(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට ලැබෙන වෛද්‍ය රක්ෂණ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි. එම මුදල ලක්ෂ දහයක් දක්වා වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇත.
සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය වෙනුවෙන් මූලික මුදල ලෙස රුපියල් අසූ දහසක මුදලක් වැය කරනු ලබන අතර වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10 කිරීමට නම් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම තවත් රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රජය අමතරව වැය කළ යුතු බව සඳහන් වේ.
කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම රටේ ආර්ථික තත්වය හේතුවෙන් තවත් මාස කීපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ පූර්ණ එකඟත්වය පළවී ඇත.
යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කිරීමටද එහිදී වැඩිදුරටත් තීරණය කෙරිණ.
මන්ත්‍රීවරයකුගේ රියැදුරකුට දැනට ලැබෙන්නේ රුපියල් 35,000 පමණ මූලික වැටුපකි. මෙම වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් වැටුප තවත් රුපියල් දහදාහකින් පමණ වැඩි කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රී සැප ’’ තව වැඩි කරගන්න යයි
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 10 September 2022 08:49 AM
සියලු සැප දේශපාලකයන්ට තිබුණොත් ඇති.ජනතාවට කන්න බොන්න නැති වුණත්,හෙණ හත වැදිලා වැලේ වැල් නැතිවුනත් කමක් නැහැ.මේ රටේ වගේ තක්කඩි දේශපාලුවන් ලෝකයේ කොහේවත් නැතිව ඇති.
UPALISaturday, 10 September 2022 12:28 PM
මේ වගේ ආත්මාර්ථකාමී තමන් ගැන විතරක් හිතන කාලකන්නි මහජනතාවක් ඉන්න රටක උන්ට මෙහෙම කෙළ වෙලා වැඩි
C.K.Lankaputhra Saturday, 10 September 2022 09:05 AM
ලංකාවේ ආර්තික තත්වය මොකා මොනවා කීවත් රාජපක්සවරුන් ඉතාම ඉහල තත්යවකට පත් කරලයි තියෙන්නෙ. එහෙවු එකේ මම නම් හිතන්නේ මැති ඇමතිවරුන්ගේ පවුල්වල ලොකු කුඩා බේදයකින් තොරව සියලුම සාමාජිකයන්ට තමන්ගේ පුද්ගලික වියදම් සඳහා අවමය රුපියල් ලක්ශ දහය බැගින් ගෙවීම කාලෝචිත බව මගේ හැඟීමයි. මේ ඊට වඩාත් සුදුසුම කාලයයි. රටේ ජනතාවද ඊට එක හෙලාම එකඟ වන බව මම විශ්වාස කරමි. ජනාධිපති රනිල් රාජපක්ස මහතාගේ කාරුණික අවධානය පිනිසයි.
Perera Saturday, 10 September 2022 09:22 AM
රක්ෂණය කරන්න නම් වටිනා නල්ල මලේ ජාතික සම්පත් මුන්
ravin Saturday, 10 September 2022 10:14 AM
මෙරට ජීවත් විය යුත්තේ එක කොටසක් පමණද?
ලංකාපුත්‍ර Saturday, 10 September 2022 10:22 AM
මන්ත්‍රීලාගේ රියදුරු මූලික වැටුප 35000 යි.අමතරව දීමනා කොපමණද කියලා පෙන්වා නැහැ ඒවා සමග 50000 ක් විතර වේවි .ඒවාට අමතරව මංත්‍රී සමග ගමනාගමනය වෙනුවෙන් සීමාවකින් තොරව ගමන් වියදම් දීමනා හා අතිකාල දීමනා ලැබෙනවා එතකොට ලක්ෂයකට ආසන්න වෙන්න පුළුවන් මංත්‍රී සමග යනවිට කෑම බීමට වියදම් නැහැ එහෙම තියෙද්දි මේ හිගන රටේ දරුවො මන්දපෝෂණයෙන් පෙලෙනවා කියලා ලෝකයේ විවිධ සංවිධාන කියනවා.ඉතින් තව තවත් තමුන්ගෙ එකාලටම බෙදාගනිල්ලා.
