(සුජිත් හේවාජුලිගේ)
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25,26සහ 27 දිනවල පැවැත්වීමට නියමිතය. නවක මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේ දක්වා කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත.
මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සැලසුනු අතර එයද බොහෝ දුරට ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ.
එසේම මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.වරප්‍රසාද සංශෝධනය කිරීමේදී එම කමිටු යෝජනාද සැලකිල්ලට ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්ත්‍රී වරප්‍රසාද කැපේ
sunil Saturday, 23 November 2024 01:05 PM
issue එකක් හැටියට ගත්තද, මන්ත්‍රී කෙනෙකුට තම දිස්ත්‍රික්කය තුළත් පාර්ලිමේන්තුව අතරත් තම නිල කාලය තුළදී ගමනාගමනය කිරීම සඳහා සුදුසු වාහනයක් සහ ඉන්ධන දීම වරදක් නැහැ. තීරු බදු පහසුකම නම් අවශ්‍ය නැහැ. මන්ත්‍රී නිල නිවාස ලබා ගන්නේ නම් ඊට ගැලපෙන සේ ඉන්ධන දීමනාව අඩු කිරීම ගැන සැලකිය යුතුවේ. කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් තිබේ නම් තවත් ඉන්ධන අඩු කළ හැකිය. තමා කැමති ප්‍රවාහන මාධ්‍යය තෝරාගෙන ඒ අනුව ඉන්ධන ගාස්තුවක් ගෙවීමත් අදාළ පරිදි ප්‍රවාහන දිමනාවක් ගෙවීමත් ගෙවීමටද හැක...
යෝගා Saturday, 23 November 2024 01:40 PM
රජයේ නිලධාරීන්ට දෙන වාහන බලපත්‍රයත් කැන්සල් කරන්න ඕනෑ. රට වැටිලා තියෙන තත්ත්වයට ඒ ගොල්ලෝත් වග කියන්න ඕනෑ..
Suranga Sunday, 24 November 2024 03:10 PM
යෝගා හරියටම හරි... ඇත්තටම රජයේ නිලධාරි වාහන බලපත්‍ර අරගෙන අවුරුදු පහකට වරක් විකුණාගෙන කනවා... ඊළඟට මාසිකව ග්‍රෑම් 400 ක ඇන්කර් කිරි පැකට් එකක් ගන්න පුළුවන් මුදලක් රජයට ගෙවලා ලැබෙන නිල වාහනය ඉන්ධන සමග පාවිච්චියට ලැබෙනවා. වාහනය ලැබෙන්නේ කාන්තාවකට නම් මිනිහා රට වටා ගෙනගොස් පට්ට ගහනවා. ජනතා මුදලින් අලුත්වැඩියාව කරනවා. කොරෝනා කාලයේ එහෙම දේවල් දිනපතා දැක්කා. රජයේ නිලධාරි වෙනුවෙන් බලපත් දීමට අවශ්‍යම නම් රෝහල්වල සේවයේ යෙදෙන අයටත් අනෙක් අයට දීමට අවශ්‍යම නම් විශ්‍රාම යනවිට CC 1000 හෝ ආසන්නතම තත්වයේ එකකට බලපත්‍ර දෙන්න. නැත්නම් ඒකත් විකුණා සේල් කාරයෝ ධනවත් කරනවා..
Nihal Dharmatileke Saturday, 23 November 2024 01:46 PM
මින් ඉදිරියට පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් ගන්න වෙන්නේ තොණ්ඩු දාලා. මෙච්චර කල් හොරකරලා මන්ත්‍රී වෙන්න දිව්වේ මේ අහිමි වුණු දේවල් ගන්නනේ...
ජහමනයා Saturday, 23 November 2024 01:55 PM
මීට අමතරව තව ගොඩක් දේවල් කිව්වා. එයිනුත් ප්‍රධානම එකක් තමයි මන්ත්‍රී විශ්‍රාම වැටුප. මේවා සුරංගනා කතා ගොඩට දාන්න එපා. ඔබලාට ඡන්දය දුන්නේ වහල්ලු නොවන බව විතරක් මතක තියාගන්න...
gunarathna Saturday, 23 November 2024 01:59 PM
මේ වැඩේට සියලුම මන්ත්‍රීන් කැමැති වෙයිද? මොකද මේ වරප්‍රසාද කපන්නේ මන්ත්‍රීන්ට විතරයි. ඇමැතිවරු ගැන සඳහනක් නෑ.
