IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මන්ත්‍රී වලේබොඩගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ)

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීමට ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට පෙළ ගැසෙන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ලිපියක් යොමු කරමින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අද (17)  ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම්වලදී ඒ වෙනුවෙන් පුළුල්ව හඬ නැගීමට ඉදිරිපත් වන ලෙසද  ඔහු එම ලිපියෙන්  ඉල්ලා සිටියේය.

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීම පිවිතුරු අරමුණකින් කරන ප්‍රතිසංස්කරණයක් නොවන බවද වලේබොඩ  මහතා සඳහන් කළේය.

වසර   50 කට අධික කාලයක් තිස්සේ මේ රටේ දරුවන්ට සිය මවුබස වන සිංහලෙන් හෝ දෙමළෙන් නීති විද්‍යාල විභාග සඳහා පෙනී සිටීමේ හැකියාව තිබූ බවත්  නීති ක්ෂේත්‍රය තුළ නිශේධනාත්මක ලක්ෂණ නිර්මාණය වූයේ මවු භාෂාවෙන් නීතිය හැදෑරීම නිසා නොව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය ලැබූ තැනැත්තන් අතට නීති  ක්ෂේත්‍රය පත්වීම සමඟ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා කිරීම නීති ක්ෂේත්‍රයේ හා නීති අධ්‍යාපනයේ ගැටලු විසඳීම වෙනුවට එම ගැටලුව අර්බුදයක් බවට පත් කිරීමට  දරන උත්සාහයක් බවද වලේබොඩ මහතා පෙන්වා දුන්නේය.

නීති අධ්‍යාපනය ඉංග්‍රීසියට සීමා කිරීමෙන් ස්ව  භාෂාවෙන් උගත් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය ජනයාගේ දරුවන්ට නීති අධ්‍යාපනයේ දොර වැසී යැම  අනිවාර්ය බවත්  නීති ක්ෂේත්‍රය ඉංග්‍රීසි උගත් එක්තරා බමුණු කුලයක් අතට පත්කිරීමේ දිගුකාලීන  වැඩවසම් සමාජ ක්‍රමයක්  ඇති කිරීමට පදනම දැමීම එම කූඨ වැඩපිළිවෙළේ තවත් ප්‍රධාන අරමුණ බවත් මන්ත්‍රීවරයා කීවේය.

මිනිසකුගේ උපරිම නිර්මාණාත්මක භාවය නිරාවරණය වන්නේ  මවුබසින් සිතීමෙන්  බවත් ඒ බව තහවුරු කෙරෙන පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගිය දශකය තුළ ප්‍රකාශයට පත්වී ඇති  බවත්  වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

මන්ත්‍රී වලේබොඩගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක්

Lalla Saturday, 18 March 2023 10:14 AM

මවුබසින් ඉගෙනගත්ත අය ඒ සියල්ල අමතක කර සුපිරි සුඛල්ලිකානුයෝගය පරම අවශ්‍යතාව කරගෙන දඟලනවා පේනකොට බමුණු කුලයට ඉහළ වෘත්තීන් සීමාවීම හොඳයි කියලා පේනවා මන්ත්‍රීතුමා. ලොකුම උදාහරණය පාර්ලිමේන්තුව. ඉස්සර පත්වූ ධනපති මන්ත්‍රීලයි පසුකාලීනව ආ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන අයයි අතර වෙනස අද රටම දන්නවා.