Bamunuarachchi Saturday, 10 September 2022 10:59 AM
ජෙප්පෝ කුරුට්ටෝ මීක් නැහැ නේද?
podiaarachchiSaturday, 10 September 2022 01:26 PM
ඔය තද වෙලා තියන හිසේ ඇම්මට දොස්තර කෙනෙක් හමුවෙලා බෙහෙතක් ගත්තානම් නේද හොඳ
BamunuarachchiSaturday, 10 September 2022 02:20 PM
ඇම්මට බෙහෙත් අරන් වැඩක් නැහැ බොල මර් සීඩීස් බෙන්ස් එකක් ලැබුනොත් මිසක්. එහෙමයි කොන්දේ ඇම්ම තිබුන මිනිස්සු කර ගත්තේ? බදු ගැහැව්වම කෑගහපු ජෙප්පෝ ටික රක්ෂණය වැඩි කරනකොට මීක් නැහැ. දන්නවා ඇති අනාගතේදී කන්න වෙන බව.
මංගොනෝනාSaturday, 10 September 2022 04:44 PM
පොඩිආරච්ච් උඹට මොන්ගල්ද ඩාලිං. මෙම සියලු දීමනා ජෙප්පොන්ගෙ අයටත් ලැබෙනවා. නැහැ කියනවානම් ජෙප්පන්ගෙ කුලාල් කාන්ත මංත්‍රී කෙනෙක් නොවීත් රජයට අයත් මංත්‍රී නිවසක ඉන්නෙ කොහොමද කියන්න බලන්න. උන්දැලා මංත්‍රී වැටුප් ගන්නෙ නැහැ කියනවා. එහෙනම් ඒවා ආපසු භාණ්ඩාගාරයට යන්න ඕන. එහෙම යන්නෙ නැහැ. ඒවා පක්ෂයේ අරමුදලට යනවා කියන්නෙ ගන්නවා තමයි. ඊයේ එකෙක් (ජෙප්පෙක් නොවෙයි )කිව්වා ඌ වැටුප් ගන්නෙ නොගත්තොත් මංත්‍රී තනතුරු දරණ නැතිබැරී එවුන්ට අසාධාරණයක් වෙන නිසා කියලා .බලමුකෝ ජෙප්පො රජයක් පිහිටෙව්වොත් වැටුප් දීමනා ඉන්ධන වාහන බලපත්‍ර නොගනීද කියලා .ජෙප්පො කුරුට්ටො ඇතුළු ඔක්කොමලා හොරු ඩාලිං එකෙකුට වත් ගොට්ට අල්ලන්න එපා බං.
Chandana Saturday, 10 September 2022 11:18 AM
මෙමැනි දෙවල් දැන දැනත් මුන්ට කඩේ යන එවුන් තවමත් ඉන්නවා දෙයියනේ
Santhu Saturday, 10 September 2022 11:48 AM
රටේ අහිංසක දුප්පත් මහඡතාව කී ලක්ෂයක් ඉන්නවද? ඇයි දෙයියනේ මේ ? වැඩි කලක්ද? මාස 4ක් 5ක් වගෙ ඉතාම සුළු කාලයකට කලින් උන දේ අමතක උන ගානට කොහොමද මෙහෙම කරන්නෙ. ඇත්තටම මේ වෙලාවට තමා හිතෙන්නේ, ලෝකයේ ධර්මය කියල දෙයක් ඇත්තටම තියෙනවද කියල. (සමා වෙන්න මෙහෙම කියනවට. ඒත් මේ වෙන දේවල් පේන කොට එහෙම නොහිතෙනවද)
ganegoda Saturday, 10 September 2022 12:05 PM
සැප වැඩි කරගන්නවා වගේ නෙමෙයි සැප වමාරන්න වෙනකොට
Asela Saturday, 10 September 2022 01:02 PM
මුන්ට මේ වගේ සැප වැඩිකරන එක IMF එකට පෙනෙන්නේ නැත්ද. උන්ටත් පේන්නේ අහිංසක ජනතාවට බර පටවන්නේ කොහොමද කියලා. මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට අනිකුත් දීමනා සමග ලක්ශයකට වැඩිය ලැබෙනවා. සදහන් කරලා තියෙන්නේ මූලික වැටුප ගැන විතරයි. අනිත්වා ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් වලින් නෙමෙයිද.
