(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම තොඩුවාව මාර්ගයට නිවෙස් වලින් බැහැර කරන සියලුම අපද්‍රව්‍ය දැමීමෙන් එහි කඩොලාන පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් තිබීම පිළිබදව මාධ්‍ය පළ කළ තොරතුරු වලින් පසුව පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභාව එම කැලි කසල හා අනිකුත් දෑ ඉවත් කර විනාශ කිරිමට අද (25) සිට කටයුතු ආරම්භ කර තිබේ.
මුන්දලම මදුරන්කුලිය තොඩුවාව ප්‍රධාන මාර්ගයේ සුවිශේෂ කඩොලාන පරිසරයට ජනතාව කසල බැහැර කිරිම පිළිබඳව ලංකාදීප ‘සේයා රූ වැට‘ පසුගිය 23 දින වාර්තා කිරිමත් සමඟ අද(25) නිසි බළධාරින්ගේ අවධානයට එය ලක් විණි.
මේ පිළිබදව සොයා බලා ගත යුතු ක්‍රියා මාර්ග ගැන සොයා බැලිමට එම ස්ථානයට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා සමඟ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක හා පුත්තලම ප්‍රාදේශීය සභාවේ ලේකම් ශමිලා සුරංගී මාරසිංහ යන මහත්ම මහත්මින් මාධ්‍යට පවසා සිටියේ ජනතාවගේ නොහික්මුණු ආකල්ප තමන්ට වෙනස් කිරිමට නොහැකි වුවත් තම ආයතන වලින් සිදුවු අඩුපාඩුව සකසා මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවයි.
තොඩුවාව කඩොලාන පරිසරය පැරණි හැමිල්ටන් ඇළ පුත්තලම දිවෙන මාර්ගය දෙපස පිහිටා ඇති අතර මෙම පරිසර පද්ධතිය ජෛව විවිධත්වයෙන් පිරි සුන්දර පරිසර රටාවක් ද වෙයි. මෙම කැලි කසල ඇතුළු නොදිරන දෑ හා අනිකුත් විනාශකාරි අපද්‍රව්‍ය ජනතාව බැහැර කිරිමත් සමඟ මේ පරිසර පද්ධතියෙන් ජීවිකාව සකසා ගන්නා ධීවරයින්ද ගැටලු රැසකට මුහුණ දි තිබේ .
කෙසේ වෙතත් පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභා එකතුවෙන් දිගින් දිගටම මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමට අදාල බළධාරින් කඩිනම් අවධානය යොමු විම ඉතා වැදගත්ය .
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේද
ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාර
ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද(20) වන දා පාර්ලිමේන්තුවේ පිහිටි වි
ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් ’’ ස්විස් කුමාර්’’ නැමැත්තා
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට අදාළව මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බ
ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශන වලින් හෙලිවන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මුන්දලම තොඩුවාව කඩොලාන පරිසරය පිරිසිදු කිරීම අරඹයි
kamal Tuesday, 25 August 2020 10:01 AM
මේවා මාධ්‍ය සංදර්ශන... ඉස්සෙල්ලම කරන්න ඕනේ කසල බැහැර කිරීමට මිනිසුන්ට ක්‍රමවේදයක් හදලා දීමයි. දැන් මෙතනට දාන්න බැරි කුණු ටික වෙන කොතැනකට හරි දාන්න එපෑයෑ..
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 August 2020 12:55 PM
මේ සත් ක්‍රියාවට සම්බන්ධ වී කටයුතු කරන සියලුම දෙනාට ස්තුතියි. මාධ්‍ය තුළින් පෙන්නන කම් නොසිට තම ප්‍රදේශවල තිබෙන මෙවැනි දේ වලට කලට වේලාවට නිසි පිළියම් යොදා එම ප්‍රශ්න විසඳා පරිසරය රැකගැනීම සියලු පළාත් පාලන ආයතනවල වගකීමක්. රජයක් හැටියට මීට වඩා මේ ප්‍රශ්නය දෙස බලා වැරදි කරන්නන් හුරතල් නොකොට පරිසරයට මෙසේ කුණු දමා පරිසරය වනසන්නන් හට නිසි දඬුවම් නීති මගින් ලබාදීම කළ යුතුමයි. දඬුවම නැති තැන මේ රටේ මිනිසා කවදාවත් හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ. ඒ නිසා ඉක්මනින්ම පරිසරය වනසන්ට නිසි දඬුවම් නීති මගින් ලබා දිය යුතුමයි.