IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මෙන්න ගුරු දෙවියෙක්

(කාංචන කුමාර ආරියදාස)

මුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයිතීන් වෙනුවෙන් නැවතී තිබෙන මොහොතකක කිසිදු වරප්‍රසාදයකින් තොරව  තම දරුවන් වෙනුවෙන් අකුරුකරවන ගුරුවරයකු විල්ගමුව හිඹිලයාකඩ ප්‍රාථමික පාසලෙදී අපට හමුවිය. 

මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටා ඇති විල්ගමුව හිඹිලියාකඩ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන් හය දෙනාට නොකඩවා අදටත් පාසලේ පන්තිය පවත්වාගෙන යන බව මවුපියෝ පවසති.

මෙම විද්‍යාලයේ සම්පූර්ණ දරුවන් ගණන 22කි. එයින් පස්වන ශ්‍රේණියේ එනම් මෙවර ශිෂ්ශත‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් හත් දෙනෙකි .එයින් හයදෙනෙක්  දිනපතා පාසල් පැමිණෙනෙති. පන්තිභාර ගුරු ගුරුවරයා බවට පත්ව ඇත්තේ පාසලේ සිට කිලෝ කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පදිංචිව සිටින වසන්ත ඒකනායක නම් වූ ගුරුවරයා ය.

තවම විද්‍යාලයේ දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම් සඳහා මෙම ගුරුවරයා දැඩි කැප කැපකිරීමක් කරන බවත් මුළු ලංකාවේම පාසල් පද්ධතිය වසා දමා තිබෙන මොහොතක ගුරුවරුන් තම  වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය පවා නවතා ඇති මොහොතක වසන්ත ඒකනායක ගුරුවරයා කිසිඳු අයකිරීමකින් තොරව අඩුම තරමේ ආහාර වේල්ක හෝ ලබා නොගෙන තම පෞද්ගලික වියදමින් දුරු බැහැර ගෙවා දිනක් හැර දිනක් පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කරන බව දරුවන්ගේ මවුපියෝ පවසති.



අදහස් (23)

මෙන්න ගුරු දෙවියෙක්

Pradeep Sunday, 25 July 2021 08:34 AM

ගුරු හොරු අතර වූ සැබෑ ගුරු දෙවියෙක්..

:       15       176

Kumara Sunday, 25 July 2021 09:13 AM

මෙහෙම දැම්මොත් දැන් අනිවාර්යයෙන්ම මේ ගුරුවරයාට බලපෑම් එයි. මේ වැඩ නවත්වන්න කියලා. සමහර විට තර්ජන පවා.

:       3       122

Thilina Sunday, 25 July 2021 09:31 AM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ගුරු දෙවියෙක්... මුළුරටම වසංගතයක් එක්ක පොර බදන වෙලාවේ රටේ ආර්ථිකය අඩියටම වැටිලා තියෙන වෙලාවක තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කියලා වර්ජනය කරන ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක සැබැවින්ම ඔහු ගුරු දෙවියෙක්...

:       3       267

W.p. AlwisSunday, 25 July 2021 03:43 PM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා ගුරු දෙවියෙක්... තෙරුවන් සරණයි..!!!

:       2       62

නිදහස් අධ්‍යාපනය බිල්ලා සහ ජවිපෙ තක්කඩි දේශපාලනය Sunday, 25 July 2021 09:45 AM

ස්ටාලින්, අනුර කුමාර දිසානායක සහ බත් බැලයන් හැමදාම කරේ අල්ලගන්න ලේසිම අධ්‍යාපනය කරන සිසුන්, ගුරුවරුන් අල්ලාගෙන තෙල් බෙදලා මහපොළවේ ප්‍රායෝගික නොවන දේවල් පෙන්නලා මිනිස්සු අවුස්සපු එක. 88-89 සිසුන් දහස් ගණනක් මියගියා. දැන් ආයෙත් පටන් අරගෙන. මේ අය අපේ ජීවිතත් කාලකන්නි කරලා, අපේ දරුවන්ගේ ජීවිතත් කාලකන්නි කරන්නයි හදන්නේ... සරසවි සිසුන් කැට හොල්ලලා දෙන සල්ලි වලින් යැපෙන මේ අයට තියෙන්නේ පහේ පන්තියේ තියෙන දේශපාලන වෛරය විතරයි.

