IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි.

යෝජනාව පිළිබඳ විවාදයේදී  මන්ත්‍රීවරු සිවු  දෙනෙක් අදහස් දැක්වූහ.

විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබුවේ  අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය විසිනි.

අමරසූරිය මහත්මිය මෙසේද පැවසුවාය

මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත්  ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර  අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා.  යෝජනාවට අපේ කණ්ඩායම  උපරිම සහාය  දෙනවා.



අදහස් (8)

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි

Asela Friday, 07 February 2025 05:48 PM

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිව සිටියදී පාර්ලිමේන්තුවට වැදගත් පනත් බොහෝමයක් යෝජනා කළ අතර අවම වශයෙන් මසකට පනත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. AKD ගේ නායකත්වයෙන් යුත් මෙම පාලනයට අවම වශයෙන් පක්ෂ සාමාජිකයින් 169 ක් හෝ 2/3 බහුතරයක් සහිත කිසිඳු වැදගත් පනතක් ගෙන ඒමට නොහැකි විය. අඩුම තරමේ අගමැතිට විශ්‍රාම වැටුපවත් අයින් කරන පනත පාර්ලිමේන්තුවට ගේන්න රවීට සිද්ධ වුණා. කතා කරනවා විතරයි ක්‍රියා නෑ. ඔහ්, මට අමතක වුණා, ඔවුන් හඳුන්වන්නේ කයියනායක කියලා, ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.

:       52       32

අරවින්ද මොනරවිල Friday, 07 February 2025 07:35 PM

අනිවාර්යයෙන්ම, රටේ සම්පත් විකුණන හොරුන්ට වැදගත් රට විනාශ කරන යෝජනා අඩුවක් නැතිව කඩිනමින් ගෙනැල්ලා සම්මත කර ගත්තා සීයා.

:       10       33

ShanFriday, 07 February 2025 09:07 PM

රනිල් පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ බෙදාගත් ජනාධිපති අරමුදල් අවභාවිත කර, මත්පැන් බලපත්‍ර තොගයක් නිකුත් කර, නැවත මුදල් අවභාවිත කළේ, එම අපයෝජකයන්ට තම දේපළ හානි ඉල්ලා ගැනීමට ටොන් ගණන් මුදල් ලබා දෙමිනි.

:       7       14

asa Friday, 07 February 2025 06:37 PM

රවි කියන්නේ හොර වැඩ කරන කෙනෙක්. කොහොමත් මේක කරන බව දැනගෙන ඉස්සර වෙලා. අපි මේ වෙනස ගැන සතුටු වෙනවා. මේ වෙන දේවල් එක්ක.

:       2       35

Nimal Friday, 07 February 2025 07:06 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් අහෝසි කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව JVP/ මාලිමා ආණ්ඩුවේ ජනප්‍රිය සටන් පාඨයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප යනු ඉතාම අඩු මුදලකි. වර්තමාන ජීවන තත්වයන් මත මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුවේ. එසේ නොවුණහොත් මන්ත්‍රීවරුන් දූෂිත (ඍජු හෝ වක්‍ර) මුදල් ඉපැයීම්වල නිරතවීම වැළැක්විය නොහැකිය. දේශපාලකයාත් වෙනත් පුද්ගලයකු මෙන් සේවයක් කරයි. එමනිසා එම පුද්ගලයා දේශපාලන දිවියෙන් සමුගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැති නම් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවත් වන්නේ කෙසේද යන්න ගැටළුවකි. රවී කරුණානායක දශක 2කට වැඩි කලක් පාර්ලිමේන්තුවේ සිටි කෙනෙකි. ඔහුට ව්‍යාපාර තිබේ ඔහුට ආදායම් තිබේ. සහ ඔහුට දූෂිත ගනුදෙනු පිළිබඳවද චෝදනා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රායෝගික නොවන හුදු ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් පාර්ලිමේන්තුවේදී සම්මත ඇති බවක් පෙනෙන්නට ඇත...

:       27       10

යෝගා Friday, 07 February 2025 07:33 PM

ඒ පනත ගෙනාවේත් විපක්‍ෂයෙන්. ජෙප්පන්ට කරන්න පුළුවන් මොනවද? ගෙවල් ගිනි තබන එකද?

:       34       18

de silva berlin Friday, 07 February 2025 07:42 PM

ඡන්දෙට කලින් දැක්වූ අදහස් අනුව, හරි නම් මේ යෝජනාව එන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන්, විශ්‍රාම වැටුප අහෝසි කළාට කමක් නැහැ නමුත් සේවය කරන කාලයේ වැටුපට අදාල EPF /ETF එක මන්ත්‍රීලාට ගෙවන එක සාධාරණයි...

:       5       19

සුසි Friday, 07 February 2025 10:11 PM

ජනාධිපති අරමුදල මුදල් කොල්ල කාපු මුන්ට මොන විශාම වැටුප්ද

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 351 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න
2025 පෙබරවාරි මස 07 206 0

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.


මන්නාරම සුළං බලාගාරය ටෙන්ඩරෙන් පිට?
2025 පෙබරවාරි මස 07 1059 3

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග


ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි
2025 පෙබරවාරි මස 07 1203 2

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.


වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්
2025 පෙබරවාරි මස 07 61 0

වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්


දුම්රිය දමා පළාගිය රියදුරුගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 07 2134 0

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 19 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 104 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 826 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site