගන්න උඹලගේ රටකට ආවේ නැහැ. මොවුන් තමයි ලී කොටවල එල්ලිලා මේ රටට පිහිනුවේ. ඒ පස්සෙන් හම්බ සෙට් එක පීනුව. දෙමල්ලු සිංහල ඉගෙනගනිල්ලා. බැරිනම් ආපු රටකට තොලොංචි වෙයල්ලා. අපිට මේ රටට සුළු ජාතිකයෝ ඕනේ නැත. උන්ගෙන් අපිට උන සෙතක් නැත.

:       0       0

Sunil Wednesday, 07 June 2023 03:19 PM

මෙ යාගෙ හැසිරීම් විලාශය එයගෙ පියාටත් සීයටත් මහ අවමානයකි.

:       0       1

thush Wednesday, 07 June 2023 06:01 PM

ඔව්... ඔව් නමුත් මෙයත් ඉන්නේ කොළඹ 07 නේ... මෙයාගේ ගේ තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලය අසල ක්වීන්ස් රෝඩ් එකේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 229 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 277 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 291 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 542 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 235 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site