:       106       514

RaveendraSunday, 25 July 2021 04:33 PM

ඔබගේ අදහස්වලට අප හදවතින්ම එකඟ වන්නෙමු. ඔබ සඳහන් කළ "ඒ එකෙකුගෙන්වත්" තමන්ගෙන් තම උපන් රටට වියයුතු යුතුකම් ඉෂ්ඨකලේද යන්න විමසුවොත් හිතට එකඟ ලැබෙන පිළිතුර නම් නැත යන්නයි. අනුර කුමාර ප්‍රමුඛ රතු හැට්ටකාරයින්ගේ දරුවන් ඉගෙන ගන්නේ කොහේද? ඇයි ලංකාවේ ඉන්නවා නම් අනුරගේ උද්ඝෝෂණවලට එ් දරුවන් නොඑන්නේ? වෙනරටක ඉගෙනගන්නවා නම් කොහොමද වියදම් දරන්නේ? තමන්ගේ ඇම්බැට්ටයන්ට සමාජවාදය වපුරමින් මේ අය සැප විඳිනවා නොවේද? අවාසනාවකට අන්තරේ ඉන්න මෝඩ තකතීරු අන්දරේලාට පෙනෙන්නේ සමාජවාදයේ දෙවියන් ලෙසය.

:       58       530

aseSunday, 25 July 2021 05:35 PM

මේ ප්‍රශ්නය එක පැත්තට බැලීම වැරැදියි... මතක නැද්ද පාසල්වල සිටිය දරුවන් කොරෝනා කියා කලබල කර පාසල්වලින් ගෙනයා හැටි? නෑනේ සිංහලයාට සුමාන 2යි නේ? අර කාගෙද තොප්පිය වගේ, ඇට නැති දිව වගේ වෙන්න එපා.. ඒ නිසාම නේද අපේ රටට අපිට මේ අහේනිය...!!! 

:       9       84

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 25 July 2021 09:47 AM

" වර්ජන රැල්ල පෙන්වයි තම සුපිරි බලේ .. දරදඬු රජය පෙන්වයි තම නියම මොළේ .. දෙපසින් තැලෙන සිසු දරුවන් රැඳෙයි දැලේ .. පින්වත් ගුරු දෙවිඳු මෙය අවබෝධ කළේ .. "

:       12       168

Kuma Sunday, 25 July 2021 09:48 AM

ජෝසප් ස්ටාර්ලින්ව ඔය පන්තියට සහභාගි කරවන්න කුමා...

:       48       128

jagath Sunday, 25 July 2021 09:54 AM

හරිම ආදර්ශවත් සද්ක්‍රියාවක්... මෙවන් ගුරු දෙවියන් මුලු ලංකාව වටේම බිහිවේවා..!!!

:       4       38

Raveendra Sunday, 25 July 2021 10:56 AM

පළමුව අප ලංකා මාතාවගේ දරුපැටවුන්ගේ ඇස් පෑදීමට ලාභ ප්‍රයෝජන පිළිබඳව නොතකා තම වටිනා සේවය ලබාදෙන මෙම "ගුරුතුමාට" යහපතක්ම වේවා යන්න අපගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. එලෙසම මෙම ගුරුතුමා තම සහෝදර ගුරු ප්‍රජාවටම මේ කරන්නේ අතිමහත් නිග්‍රහයකි, නිගාවකි, අවමානයකි. මක්නිසාදයත් මෙම ගුරුතුමා තම දුෂ්කර සේවය කරමින් මහජනතාවගේ මුදලින් වැටුප් ලබන අතර අනෙකුත් ගුරුවරු සේවය නොකර නිකන් මහජන මුදලින් වැටුප ලබාගන්නා බැවිනි. මෙම අදහස් පිනට පඩි ලබාගන්න "ස්ටාලින් බොබිලා ඇතුළු සියලුම වෘත්තීය සමිති නායකයින්ට මෙන්ම අනෙකුත් පින් මාමලාට නැන්දලාටද කියවීමට හැකි වේවා...!!!

:       7       223

Asanga Sunday, 25 July 2021 11:27 AM

තෙරුවන් සරණයි... ඔබතුමාට...!!!

:       355       707

අප්පුහාමි Sunday, 25 July 2021 12:01 PM

පාසල් දරු දැරියන්, ගුරු භවතුන් අමතන්නේ මිස් නැත්නම් සර් කියලා... එම ඇමතීමට වඩා ගුරු දේව හා ගුරු දේවි කියලා අමතනවා නම් කොපමණ ලස්සනද මෙතුමාට සකල සෞභාග්‍යය උදාවේවා...!!!

:       280       273

මැඩියාSunday, 25 July 2021 02:17 PM

පන්සලකට යන්න බෑ සුදු අඳින්නේ නැතුව. හැබැයි කරන්න ඕන වැඩ ඔක්කොම කරල සුදු ඇඳන් ගියාම ඔක්කොම හරි ශ්‍රද්ධාව, භක්තිය මුකුත් නෑ. අන්න ඒ වගේ තමයි ලස්සන නමක් දානවා එච්චරයි. ගරු කරන්න... ඒ ඇති ඒ මිනිස්සුන්ට... අනේ මන්දා...!