[email protected] Saturday, 10 September 2022 01:25 PM
69 ක් බයියෝ තාම බලන් ඉන්නේ නාමල් බේබි ඇවිත් කරනකම්
[email protected] Saturday, 10 September 2022 01:26 PM
බයියොන්ට කන්නවත් නෑ
BamunuarachchiSunday, 11 September 2022 08:10 AM
බයියන්නට කන්නවත් නැතිනම් ගෝ...යියන්ටයි ටෝයියන්ටයි ලෙවකන්නවත් නැහැ..
maheshmenaka Saturday, 10 September 2022 01:27 PM
කරන කලට පව් සැප වුනාට විඳිනකොට රිදෙයි
රන්ජිත් දිසානායක Saturday, 10 September 2022 01:34 PM
. සාපි දොස්තරට කියල 225 දෙනාගෙම ගෑනුටික සිසේරින් සැත්කම කරවගත්තනම් දැනට ඉන්න උන්ගෙන් ළමයි පාරිමේනතුවට එන එක නවත්තගන්න පුලුවන්. ඒ නිසා වැඩිපුර දීලා හරි කමක් නෑ ඒ වැඩේ ගැන බලමු
ලුම්බිණි Saturday, 10 September 2022 01:39 PM
පුදුමය නම් තවමත් මේ රටේ මිනිසුන් මෙවුන්ට කැමැත්තෙන් ඉන්න එකයි.
පැරකුම් Saturday, 10 September 2022 01:43 PM
ජෙප්පො පෙරෙට්ටො අත් දෙකම උස්සල චන්දෙ දෙයි.
උපාසක Saturday, 10 September 2022 01:51 PM
කකුළුවා දිය කෙලියේ සිටින්නේ මුට්ටියේ වතුර රත්වෙන තුරු පමණයි කියලා මතක් කරන්න ඕනෑ...
Kumara Saturday, 10 September 2022 02:00 PM
ගනිල්ලා ඇමැතිකම්... නුඹලාගේ දරුවන්ට තමයි ගෙවන්න වෙන්නේ... ආසයිනේ..
විපරමා Saturday, 10 September 2022 02:05 PM
දූෂිත දේශපාලුවන්ට සැප ගන්න කියලා හිතාගෙන ඇති ජනතාව ඡන්දෙ දුන්නේ... එන්නේ නම් ජනතා නියෝජිතයින් ජනතාවට සේවය කරන කරන්න කියලා. බලයට ආවාට පස්සේ දූෂිත දේශපාලුවන්ට මොකවත් මතක නැහැ.
chandima Saturday, 10 September 2022 03:29 PM
ඒ කියන්නේ IMF සල්ලි දැන්ම බෙදාගන්න පටන් අරන් වගේ...!
විජේ Saturday, 10 September 2022 04:28 PM
ඕක කාගෙ යෝජනාවක්ද කියලා නම්, ගම් එක්කම කිව්වනං තමයි හොද අපිටත් දැනගන්න.
Mahi Sunday, 11 September 2022 12:16 AM
ලක්ෂ 100 ම කරගත්තා නම් ඉවරයි දැන්මම..
Santhu Sunday, 11 September 2022 11:01 AM
ජෙප්පො කවද්ද රජයක් පිහිටුවන්නේ? මෙපමණ කාලයකට බැරි වුණු දෙයක් දැන් කොහේ ලැබෙනවාද? ජෙප්පො, කුරුට්ටෝ කරන්නේ රට විනාශ කරන එක. රට ඉහළට යාගෙන එද්දී කකුලෙන් ඇදලා වට්ටනවා. ඒ තමයි ඒ අයගේ කුහක ප්‍රතිපත්තිය. ඒ තරම් තිරිසන්නු... පාර්ලිමේන්තුවට එන හැම වාරයකදීම මොනවා හරි අටමඟලයක් අරන් කෑගහනවා. එකතුව වැඩ කරන්න ඔය 6 දෙනාටම හිත නැහැ. සඡබටත් ඒ ගති ඇති වේගෙන එනවා දැන්... ඔය සේරම ඉවරයි 69 ලක්ෂය පාරට ආ දාට.. ජෙප්පො, කුරුට්ටො, සඡබයට විරුද්ධව...
Jinendra welihena Sunday, 11 September 2022 11:19 AM
නිවන් සැප ළංවෙයි යමපල්ලන්ට..!
fairoos Sunday, 11 September 2022 04:43 PM
නන්දසේන එළෙව්වා වගේ සෙට් එකම එළවන්න ඕනෑ. අරගලයට ජයවේවා..!
මෝ Sunday, 11 September 2022 11:07 PM
රටේ සෞඛ්‍යය නොමිලේ නේද? මොවුන්ට පෝලිමේ ඉන්නේ නැතිව බේත්ගන්න ඉඩ දුන්නාම හොඳටම ඇති... කජු ඇටද, කොස් ඇටද මේ විදියට වියදම් කරන්නේ. හරියට බැලුවොත් රටේ මුලු ආදායමම මොවුන්ට වියදම් වෙනවා. රට ඉතුරු වුණා ඇති මෙහෙමවත්...
Demuni Uduwara Monday, 12 September 2022 05:23 AM
ස්වයං සේවාව...!