:       8       2

sujeewarSaturday, 18 March 2023 05:12 PM

මෙහි කථා කර ඇත්තේ නීතිය ගැනයි. නීතීඥයා යනු වෟත්තීයවේදියෙකි. ඔහු සේවය සපයන්නේ ශ්‍රී ලංකාවට විනා විදේශයකට නොවේ. ඔහුගේ සේවය ලබා ගන්නා ස්වදේශිකයකු බැවින් ඔවුන්ට අවශ්‍ය වන්නේ ස්වභාෂාවයි. අනෙක් අතට නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ... යනුවෙන් මූලධර්මයක් ඇතත් නීතිය දැනගැනීම සඳහා ස්වදේශිකයාට භාෂාව හරස් කරමින් ඇත. ස්වභාෂාවෙන් ඉගෙනීම වළක්වා පසුව නීතිඥයා දන්නේ ඉංග්‍රීසි පමණක් බැවින් පනත්ද ඉංග්‍රීසියෙන් පමණක් සෑහේ යැයි පවසමින් ක්‍රමයෙන් භාෂා තුනෙන්ම නීති පනවන, පනත් පනවන එකත් නවත්වයි. ධනවතුන් තම මුදල්වලින් පිටරටවලින් නීති උපාධි රැගෙන ඉංග්‍රීසි භාෂාව දන්නා නිසා ලෙහෙසියෙන්ම නීතීඥයන් වනු ඇත. අපගේ සාමාන්‍ය බුද්ධිමත් දරුවන්ට එම අයිතිය අහිමි වනු ඇත. එබැවින් අවශ්‍යම නම් පළමුව කල යුත්තේ ඉංග්‍රීසි භාෂාව දක්ෂ ගුරුවරුන් යොදාගනිමින් ගම් දනව් සිසාරා සෑම පාසැලකම ඉගැන්වීමයි. අනතුරුව එලෙස පටන් ගත් වර්ෂයේ පළමු ශ්‍රේණියේ දරුවා උසස් පෙළ විභාගයද ලියා අවසන් වීමෙනුත් තවත් වසර 5 කින් පමණ පසු සියළු වෘත්තීන් වුවද ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වූවාට කම් නැත. සිංහලයාගේ ඉතා ඉහළ මට්ටමක ඇති බුද්ධි පරීක්ෂණ හැකියාව මොට කළයුතු නැත...

:       0       6

sujeewar Saturday, 18 March 2023 10:29 AM

විභාග කරන දරුවන්ට පාඩම් කරන්න විදුලිය දුන්නෙ නැත්නම් මූලික අයිතිවාසිකම් කඩවෙලා නැහැ. විභාග උත්තරපත්‍ර බලන එක පරක්කු කළොත් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා නැහැ. දළදා මාලිගාවේ, ජය ශ්‍රී මහා බෝධියේ, අරන්තලාවේ වෙඩි තියනකොට බෝම්බ පුපුරනකොට බෞද්ධයින්ගේ අයිතිවාසිකම් කඩවෙලා නැහැ. උසස් අධ්‍යාපන නිදහස, ස්වභාෂා නිදහස අහිමි වෙනකොට මූලික අයිතිවාසිකම් කඩවෙලා නැහැ. ඒකනිසා ස්වාධීන නීතිඥවරුවත්, ඊනියා මානව හිතවාදීන්වත් කවුරුවත් කථා කරන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යාපනය නැතිකරන කාලකන්නි ගුරුවිදුලි වගේ කාලකන්නි පාරට බැහැලා පාරවල් අවහිර කරගෙන රටට කෙලවනකොට, කුඩු කාරයින් මංකොල්ලකාරයින් අල්ලනකොට, ජාතික වශයෙන් කිසිම වැදගත්කමක් නැති ප්‍රාදේශීය සභා ඡන්ද අයිතිය ඉල්ලනකොට ඒ ද්‍රෝහීන්ගේ අයිතිවාසිකම් රකින්න හැත්ත බුරුත්තක් ඉන්නවා ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න. කාලකන්නින්ව රකින, අනාගත පරපුර වනසන, අහිංසක බහුතර සාමාන්‍ය ජනතාව අමාරුවේ දාන මාරම සුපිරි මානව හිමිකම් තියෙන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක... එහෙ යුගයක වලේබොඩ මන්ත්‍රී තුමයි, විජේදාස රාජපක්ෂ මැතිතුමායි දරණ උත්සාහයට උපහාරයක් වේවා...!

