IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්‍යාගාරයකදී සිහිසුන්වී රෝහලේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයකදී ආසාත්මිකතාවක් හේතුවෙන්  මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි.

රූපලාවණ්‍යගාරයේ හිමිකරු, සේවිකාවන් තිදෙනෙකු හා මංගල දිනයේ දෙවැනි දිනය වෙනුවෙන් සැරසෙමින් සිටි මනාලියන් දෙදෙනෙකුට හිසරදයක් ඇති වී සිහිසුන් වී ඇතැයි හෙලිවී ඇත.  

විදුලි බලය නොමැති වීම හේතුවෙන් විදුලි උත්පාදක යන්ත්‍රයන ආධාරයෙන් රූපලාවණ්‍යාගාරයේ කටයුතු පවත්වාගෙන යමින් සිටිය දී මෙම සිදුවීම වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. එහි වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මකව තිබී ඇති අතර  විදුලි ජනක යන්ත්‍රය තිබී ඇත්තේද එම සීමාව ඇතුළත බව හෙළිවූ බව පොලිසිය කියයි.

ඇතුළත තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් නිකුත්වූ දුම, වායු සමීකරණය මෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීම හේතුවෙන් ඇති වූ කිසියම් විස සහිත තත්ත්වයක් මෙම ආසාත්මිකතාවයට හේතු වී ඇතැයි සැක කරන බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඔවුනට  කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය වී ඇතැයි සැකකරන බව මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා සඳහන් කළේය.

සේවිකාවන් හිසරදය පවත්නා බව පැවසීමෙන් පසු ඒ ගැන බැලීමට එහි හිමිකරු පැමිණ ඇතැයි ද මනාළියන් ඇතුළු පිරිස රෝහල් ගත කිරීමේ දී එහි හිමිකරු ද අසනීප තත්වයට පත් වීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරන බවත්  මේ පිළිබඳව කළ විමසීමේ දී මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අබයරත්න මහතා සඳහන් කළේ ය.
පොලිසිය සඳහන් කළේ මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු මනාලියන් දෙදෙනාගේ සැරසීම් කටයුතු කිරීමට හැකියාවක් පැවතිය හැකි බවය.  එසේ වුවහොත් අදාල මංගල උත්සව දෙකම කල් දැමීමට සිදුවනු ඇතැයි ද ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.

රෝගාතුර වූවන්  රෝහල්ගත කිරීමෙන්  පසුව ද පොලිසිය හා  සෞඛ්‍ය  නිලධාරීන්ට අදාල ගොඩනැගිල්ලට ඇතුළුවීමට සෑහෙන වේලාවක් ගත විය.

සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසිය හා මීරිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණයක් පවත්වයි.



අදහස් (4)

මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්‍යාගාරයකදී සිහිසුන්වී රෝහලේ

සමීර Friday, 15 January 2021 01:36 PM

හිට්ලර්ගේ කාලේ වාහන හදලා තිබුණා... ඒ වාහනෙන්ම පිටවෙන දුමෙන් මිනිස්සු මරන්න පුළුවන් විදිහට. එතැනදී කරන්නේ සීල් කරපු ඒ ලොරියට මිනිස්සු පටවලා දොරවල් වහල දුම් බටේ මිනිස්සු ඉන්න පෙට්ටිය ඇතුළට ගහලා එන්ජිම පණගන්වනවා. එකේ ඇතුලේ ඉන්න ඔක්කෝම මැරෙනවා. වාහන දුම, ජෙනරේටර් දුම අධික විෂ සහිතයි. ඒ නිසා ගෙවල්, ආයතන, වෙළඳසල් ඇතුලේ කිසිසේත්ම පාවිච්චි නොකළ යුතුයි. ජෙනරේටර් එක පිටතින් තියලා දුම ඇතුළට නොඑන විදිහට භාවිතා කරන්න ඕනෑ...

:       0       45

wasantha Friday, 15 January 2021 02:13 PM

විදුලි බලය ගැනීමට විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරන හැම රටකම මෙය නිතර සිදුවේ. කාබන් මොනොක්සයිඩ් විෂවීම මෙයට හේතුවයි. ජනක යන්ත්‍රය ගෙදරින් පිට එක්තරා දුරකින් තැබීම මෙයට විසඳුමයි. ජීවිත හානියක් නොවීම ගැන සතුටුවන්න.

:       0       44

MD Saturday, 16 January 2021 01:42 AM

වසර කිහිපයකට පෙර නුවරඑළිය ගිය තරුණ ජෝඩු ටිකක් මත්වවතුර බී බාබකියු දාලා ඉවරවෙලා සීතලට ඔරොත්තු දෙන්න ඵක ජෝඩුවක් බාබකියු ප්ලේට් එක අඟුරු සමග කාමරය ඇතුළත තියාගෙන ඉඳලා ඵළිවෙනකන් දන්නේම නැතුව කාමරයේ දුමපිරිලා හුස්ම ගන්න බැරිව මියගියා. කණගාටුයි...

:       0       0

CHULA, KUWAIT Saturday, 16 January 2021 04:52 AM

භූමිතෙල් වලින් මේ ප්‍රශ්නය තවත් බරපතල වෙනවා. භුමිතෙල් දහනයෙන් පිටවන් දුමේ ඉතා විශාල වශයෙන් කාබන් මොනොක්සයිඩ් අඩංගු වෙනවා...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 284 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 172 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 275 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 500 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 404 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 942 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site