පිටරටවැසියා Saturday, 23 November 2024 03:09 PM
මේවා අහල දශක හතක පාලනයට ආවඩන බත්කන හරක්ටික පොලවේ පස් කයි.
අනිල් Saturday, 23 November 2024 03:24 PM
හීනයක් දකිනවාද කියලා හිතුණා. කොච්චර කාලයක් නම් මිනිස්සු රවට රවටා මුන්දැලා සැප ගත්තාද?
SIRI Saturday, 23 November 2024 03:27 PM
විශ්‍රාම වැටුප්, දියවන්නා කැන්ටිමෙන් පිනට බත්, මුළු පවුලටම මන්ත්‍රී එක්ක රැකියා වගේ දේවලුත් අයින්කළොත් තමයි වැඩිය හොඳ...
විපරමා Saturday, 23 November 2024 04:14 PM
මෙතෙක් කල් හිටපු දූෂිත දේශපාලුවෝ කෙරුවේ පවුල් පිටින්ම සියලු වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන රටම හොරාකාලා බන්කොළොත් කරපු එක...
Kazi Shajahan Saturday, 23 November 2024 06:08 PM
NPP සියලු මන්ත්‍රීවරු ඡන්දෙට කළින් කිව්වා එයාලට මොනවත් ඕනෑ නැහැ කියලා, පාර්ලිමේන්තුවෙන් දැන් ආහාර, වාහන පර්මිට්, නිවාස... ඒක නිසා වියදම් ගොඩක් අඩුකර ගන්න පුළුවන්. අඩුගානේ එයාලා කිව්වා පාර්ලිමේන්තුවෙන් ඇල්වතුර එකක්වත් එපා කියලා.
siripala Saturday, 23 November 2024 07:09 PM
JVP ආණ්ඩුවක් බව පැහැදිලි වේ. පසුගිය සමයේ මෙන් පත්වූ සියලු දෙනාම ගෙදරින් බත්මුල් රැගෙන පාර්ලිමේන්තුවට එන්න...
saki Saturday, 23 November 2024 08:32 PM
කාලෝචිත අරමුණක්...
ranjith Saturday, 23 November 2024 09:24 PM
ඔය වරප්‍රසාද නිසා තාම හොරු තක්කඩි පාර්ලිමේන්තු එන්නේ.. පේනවනේ සිලින්ඩරේ ජාතික ලැයිස්තුවට පොරකන තරමක්... ඔය වරප්‍රසාද කැපුවොත් උගත්, බුද්ධිමත් රටට ආදරේ මිනිස්සුන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන්.
Ruwan De Silva Saturday, 23 November 2024 09:37 PM
මේවා හොඳ වැඩ. මොන රජය වුණත් හොඳ දෙයක් නම් අගය කරන්න ඕනේ. මන්ත්‍රීවරුට ඇත්තටම පිස්තෝලයක් මොකටද?
manthriirathana Sunday, 24 November 2024 07:24 AM
හුරේ...!
Vipula Sunday, 24 November 2024 09:22 AM
මෙම යොජනා සම්මත කර නැවත වෙනස් කිරීමට ජනමත විචාරණයක් තිබිය යුතු බව නීතිගත කරන්න. නැත්නම් වැඩක් නැහැ.
ගමේ එකාලා Sunday, 24 November 2024 06:36 PM
හොඳ වැඩක්. පාර්ලිමේන්තුවට එන්න හුඟක් අය දැඟලුවේ වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා ජීවත් වෙන්න මිසක් රටට සේවයක් කරන්න නෙවෙයි. හුඟක් අයට තිබුනේ රථ ගාය...!
de silva Sunday, 24 November 2024 07:23 PM
පක්ෂ, පාට පැත්තක දමලා අවංකව සිතලා බලන්න..., හොරකම්, වංචා, දූෂණ නැතුව අවංකව මහන්සි වෙලා වැඩකරන මන්ත්‍රී කෙනෙකුට වැටුපක් දීමේ සහ ඔහුට හෝ ඇය ට අදාල EPF /ETF එක ගෙවීමේ වරද කුමක්ද? එහෙම නැතිව එම මනුස්සයා ජීවත්වෙන්නේ හොර පොල් කඩලද? එහෙම නැතිනම් ජොනීලා වගේ ඉස්කාගාර බාර් පර්මිට් වලින් ලැබෙන මුදලින්ද?
Gihan Tuesday, 26 November 2024 12:13 PM
ඔය හැමදේම කපන්න... ඒත් ආරක්ෂාව නැති කරගන්න එපා මොකද කොන්ද කෙලින් වැඩ කරගන්න එකයි පතාලේ හැම තැනම