(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජලගැලීම් නිමන ජාතික වනෝද්‍යානයේ මහවැලි ගගේ පෞද්ගලික සමාගමක් වැලි කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ සිට අලුයම් කාලය දක්වා විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් වැලි පැටවීම හේතුවෙන් උද්‍යානයේ සැරිසරන වන අලින් මෙන්ම වන සතුන් මහත් පීඩාවට පත්ව ඇති අතර දැඩි පරිසර හානියක් සිදුව ඇති බව පරිසරවේදීහු සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙම සමාගම ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟෙන් වැලි පැටවීම් සිදු කළ බව ප්‍රදේශවාසීහු පවසති
මෙලෙස යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් ඊයේ රාත්‍රී වැලි ටිපර් දහයකට, පහලවකට, පමණ වැලි පටවා ඇති අතර මේ පිළිබඳව 1992 වනජීවී අපරාධ වැටලීම් ඒකකයට දැන්වා සිටියත් පොළොන්නරුවේ වනජීවී නිලධාරීන් පැමිණෙන විට, පෞද්ගලික සමාගමේ නිලධාරීන් යන්ත්‍ර සූත්‍ර දමා ටිපර්වලට වැලි පටවමින් සිටියද ඊට නීතියානුකූල ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද පරිසරවේදීන් කියති.
මෙම චෝදනාව පිළිබඳව අප පොළොන්නරුව වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමේ දී එහි නිලධාරියකු සඳහන් කළේ තමන් ඒ පිළිබඳ සොයා බලන බවත්, ඇතැම් අවස්ථාවලදී තමන්ට ඒ පිළිබඳ පැමිණිලි නොලැබෙන බවයි.
කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින් මනම්පිටිය මහවැලි ගඟ දෙපස ගඟ දෙපස රාත්‍රී කාලයේ වැලි ගොඩ දැමීම, මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර දමා වැලි පැටවීම පිළිබඳ අප එම පෞද්ගලික සමාගමේ කළමනාකාරවරයාගේ දුරකථනයට අවස්ථා කිහිපයක් ලබාගත්තද එය ව්‍යාර්ථ විය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මනම්පිටියේ රැය පහන්වන තුරු ජයටම වැලි ජාවාරම්