:       84       111

SamanSunday, 25 July 2021 05:36 PM

කොහෙන් හිනා වෙන්නද මන්දා මේවට..?

:       0       46

අප්පුහාමි Sunday, 25 July 2021 06:59 PM

1994 දි ගුරු සේවය ආරම්භ කිරීමට පෙර විදුහල් පති මුල්ගුරු ලෙසත් ,අනෙක් ගුරුවරු උපගුරු ලෙසටත් හැදින්නුවා. ඒකාලේ ඇනුම්පද කියපු එවුන් මුල්ගුරු යන්නට මුගුරා කියලත්, උපගුරුන්ට උගුරා කියල කිව්වාලු. ගුරුසේවය ආරම්භ කල අවස්ථාවේ මෙම තනතුරු අහෝසි කලත් ,දැනටත් ගුරුවරු තමාගේ තනතුරු හදුන්වන්නෙ උපගුරු කියලා .එහෙම දැනීමක් නැති අය කෙසේ හදුන්වා දෙමුද .මම කිව්වෙ පසුගිය දිනක නායක හිමිනමක් කල කතාවක් ඇසුරින් මගේ අදහස ඉදිරිපත් කිරීමක්

:       0       0

C.K..Lankaputhra. Sunday, 25 July 2021 01:21 PM

මෙහෙම ගුරු දෙවිවරුන් දැක්කම අවංකවම සංතෝෂ වෙන්නේ දෙමව්පියන්. හැබැයි වඩාත්ම සංතෝෂ වෙන්නේ ආණ්ඩු කරන දේශපාලකයින්. ඒ ගොල්ලන් හිතන්නේ මේ වගේ හරක් ටිකක් බෝකර ගත්තොත් කිසි කරදරයක් නැතුව අපි ගොඩම ගොඩනේ කියලා...

:       531       282

gunarathnaSunday, 25 July 2021 08:44 PM

තමුන් ඉගෙන ගත්තෙත් කාගෙන්ද? වැස්සකටවත් පාසලකට නොගිය මිනිහෙක්ද කියලා හිතෙනවා මේ කමෙන්ට් එක දැක්කාම...

:       7       2

W.P.Alwis Sunday, 25 July 2021 03:36 PM

මේ වගේ ගුරු දෙවිවරු අපටත් හිටියා... අපි පුංචි කාලේ. අපි අදටත් පින් දෙනවා ඒ උතුමන්ට...

:       5       69

RaveendraSunday, 25 July 2021 04:21 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. අපට අදටත් ඒ අපගේ කුඩා අවධිය පන්ති බාර ගුරුතුමියගේ ප්‍රයමනාප හිනාව, කරුණාබර කටහඬ තම දරුවන්ට මෙන් අපට දැක්වූ ආදරය... අදටත් අප හිතින් ඒ ගුරුතුමියන්ට වැඳ නමස්කාර කරන්නෝය... එමෙන්ම අප දරුවන්ට එවන් ගුරුතුමියන් හමු නොවීමත් සඳහන් කරන්නේ ඉතාමත්ම කණගාටුවෙන්ය...

:       11       107

විපරමා Sunday, 25 July 2021 06:13 PM

අපේ කාලේ හිටපු ගුරුවරු ගැන අපිට ඇත්තේ ගෞරවයක්. අගනා සේවයක් කෙරුවේ. අද ඉන්නේ ගුරුහොරුන්, ටියුෂන් කාරයින්?

:       0       1

පරවාහැර ජිනරතන හිමි Sunday, 25 July 2021 04:11 PM

උතුම් තුණුරුවනේ ආරක්ෂාවත් වසන්ත ඒකනායක මහතාටත් පවුලේ සියළු දෙනාටත් ලැබේවා... ඒ වගේම ඔබතුමාගේ දරුවන්ටත් ඔබතුමා කළ මෙම සත්ක්‍රියාවේ ආනිශංස ලැබේවා... ඔබතුමාගේ භවගමනටද මෙම කුසලකර්මය අනේක වාරයක් කුසල් රැස් කෙරේවා..!!!

:       19       141

සනත්Sunday, 25 July 2021 06:08 PM

"එසේ මෙසේ කොන්දක් නෙමෙයි තියෙන්නේ... මේ වගේ වෙලාවක මෙහෙම කැප කරන්න. "ඒ වගේම තවත් මෙවැනි ගුරුදෙවිවරු ලංකාවේ අහුමුළුවල ඇති.. එම ගුරුවරුන්ටත් අපි මේ ආකාරයෙන්ම පතමු නේද හාමුදුරුවනේ...?

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1551 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1340 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2098 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2407 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 567 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1143 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35897 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site