:       2       3

සමන් විමල් Saturday, 18 March 2023 10:23 PM

නියම උත්තරයක්

:       0       0

Gunapala k Saturday, 18 March 2023 03:04 PM

ලංකාව ලෝකයට නිරාවරණය වීමට නම් නීතිය පමණක් නොවෙයි, අනෙකුත් විෂයයන් සහ පාඨමාලාද ඉංග්‍රීසිවලින් ඉගැන්වීම කළයුතුයි..

:       3       4

sujeewarSaturday, 18 March 2023 04:55 PM

මිනිසෙකුට තමාගේ රටතුළදී ස්වභාෂාවෙන් ඉගෙන ගැනීමට අයිතියක් තිබිය යුතුයි.. ඔබ කියන කාරණය සිදුවන්නේ ස්වභාෂාවෙන් ඉගෙනගැනීම හෝ නොවීම මත නොව අන්තර්ජාතික භාෂා හැකියාව මතයි. එය සිදුවන්නේ ඉල්ලුම සැපයුම මතයි. මෙහිදී වැදගත් වන්නේ ලෝකයට නිරාවරණය වීමට පෙර ප්‍රාදේශීය ජනයාට තම අධිකරණ කටයුතු තමා දන්නා භාෂාවකින් සිදුකරගත හැකි වීමයි. අවම වශයෙන් තමාගේ ස්ව අදහස් ප්‍රකාශ කිරීමටත් අධිකරණයේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ කාරණා කියන ආකාරයත් තමාට තේරුම් යා යුතුයි. තෝල්කයන් යොදනවාට වඩා තමාම වටහාගැනීම අතිශයින් වැදගත්.. ප්‍රවෘත්තියේ ඇති ආකාරයටම වඩාත් නිර්මාණශීලී වන්නේ තම චින්තනය තම භාෂාවෙන්ම ප්‍රකාශකිරීම හා තම භාෂාවෙන්ම තේරුම් ගැනීමයි.. ස්වභාෂිකයෝ තම රට තුළද, විදේශ භාෂා හැකියාව ඇත්තෝ විදේශ රටවලදීද තම හැකියාවන් ප්‍රදර්ශණය කරනු ඇත. මෙහි ඇත්තේ ඉංග්‍රීසි ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. භාෂා තුනෙන් තම මනාපය තෝරාගැනීමට අයිතියක් දීම පමණි. එසේ නොවුණහොත් දක්ෂ චින්තනයක් ඇති ශ්‍රී ලාංකික දරුවන් අධෛර්යමත් වී, චින්තන ශක්තිය මොට භාෂාව පමණක් දන්නා අය රජවනු ඇත.

:       1       4

LallaSaturday, 18 March 2023 10:12 PM

ජීවිතය පවත්වාගෙන යාම සියල්ලටම වඩා වැදගත්. පාරවල් ගානේ උද්ඝෝෂණ පෙලපාලි යන්නේ ජීවිතය පවත්වාගෙන යාම බැරිකමට. රාජ්‍ය සේවය හැර අන් සියල්ල පිටුපස ඉංග්‍රීසි හැකියාව හොල්මන් කරනවා. තිත්ත ඇත්ත. සිංහල පමණයි කියල තරුණ පරපුර නොමග නොයවන ලෙස ඉල්ලා සිටිමු....

:       0       0

sujeewarSaturday, 18 March 2023 04:57 PM

ලෝකෙට පරකාසේ වුවත්, ගෙදරට මරගාතේ නම් නිරාවරණය ඵුස්සක් පමණි...

:       1       3

Kapila Saturday, 18 March 2023 08:49 PM

ඔය කීවාට 134 දෙනා අත උස්සන්න ලොක්කා කියන දේට.... ලොක්කාගේ මව් බස ඉංග්‍රීසි. එකයි මේ වෙනස කරන්න යන්නේ. ඕකට සජිත් ගේ අයත් පක්ෂයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 47 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 37 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1706 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 510 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 824 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 246 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site